පළවෙනි ලේකම් 29:1-30

  • දේවමාලිගාව හදන්න ලැබුණ සම්මාදම් (1-9)

  • දාවිත්ගේ යාච්ඤාව (10-19)

  • සෙනඟ සතුටු වෙයි; සලමොන් රජ වෙයි (20-25)

  • දාවිත්ගේ මරණය (26-30)

29  දාවිත් රජ රැස් වෙලා හිටපු සෙනඟට මෙහෙම කිව්වා. “මේ ගෘහය හදන්න දෙවියන් තෝරගත්ත මගේ පුතා සලමොන්+ තාම තරුණයි. එයාට අද්දැකීමුත් අඩුයි.+ එයාට කරන්න තියෙන්නේ ලොකු වැඩක්. මොකද මේ මාලිගාව* මිනිස්සු වෙනුවෙන් හදන එකක් නෙමෙයි, යෙහෝවා වෙනුවෙන් හදන එකක්.+  මගේ දෙවියන්ගේ ගෘහය හදන්න මට කරන්න පුළුවන් හැම දෙයක්ම මං කළා. ඒකට ඕනෙ කරන රන්, රිදී, තඹ, යකඩ,+ ලී,+ ඔනික්ස් ගල්, කපරාදු කරද්දී බිත්තිවලට අල්ලන්න වටිනා ගල්, විසිතුරු ගල්, හැම වර්ගයකම මැණික් ගල් සහ ඇලබැස්ටර් ගල් විශාල ප්‍රමාණයක් මං ලෑස්ති කරලා තියෙනවා.  මගේ දෙවියන් වෙනුවෙන් ගෘහයක් හදන්න මගේ හිතේ තියෙන ආසාව නිසා+ මට අයිති+ රන් රිදීත් මගේ දෙවියන් වෙනුවෙන් හදන ගෘහයේ වැඩවලට මං දෙනවා. ශුද්ධ ගෘහය හදන්න මං ලෑස්ති කරපු දේවල්වලට අමතරව මං ඒ දේවල් දෙනවා.  ඕෆීර්වලින්+ ගත්ත රත්තරන් තලෙන්ත* 3,000කුයි, පිරිසිදු රිදී තලෙන්ත 7,000කුයි මං දෙනවා. විවිධ කාමරවල තියෙන බිත්ති* ආලේප කරන්න,  රන් සහ රිදීවලින් කරන වැඩවලට, කර්මාන්තකරුවන්ට කරන්න තියෙන හැම වැඩකටම ඒවා පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් යෙහෝවාට තෑග්ගක් දෙන්න අද ඔයාලා අතරින් කැමැත්තෙන්ම ඉදිරිපත් වෙන්නේ කවුද?”+  එතකොට පෙළපත්වල ප්‍රධානීනුයි, ඊශ්‍රායෙල්වරුන්ගේ ගෝත්‍රවල අධිපතීනුයි, දාහේ සහ සීයේ කණ්ඩායම්වල ප්‍රධානීනුයි,+ රජගේ විවිධ වැඩකටයුතු භාරව හිටපු ප්‍රධානීනුයි+ කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා.  එයාලා සැබෑ දෙවියන්ගේ ගෘහය වෙනුවෙන් රන් තලෙන්ත පන්දාහකුයි, දරික්* දහදාහකුයි, රිදී තලෙන්ත දහදාහකුයි, තඹ තලෙන්ත දහඅටදාහකුයි, යකඩ තලෙන්ත ලක්ෂයකුයි පරිත්‍යාග කළා.  මැණික් ගල් තිබුණ හැමෝම ඒවා යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ භාණ්ඩාගාරයට පරිත්‍යාග කළා. ඒ භාණ්ඩාගාරය භාරව හිටියේ ගේර්ෂොන්ගෙන්+ පැවතෙන යෙහීයෙල්.+  ඒවා කැමැත්තෙන්ම පරිත්‍යාග කරලා සෙනඟ ගොඩක් සතුටු වුණා. මොකද එයාලා ඒ දේවල් යෙහෝවාට පරිත්‍යාග කළේ මුළු හදවතින්ම පෙලඹිලයි.+ දාවිත් රජත් ගොඩක් සතුටු වුණා. 