පළවෙනි ලේකම් 8:1-40

  • බෙන්ජමින්ගෙන් පැවතෙන අය (1-40)

    • සාවුල්ගේ පෙළපත (33-40)

8  බෙන්ජමින්ගේ+ පුතාලාගේ නම්: කුලුඳුල් පුතා බෙලා.+ දෙවෙනියා අෂ්බෙල්.+ තුන්වෙනියා අහරා.  හතරවෙනියා නෝහා. පස්වෙනියා රාෆා.  බෙලාගේ පුතාලාගේ නම්: අද්දාර්, ගෙරා,+ අබිහුද්,  අබිෂුවා, නාමන්, අහෝවා,  ගෙරා, ෂෙපූපාන් සහ හූරාම්.  මනහාත්වලට වහලුන් විදිහට අරගෙන ගිය ගෙබාවල+ මිනිස්සුන්ගේ පෙළපත්වල ප්‍රධානීන් වුණ ඒහුද්ගේ පුතාලාගේ නම් තමයි මේ:  නාමන්, අහියා සහ ගෙරා. ඒ මිනිස්සුන්ව වහලුන් විදිහට අරන් යද්දී ඒකට පෙරමුණ ගත්තේ ගෙරා. එයා තමයි උස්සා සහ අහිහුද්ගේ තාත්තා.  මෝවබ්වරුන්ව එළවලා දැම්මාට පස්සේ* ෂහරයිම්ට එහෙදී දරුවන් ඉපදුණා. එයාගේ භාර්යාවන්ගේ නම් හුෂිම් සහ බයරා.  එයාගේ භාර්යාව වුණ හෝඩෙෂ්ට එයාගෙන් මේ පුතාලා හම්බ වුණා. යෝබාබ්, ෂිබියා, මේෂා, මල්කාම්, 10  යෙවුෂ්, සකීයා සහ මිර්මා. පෙළපත්වල ප්‍රධානීන් වුණ ඒ හැමෝම එයාගේ පුතාලා. 11  හුෂිම්ට ෂහරයිම්ගෙන් අබිතුබ් සහ එල්පයල් ඉපදුණා. 12  එල්පයල්ගේ පුතාලාගේ නම්: ඒබර්, මිෂාම්, ෂෙමෙඩ් (ඕනෝ,+ ලොද්+ කියන නගර සහ ඒවා අවට තියෙන කුඩා නගර ගොඩනැඟුවේ ෂෙමෙඩ්), 13  බෙරීයා සහ ෂෙමා. එයාලා ආයාලොන්වල+ හිටපු අයගේ පෙළපත්වල ප්‍රධානීන් විදිහට වැඩ කළා. එයාලා තමයි ගාත්වල ජීවත් වුණ අයව පන්නලා දැම්මේ. 14  බෙරීයාගේ පුතාලාගේ නම්: අහියෝ, ෂාෂක්, යෙරෙමොත්, 15  සෙබදියා, ආරද්, ඒදෙර්, 16  මිකායෙල්, ඉෂ්පා සහ යෝහා. ඒ හැමෝම බෙරීයාගේ පුතාලා. 17  එල්පයල්ගේ පුතාලාගේ නම්: සෙබදියා, මෙෂල්ලම්, හිෂ්කී, හෙබෙර්, 18  ඉෂ්මෙරයි, ඉෂ්ලියා සහ යෝබාබ්. ඒ හැමෝම එල්පයල්ගේ පුතාලා. 19  ෂිමෙයිගේ පුතාලාගේ නම්: යාකීම්, ෂික්රී, සබ්දී, 20  එලියේනයි, ෂිල්ලෙතයි, එලියෙල්, 21  අදායා, බෙරායා සහ ෂිම්රාත්. ඒ හැමෝම ෂිමෙයිගේ පුතාලා. 22  ෂාෂක්ගේ පුතාලාගේ නම්: ඉෂ්පාන්, ඒබර්, එලියෙල්, 23  අබ්දොන්, ෂික්රී, හානාන්, 24  හනනියා, ඒලාම්, අන්තොතියා, 25  ඉප්දෙයා සහ පෙනුයෙල්. ඒ හැමෝම ෂාෂක්ගේ පුතාලා. 