පළවෙනි ලේකම් 3:1-24

  • දාවිත්ගෙන් පැවතෙන අය (1-9)

  • දාවිත්ගෙන් එන රජ පෙළපත (10-24)

3  හෙබ්‍රොන්වල+ ජීවත් වුණ කාලේ දාවිත්ට ඉපදුණ පුතාලාගේ නම් තමයි මේ: කුලුඳුල් පුතා අම්නොන්.+ එයාගේ අම්මා යෙෂ්‍රෙයෙල්වල කාන්තාවක් වුණ අහිනොවම්.+ දෙවෙනියා දානියෙල්. එයාගේ අම්මා කර්මෙල්වල කාන්තාවක් වුණ අබිගායිල්.+  තුන්වෙනියා අබ්සලොම්.+ එයාගේ අම්මා ගෙෂූර්වල රජ වුණ තල්මයිගේ දුව මයකා. හතරවෙනියා අදොනියා.+ එයාගේ අම්මා හග්ගිත්.  පස්වෙනියා ෂෙපටියා. එයාගේ අම්මා අබිටල්. හයවෙනියා ඉත්රෙයාම්. දාවිත්ගේ තවත් බිරිඳක් වුණ එග්ලා තමයි එයාගේ අම්මා.  දාවිත්ගේ ඒ පුතාලා හයදෙනා ඉපදුණේ හෙබ්‍රොන්වලදී. දාවිත් එහේ ඉඳන් අවුරුදු 7කුත් මාස 6ක් පාලනය කළා. එයා යෙරුසලමේ ඉඳන් අවුරුදු 33ක් පාලනය කළා.+  යෙරුසලමේදී දාවිත්ට ඉපදුණ දරුවන්ගේ+ නම්: ෂිමෙයා, ෂෝබාබ්, නාතන්+ සහ සලමොන්.+ ඒ හතරදෙනාගේ අම්මා අමියෙල්ගේ දුව වුණ බැත්ෂෙබා.+  තවත් පුතාලා නමදෙනෙක් දාවිත්ට හිටියා. එයාලාගේ නම්: ඉබ්හාර්, එලිෂාමා, එලිෆෙලෙත්,  නෝගා, නෙෆෙග්, යාෆියා,  එලිෂාමා, එලියාදා සහ එලිෆෙලෙත්.  ඒ හැමෝම දාවිත්ගේ පුතාලා. එයාලට අමතරව දාවිත්ගේ උපභාර්යාවන්ටත් දාවිත්ගෙන් පුතාලා හම්බ වුණා. එයාලාගේ සහෝදරිය තමයි තාමර්.+ 10  සලමොන්ගේ පුතා රෙහබෝවම්.+ එයාගේ පුතා අබියා.+ අබියාගේ පුතා ආසා.+ එයාගේ පුතා යෙහෝෂපාට්.+ 11  යෙහෝෂපාට්ගේ පුතා යෙහෝරම්.+ එයාගේ පුතා අහසියා.+ අහසියාගේ පුතා යෙහෝයාෂ්.+ 12  එයාගේ පුතා අමෂියා.+ අමෂියාගේ පුතා අෂරියා.+ එයාගේ පුතා යෝතම්.+ 13  යෝතම්ගේ පුතා ආහස්.+ ආහස්ගේ පුතා හෙසකියා.+ එයාගේ පුතා මනස්සේ.+ 14  මනස්සේගේ පුතා ආමොන්.+ එයාගේ පුතා යොෂියා.+ 15  යොෂියාගේ කුලුඳුල් පුතා යෝහානාන්. දෙවෙනියා යෙහෝයාකිම්.+ තුන්වෙනියා ශෙදකියා.+ හතරවෙනියා ෂල්ලුම්. 16  යෙහෝයාකිම්ගේ පුතා යෙකොනියා.+ එයාගේ පුතා ශෙදකියා. 17  යෙකොනියා හිරේ හිටපු කාලේදී එයාට තවත් පුතාලා ඉපදුණා. එයාලාගේ නම්: ෂෙයල්ටියල්, 18  මල්කිරාම්, පෙදායා, ෂෙනෂ්ෂර්, යෙකමියා, හෝෂාමා සහ නෙදබියා. 19  පෙදායාගේ පුතාලාගේ නම් සෙරුබාබෙල්+ සහ ෂිමෙයි. සෙරුබාබෙල්ගේ පුතාලාගේ නම් මෙෂල්ලම් සහ හනනියා. (එයාලාගේ සහෝදරිය තමයි ෂෙලොමිත්.) 20  ඒ අයට අමතරව තවත් පුතාලා පස්දෙනෙක් එයාට හිටියා. ඒ අයගේ නම්: හෂුබා, ඕහෙල්, බෙරෙකියා, හසදියා සහ යූෂබ්හෙසෙද්. 21  හනනියාගේ පුතාලාගේ නම් පෙලතියා සහ යෙෂායා. යෙෂායාගේ පුතාගේ* නම රෙෆායා. රෙෆායාගේ පුතාගේ* නම ආර්ණන්. ආර්ණන්ගේ පුතාගේ* නම ඔබදියා. ඔබදියාගේ පුතාගේ* නම ෂෙකනියා. 22  ෂෙකනියාගෙන් පැවතෙන අය ෂෙමායා සහ එයාගේ පුතාලා. ෂෙමායාගේ පුතාලාගේ නම්: හට්ටුෂ්, ඉගාල්, බාරියා, නෙයරියා සහ ෂාපාත්. එයාලා ඔක්කොම හයදෙනායි. 23  නෙයරියාගේ පුතාලා තුන්දෙනාගේ නම්: එලියෝනේයයි, හිෂ්කියා සහ අෂ්‍රිකාම්. 24  එලියෝනේයයිගේ පුතාලා හත්දෙනාගේ නම්: හෝදවියා, එලියාෂිබ්, පෙලායා, අක්කුබ්, යෝහානාන්, දෙලායා සහ අනානී.

පාදසටහන්

මූ.අ., “පුතාලාගේ.”
මූ.අ., “පුතාලාගේ.”
මූ.අ., “පුතාලාගේ.”
මූ.අ., “පුතාලාගේ.”