පළවෙනි ලේකම් 4:1-43

  • යූදාගෙන් පැවතෙන වෙනත් අය (1-23)

    • යාබෙෂ් සහ එයාගේ යාච්ඤාව (9, 10)

  • සිමියොන්ගෙන් පැවතෙන අය (24-43)

4  යූදාගේ පුතාලාගේ නම්: පේරෙස්,+ හෙස්‍රොන්,+ කාමී, හූර්+ සහ ෂෝබාල්.+  ෂෝබාල්ගේ පුතා රෙයායා. එයාගේ පුතා යාහත්. යාහත්ගේ පුතාලාගේ නම් අහුමයි සහ ලාහද්. ෂොරත්වරුන්ගේ+ පෙළපත හැදෙන්නේ එයාලාගෙන්.  ඒටාම්+ පිහිටවපු කෙනාගේ* පුතාලාගේ නම්: යෙෂ්‍රෙයෙල්, ඉෂ්මා, ඉඩ්බාෂ් (එයාලාගේ සහෝදරියගේ නම හෂ්ෂෙලෙල්පෝනී),  පෙනුයෙල් සහ එෂෙර්. පෙනුයෙල් තමයි ගෙදොර්ගේ තාත්තා. එෂෙර් තමයි හූෂාගේ තාත්තා. හූර්ගේ+ පුතාලා තමයි ඒ. හූර් කියන්නේ එෆ්‍රාතාගේ කුලුඳුලා සහ බෙත්ලෙහෙම්ගේ+ තාත්තා.  අෂ්හූර්ට+ හේලා සහ නයරා කියලා භාර්යාවන් දෙන්නෙක් හිටියා. අෂ්හූර් තමයි තෙකෝවාගේ+ තාත්තා.  නයරාට අෂ්හූර්ගෙන් ඉපදුණ පුතාලාගේ නම්: අහුස්සම්, හේෆෙර්, තේමෙනී සහ හයහෂ්තාරි. එයාලා නයරාගේ පුතාලා.  හේලාගේ පුතාලාගේ නම්: ෂෙරෙත්, ඉෂ්හාර් සහ ඒතන්.  කොෂ්ගේ පුතාලාගේ නම් අනුබ් සහ ෂොබේබා. හාරුම්ගේ පුතා වුණ අහර්හෙල්ගෙන් පැවතෙන අයගේ මුතුන්මිත්තා තමයි කොෂ්.  යාබෙෂ්ට එයාගේ සහෝදරයන්ට වඩා වැඩි ගෞරවයක් ලැබුණා. එයාගේ අම්මා “මං මෙයාව බිහි කළේ ගොඩක් වේදනා විඳලයි” කියලා එයාට යාබෙෂ්* කියන නම තිබ්බා. 10  යාබෙෂ් ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවියන්ට මෙහෙම කන්නලව් කළා. “අනේ දෙවියනි, මට ආශීර්වාද කරන්න. මට අයිති ප්‍රදේශ තව වැඩි කරගන්න උදව් කරන්න. මාව ආරක්ෂා කරන්න. එතකොට මම කිසි විපතකට අහු වෙන එකක් නැහැ.” ඉතින් දෙවියන් එයාගේ ඉල්ලීම ඉටු කළා. 11  ෂුහාගේ සහෝදරයා වුණ කේලුබ්ගේ පුතාගේ නම මෙහීර්. එයා තමයි එෂ්තොන්ගේ තාත්තා. 12  එෂ්තොන්ගේ පුතාලාගේ නම්: බෙත්රාෆා, පාසේයා සහ තෙහින්නා. තෙහින්නා ඉර්නාහාෂ්ගේ තාත්තා. ඒ හැමෝම රේකාවල ජීවත් වුණ අය. 13  කෙනෂ්ගේ පුතාලාගේ නම් ඔත්නියෙල්+ සහ සෙරායා. ඔත්නියෙල්ගේ පුතා* හාතාත්. 14  මෙයෝනොතයිගේ පුතා ඔෆ්රා. සෙරායාට යෝවාබ් කියලා පුතෙක් හිටියා. ගෙහරෂිම්වල* ජීවත් වෙන හැමෝගෙම තාත්තා එයා. එහෙට ඒ නම ලැබුණේ එහේ ඉන්න හැමෝම විවිධ කර්මාන්ත කරපු අය නිසයි. 