10  ඊටපස්සේ දාවිත් මුළු සෙනඟ ඉස්සරහා යෙහෝවා දෙවියන්ට ප්‍රශංසා කරලා මෙහෙම කිව්වා. “යෙහෝවා දෙවියනි, අපේ පියා වන ඊශ්‍රායෙල්ගේ දෙවියනි, ඔබට ප්‍රශංසා වේවා! සදාකාලයෙන් සදාකාලයටම ඔබට ප්‍රශංසාව ලැබේවා! 11  යෙහෝවා දෙවියනි, ශ්‍රේෂ්ඨ,+ බලවත් දෙවියන් ඔබයි.+ තේජසත්+ අලංකාරයත් අයිති ඔබටයි. හැම ගෞරවයක්ම ලැබෙන්න ඕනෙ ඔබටයි. මොකද අහසෙයි, පොළොවෙයි තියෙන හැම දෙයක්ම අයිති ඔබටයි.+ යෙහෝවා දෙවියනි,+ රජකම් කරන්න අයිතිය තියෙන්නේ ඔබටයි. ඉහළින්ම ඉන්න පාලකයා ඔබයි. 12  හැම දෙයක්ම පාලනය කරන්නේ ඔබයි.+ ධනයත් ගෞරවයත් ලබා දෙන්නේ ඔබයි.+ බලයත්+ ශක්තියත්+ තියෙන්නේ ඔබේ අතේ. කෙනෙක්ව උසස් කරන්නෙත්+ හැමෝටම ශක්තිය දෙන්නෙත් ඔබයි.+ 13  අපේ දෙවියනි, අපි ඔබට ස්තුති කරනවා. ඔබේ ශ්‍රේෂ්ඨ නාමයට ප්‍රශංසා කරනවා. 14  “ඒත් මමයි, මගේ සෙනඟයි ඔබ ඉස්සරහා කවුද? ඔබට මේ දේවල් කැමැත්තෙන්ම පරිත්‍යාග කරන්න අවස්ථාවක් ලබන්නවත් අපි වටින්නේ නැහැ. මේ හැම දෙයක්ම අපිට ලැබුණේ ඔබගෙන්. ඇත්තටම අපි ඔබට පරිත්‍යාග කරන්නේ ඔබෙන්ම ලැබුණ දේවල්. 15  ඔබ ඉස්සරහා අපි විදේශිකයන් වගේ. අපේ මුතුන්මිත්තන් හැමෝම වගේ අපිත් තාවකාලික පදිංචිකරුවන්.+ අපි හැමදාටම ජීවත් වෙන්නේ නැහැ. මිහිපිට අපි ගත කරන අපේ ජීවිතේ හරියට හෙවණැල්ලක් වගේ.+ 16  යෙහෝවා, අපේ දෙවියනි, ඔබේ ශුද්ධ නම වෙනුවෙන් ගෘහයක් හදන්න අපි ලෑස්ති කරපු මේ හැම දෙයක්ම අපිට ලැබුණේ ඔබගෙන්. ඒ හැම දෙයක්ම අයිති ඔබටයි. 17  මගේ දෙවියනි, ඔබ හිත් සෝදිසි කරලා බලද්දී+ අවංක* හදවතක් දැක්කාම ඒ ගැන ගොඩක් සතුටු වෙනවා+ කියලා මං හොඳින් දන්නවා. මං මේ හැම දෙයක්ම පරිත්‍යාග කරන්නේ අවංක හිතින්. මගේම කැමැත්තෙන්. මෙතන ඉන්න සෙනඟත් ඔබට කැමැත්තෙන්ම පරිත්‍යාග කරනවා දකිද්දී මට දැනෙන්නේ ලොකු සතුටක්. 18  අපේ මුතුන්මිත්තන් වන ආබ්‍රහම්ගෙත් ඊසාක්ගෙත් ඊශ්‍රායෙල්ගෙත් දෙවියනි, කැමැත්තෙන්ම පරිත්‍යාග කරන්න ඔබේ සෙනඟගේ හිතේ තියෙන මේ ආසාව හැමදාටම තියාගන්න උදව් කරන්න. යෙහෝවා දෙවියනි, මුළු හදවතින්ම ඔබට සේවය කරන්න එයාලට උදව් කරන්න.+ 19  මගේ පුතා සලමොන්ටත් ඔබේ ආඥාවලට, සිහිගැන්වීම්වලට, නියෝගවලට කීකරු වෙන්න උදව් කරන්න.+ මුළු හදවතින්ම ඒවා පිළිපදින්න එයාගේ හිතේ ආසාවක් ඇති කරන්න.+ මං ලෑස්ති කරලා තියෙන දේවල් පාවිච්චි කරලා දේවමාලිගාව හදන්නත් එයාට උදව් කරන්න.”