26  යෙරොහාම්ගේ පුතාලාගේ නම්: ෂම්ෂෙරයි, ෂෙහරියා, අතලියා, 27  යයරෙෂියා, එලියා සහ ෂික්රී. ඒ හැමෝම යෙරොහාම්ගේ පුතාලා. 28  පෙළපත් වාර්තාවල සඳහන් කරලා තියෙන විදිහට එයාලා තමයි පෙළපත්වල ප්‍රධානීන්. එයාලා ජීවත් වුණේ යෙරුසලමේ. 29  යෙයීයෙල් ජීවත් වුණේ ගිබියොන්වල.+ එයා තමයි ගිබියොන් නගරය පිහිටවපු කෙනා. එයාගේ බිරිඳගේ නම මයකා.+ 30  එයාගේ කුලුඳුල් පුතා අබ්දොන්. අනිත් පුතාලාගේ නම්: ෂුර්, කිෂ්, බාල්, නාදාබ්, 31  ගෙදොර්, අහියෝ සහ සෙකෙර්. 32  මික්ලොත්ගේ පුතාගේ නම ෂිමෙයාහ්. එයාලා හැමෝම එයාලාගේ සහෝදරයන්* එක්ක යෙරුසලමේ ජීවත් වුණා. එයාලා එහේ හිටියේ තවත් සහෝදරයන් පිරිසකුත් එක්කයි. 33  නේර්ගේ+ පුතා කිෂ්. කිෂ්ගේ පුතා සාවුල්.+ සාවුල්ගේ පුතාලාගේ නම්: යොනාතාන්,+ මල්කීෂුවා,+ අබිනාදාබ්+ සහ එෂ්බාල්.*+ 34  යොනාතාන්ගේ පුතා මෙරිබ්බාල්.*+ මෙරිබ්බාල්ගේ පුතා මීකා.+ 35  මීකාගේ පුතාලාගේ නම්: පීතොන්, මෙලෙක්, තාරෙයා සහ ආහස්. 36  ආහස්ගේ පුතා යෙහෝයද්දා. යෙහෝයද්දාගේ පුතාලාගේ නම්: අලෙමෙත්, අෂ්මාවෙත් සහ සිම්රී. සිම්රීගේ පුතා මෝෂා. 37  මෝෂාගේ පුතා බිනෙයා. බිනෙයාගේ පුතා රාෆාහ්. රාෆාහ්ගේ පුතා එලෙයාසා. එලෙයාසාගේ පුතා ආෂෙල්. 38  ආෂෙල්ට පුතාලා හයදෙනෙක් හිටියා. එයාලාගේ නම්: අෂ්‍රිකාම්, බොකෙරු, ඉෂ්මායෙල්, ෂෙයරියා, ඔබදියා සහ හානාන්. ඒ හැමෝම ආෂෙල්ගේ පුතාලා. 39  එයාගේ මල්ලි වුණ එෂෙක්ගේ පුතාලාගේ නම්: කුලුඳුලා ඌලාම්. දෙවෙනියා යෙවුෂ්. තුන්වෙනියා එලිෆෙලෙත්. 40  ඌලාම්ගේ පුතාලා හොඳ දුනුවායෝ. එයාලා යුද්දෙට හරිම දක්ෂ අය. එයාලට ගොඩක් පුතාලා සහ මුනුපුරන් හිටියා. එයාලාගේ ගාණ 150යි. එයාලා හැමෝම බෙන්ජමින්ගෙන් පැවතෙන අය.

පාදසටහන්

හෝ සමහරවිට, “එයාගේ භාර්යාවන් වුණ හුෂිම් සහ බයරාව යැව්වාට පස්සේ.”
ඒ කියන්නේ බෙන්ජමින්වරු.
ඉෂ්බෝෂෙත් කියලත් හඳුන්වනවා.
මෙෆිබොෂෙත් කියලත් හඳුන්වනවා.