15  යෙෆුන්නෙගේ පුතා වුණ කාලෙබ්ගේ+ පුතාලාගේ නම්: ඊරු, ඒලාහ් සහ නයම්. ඒලාහ්ගේ පුතාගේ* නම කෙනෂ්. 16  යෙහල්ලෙලෙල්ගේ පුතාලාගේ නම්: ෂිප්, ෂීපා, තිරියා සහ අසරෙල්. 17  එස්රාහ්ගේ පුතාලාගේ නම්: යෙතෙර්, මෙරෙද්, ඒෆෙර් සහ යාලොන්. මෙරෙද්ගේ එක බිරිඳකට* මිරියම්, ෂම්මයි සහ ඉෂ්බා ඉපදුණා. ඉෂ්බාගේ පුතා එෂ්තෙමෝවා. 18  (මෙරෙද්ගේ යුදෙව් ජාතික බිරිඳට යෙරෙද්, හෙබෙර් සහ යෙකූතියෙල් කියන පුතාලා ඉපදුණා. යෙරෙද් තමයි ගෙදොර්ගේ තාත්තා. හෙබෙර් තමයි සෝකෝගේ තාත්තා. යෙකූතියෙල් තමයි ෂානොවාගේ තාත්තා.) මෙරෙද් විවාහ කරගත්ත පාරාවෝගේ දුව වුණ බිතියාගේ පුතාලා තමයි ඒ. 19  හෝදියාගේ බිරිඳ තමයි නහම්ගේ සහෝදරිය. එයාට හෝදියාගෙන් පුතාලා ඉපදුණා. ඒ පුතාලා ගාමීවරයෙක් වුණ කෙයිලාගේ සහ මයකාත්වරයෙක් වුණ එෂ්තෙමෝවාගේ තාත්තලා. 20  ෂිමොන්ගේ පුතාලාගේ නම්: අම්නොන්, රින්නා, බෙන්හානාන් සහ තීලොන්. ඉෂීගේ පුතාලාගේ නම් සෝහෙත් සහ බෙන්සෝහෙත්. 21  යූදාගේ පුතා වුණ ෂේලාට+ ඒර් සහ ලයෙදා කියන පුතාලා හම්බ වුණා. ඒර් ලේකාගේ තාත්තා. ලයෙදා මරේෂාහ්ගේ තාත්තා. අෂ්බෙයා කියන පෙළපත එන්නෙත් ෂේලාගෙන්. එයාලා සිහින්ව රෙදි වියන්න ප්‍රසිද්ධ වෙලා හිටියා. 22  ඒ වගේම යෝකීම්, කොෂේබාවල පුරුෂයන්, යාෂූබීලෙහෙම්, මෝවබ් ජාතික ස්ත්‍රීන්ව විවාහ කරගත්ත යෝවාෂ් සහ සාරාෆ් ෂේලාගෙන් පැවතෙන අය. මේ වාර්තා අතීතයේ ඉඳලා එන ඒවා. 23  එයාලා නෙතායිම් සහ ගෙදේරා කියන ප්‍රදේශවල හිටපු කුඹල්කරුවන්. එහේ ජීවත් වුණ එයාලා රජට සේවය කළා. 24  සිමියොන්ගේ පුතාලාගේ*+ නම්: නෙමුවෙල්, යාමින්, යාරිබ්, සේරා සහ ෂාවුල්.+ 25  ෂාවුල්ගේ පුතා ෂල්ලුම්. එයාගේ පුතා මිබ්සාම්. මිබ්සාම්ගේ පුතා මිෂ්මා. 26  මිෂ්මාගේ පුතා* හම්මුවෙල්. එයාගේ පුතා සක්කූර්. සක්කූර්ගේ පුතා ෂිමෙයි. 27  ෂිමෙයිට පුතාලා 16දෙනෙකුයි, දුවලා 6දෙනෙකුයි හිටියා. ඒත් එයාගේ සහෝදරයන්ට පුතාලා ගොඩක් හිටියේ නැහැ. ඒ කිසිම පවුලකට යූදා ගෝත්‍රයේ පවුල්වලට හිටිය තරම් පුතාලා හිටියේ නැහැ.+ 28  එයාලා හිටපු නගරවල නම්: බෙයර්ෂෙබා,+ මොලාදා,+ හෂර්ෂුවාල්,+ 29  බිල්හා, ඒෂෙම්,+ තෝලද්, 30  බෙතුයෙල්,+ හොර්මා,+ ෂික්ලග්,+ 31  බෙත්මර්කාබොත්, හෂර්සූසිම්,+ බෙත්බිරි සහ ෂායරයිම්. දාවිත් රජකම් කරපු කාලේ වෙන කල් ඒ නගර අයිති වෙලා තිබුණේ එයාලට. 32  එයාලා ඒටාම්, ආයින්, රිම්මොන්, තෝකන් සහ ආෂාන්+ කියන නගර පහෙත් ජීවත් වුණා. 