+ 20  ඊටපස්සේ දාවිත් එතන හිටපු මුළු සෙනඟටම මෙහෙම කිව්වා. “ඔයාලාගේ දෙවි වන යෙහෝවාට දැන් ප්‍රශංසා කරන්න.” එතකොට රැස් වෙලා හිටපු සෙනඟ හැමෝම එයාලාගේ මුතුන්මිත්තන්ගේ දෙවි වන යෙහෝවාට ප්‍රශංසා කළා. එයාලා යෙහෝවා දෙවියන් සහ රජ ඉස්සරහා දණින් වැටුණා. 21  එයාලා ඊළඟ දවස වෙන කල්ම යෙහෝවා දෙවියන්ට පූජා සහ දවන පූජා+ ඔප්පු කළා. වස්සන් 1,000කුයි, බැටළුවන් 1,000කුයි, බැටළු පැටවුන් 1,000කුයි, පාන පූජායි+ එයාලා යෙහෝවා දෙවියන්ට ඔප්පු කළා. එයාලා මුළු ඊශ්‍රායෙල් සෙනඟ වෙනුවෙන් ගොඩක් පූජා ඔප්පු කළා.+ 22  එයාලා එදා යෙහෝවා ඉස්සරහා කාලා බීලා ගොඩක් සතුටු වුණා.+ එයාලා දෙවෙනි පාරටත් දාවිත්ගේ පුතා වුණ සලමොන්ව රජ විදිහට පත් කරලා යෙහෝවා ඉස්සරහා එයාව අභිෂේක කළා.+ ඒ විදිහට එයාලා සලමොන්ව නායකයා විදිහට පත් කළා. දෙවෙනි පාරට සාදොක්වත් පූජකයා විදිහට පත් කළා.+ 23  සලමොන් එයාගේ තාත්තා වුණ දාවිත්ගෙන් පස්සේ යෙහෝවා දෙවියන්ගේ සිංහාසනයේ රජ විදිහට ඉඳගත්තා.+ සාර්ථක රජ කෙනෙක් වුණ එයාට ඊශ්‍රායෙල්වරු හැමෝම කීකරු වුණා. 24  අධිපතීන් හැමෝමයි,+ යුද්දෙට දක්ෂ පුරුෂයන් හැමෝමයි,+ දාවිත් රජගේ අනිත් පුතාලා හැමෝමයි+ සලමොන් රජට යටත් වුණා. 25  යෙහෝවා දෙවියන් මුළු ඊශ්‍රායෙල් සෙනඟගෙම ගෞරවය සලමොන්ට ලැබෙන්න සැලැස්සුවා. ඊට කලින් ඊශ්‍රායෙල් සෙනඟව පාලනය කරපු අනිත් හැම රජ කෙනෙක්ටම වඩා එයාව උසස් කළා.+ 26  යෙස්සේගේ පුතා වුණ දාවිත් මුළු ඊශ්‍රායෙල් දේශයේම රජකම් කළා. 27  එයා ඊශ්‍රායෙල් සෙනඟව අවුරුදු 40ක් පාලනය කළා. හෙබ්‍රොන්වල ඉඳන් අවුරුදු 7කුත්+ යෙරුසලමේ ඉඳන් අවුරුදු 33කුත් එයා පාලනය කළා.+ 28  දාවිත් සතුටින්, හොඳ ජීවිතයක් ගත කරලා මහලු වයසේදී මැරුණා.+ එයාට ගොඩක් ධන සම්පත් සහ ගෞරවය ලැබුණා. එයාගෙන් පස්සේ එයාගේ පුතා වුණ සලමොන් රජකමට පත් වුණා.+ 29  දාවිත් රජගේ ඉතිහාසය ගැන විස්තර මුල ඉඳන් අග වෙන කල්ම දිවැසිවරයෙක් වුණ සාමුවෙල්ගේ, අනාගතවක්තෘ නාතන්ගේ+ සහ දෙවියන්ගෙන් ලැබුණ දර්ශන දන්වපු ගාද්ගේ+ වාර්තාවල ලියලා තියෙනවා. 30  ඒ වාර්තාවල දාවිත් පාලනය කරපු කාලේ වුණ දේවල් ගැනයි, එයාගේ ශ්‍රේෂ්ඨත්වය ගැනයි, එයා මුහුණ දීපු සිද්ධීන් ගැනයි, ඊශ්‍රායෙල්වරු මුහුණ දීපු දේවල් ගැනයි, ඒ අවට රාජ්‍යයන්වල සිද්ධ වෙච්ච දේවල් ගැනයි විස්තර සඳහන් වෙනවා.

පාදසටහන්

හෝ, “දේවමාලිගාව.”
තලෙන්තයක් කියන්නේ කි.ග්‍රෑ. 34.2ක්. උප. B14 බලන්න.
මූ.අ., “ගෘහයන්වල තියෙන බිත්ති.”
දරික් කියන්නේ පර්සියාවේ පාවිච්චි කරපු රන් කාසියක්. උප. B14 බලන්න.
හෝ, “නිර්දෝෂ.”