33  ඒ නගර අවට තිබුණ ගම්වලත් එයාලා පදිංචි වෙලා හිටියා. එයාලා හිටපු ප්‍රදේශය බාල් වෙන කල්ම තිබුණා. එයාලාගේ පෙළපත් වාර්තාවල සඳහන් වුණ නම් සහ එයාලා ජීවත් වුණ තැන් තමයි ඒ. 34  සිමියොන්ගෙන් පැවතෙන අනිත් අයගේ නම්: මෙෂෝබාබ්, යම්ලෙක්, අමෂියාගේ පුතා වුණ යෝෂා, 35  යෝවෙල්, යේහු (යේහු තමයි යොෂිබියාගේ පුතා. යොෂිබියා සෙරායාගේ පුතා. සෙරායා අසියෙල්ගේ පුතා), 36  එලියෝනේයයි, යයකොබා, යෙෂෝහායා, අසායා, අදියෙල්, යෙසිමියෙල්, බෙනායා සහ 37  සීසා. (එයා ෂෙමායාගේ පුතා වුණ ෂිම්රිගේ පුතා වුණ යෙදායාගේ පුතා වුණ අල්ලොන්ගේ පුතා වුණ ෂීෆීගේ පුතා.) 38  නමින් සඳහන් වුණ ඒ අය එයාලාගේ පවුල්වල ප්‍රධානීන්. එයාලාගේ පවුල්වල අයගේ ගාණ ගොඩක් වැඩි වුණා. 39  එයාලා එයාලාගේ සත්තුන්ට තණබිම් හොයන්න නිම්නයේ නැඟෙනහිර පැත්තේ තියෙන ගෙදොර් කිට්ටුවටම ගියා. 40  අන්තිමේදී එයාලා සරු තණබිම් හොයාගත්තා. ඒක ගොඩක් ලොකු, නිස්කලංක ප්‍රදේශයක්. එහේ ජීවත් වුණේ හාම්ගෙන් පැවතෙන අයයි.+ 41  ඒ නම් සඳහන් වුණ අය ඇවිත් එහේ ජීවත් වුණ හාම්වරුන්ගේ කූඩාරම්වලටයි, මෙයූනිම්වරුන්ටයි පහර දීලා එයාලව විනාශ කළා. අදටත් ඒ අයව හොයාගන්න නැහැ. ඒක වුණේ යූදාවල රජ වුණ හෙසකියා+ පාලනය කරපු කාලේ. ඊටපස්සේ එයාලා එහේ පදිංචි වුණා. මොකද එයාලාගේ සත්තුන්ට තණබිම් ඒ ප්‍රදේශයේ තිබුණා. 42  සිමියොන්ගෙන් පැවත ආපු සමහර අය ඒ කියන්නේ පුරුෂයෝ 500දෙනෙක් සේයිර් කන්දට+ ගියා. එයාලට නායකත්වය දුන්නේ පෙලතියා, නෙයරියා, රෙෆායා, උස්සියෙල් සහ ඉෂීගේ පුතාලා. 43  එයාලා අමලෙක්වරුන්ගෙන්+ ඉතුරු වුණ අයට පහර දුන්නා. අද වෙන කල්ම එයාලා එහේ ජීවත් වෙනවා.

පාදසටහන්

මූ.අ., “ඒටාම්ගේ තාත්තාගේ.”
යාබෙෂ් කියන නම “වේදනාව” කියන තේරුම තියෙන හෙබ්‍රෙව් වචනයකට සම්බන්ධ වෙන්න පුළුවන්.
මූ.අ., “පුතාලා.”
තේරුම, “කර්මාන්තකරුවන්ගේ නිම්නය.”
මූ.අ., “පුතාලාගේ.”
මෙතන කතා කරන්නේ 18වෙනි පදයේ කතා කරන බිතියා ගැන වෙන්න පුළුවන්.
හෙබ්‍රෙව් භාෂාවෙන් මේ වචනයෙන් “පුතා,” “මුනුපුරා” නැත්නම් “පැවතෙන කෙනා” අදහස් වෙන්න පුළුවන්.
මූ.අ., “පුතාලා.”