පළවෙනි ලේකම් 9:1-44

  • වහල්කමින් නිදහස් වුණ අයගේ පෙළපත් ගැන විස්තර (1-34)

  • සාවුල්ගේ පෙළපත ආයෙත් (35-44)

9  ඊශ්‍රායෙල්වරුන්ගේ රජවරු ගැන වාර්තා කරලා තියෙන ලියවිල්ලේ ඊශ්‍රායෙල්වරුන්ගේ පෙළපත් ගැන තොරතුරු වාර්තා කරලා තියෙනවා. යූදාවල සෙනඟ දෙවියන්ට අවිශ්වාසවන්තව වැඩ කරපු නිසා එයාලව වහලුන් විදිහට බැබිලෝනියට අරන් ගියා.+  ඊටපස්සේ එයාලා නිදහස් වෙලා නගරවල තිබුණ එයාලට උරුම වුණ තැන්වලට ආපහු ආවා. සමහර ඊශ්‍රායෙල්වරු, පූජකයන්, ලෙවීවරු සහ දේවමාලිගාවේ සේවය කරපු අය*+ තමයි මුලින් ආවේ.  යූදාගෙන්,+ බෙන්ජමින්ගෙන්,+ එෆ්‍රායිම්ගෙන් සහ මනස්සේගෙන් පැවතෙන සමහරදෙනෙක් යෙරුසලමේ පදිංචි වුණා. එයාලාගේ විස්තර තමයි මේ:  ඌතයි. එයා අමිහුද්ගේ පුතා. අමිහුද් ඔම්රීගේ පුතා. ඔම්රී ඉම්රිගේ පුතා. ඉම්රි බානිගේ පුතා. ඒ හැමෝම යූදාගේ පුතා වුණ පේරෙස්ගෙන්+ පැවතෙන අය.  ෂේලාගෙන් පැවතෙන අය අතරින්* අසායා සහ එයාගේ පුතාලා. අසායා තමයි කුලුඳුලා.  ඒ වගේම සේරාගෙන්+ පැවතෙන යෙවුයෙල් ආවා. එයාලාගේ නෑදෑයන් වුණ පුරුෂයන් 690දෙනෙකුත් ආවා.  බෙන්ජමින්ගෙන් පැවතෙන අය අතරින් සල්ලු. එයා මෙෂල්ලම්ගේ පුතා. මෙෂල්ලම් හෝදවියාගේ පුතා. හෝදවියා හස්සෙනුවාගේ පුතා.  යෙරොහාම්ගේ පුතා වුණ ඉබ්නෙයා. මික්රිගේ පුතා වුණ උස්සිගේ පුතා වුණ ඒලාහ්. ෂෙපටියාගේ පුතා වුණ මෙෂල්ලම්. ෂෙපටියා රුවෙල්ගේ පුතා. රුවෙල් ඉබ්නියාගේ පුතා.  පෙළපත් වාර්තාවලට අනුව ඒ අයට අමතරව බෙන්ජමින්ගෙන් පැවතෙන පුරුෂයන් 956දෙනෙක් ආවා. ඒ හැමෝම එයාලාගේ පෙළපත්වල ප්‍රධානීන්. 10  පූජකයන් අතරේ යෙදායා, යෙහෝයාරිබ් සහ යාකින්+ හිටියා. 11  සැබෑ දෙවියන්ගේ ගෘහයේ අධිපතියෙක් වුණ අහිතුබ්ගේ පෙළපතින් ආපු හිල්කියාගේ පුතා වුණ අෂරියාත් හිටියා. හිල්කියා මෙෂල්ලම්ගේ පුතා. මෙෂල්ලම් සාදොක්ගේ පුතා. සාදොක් මෙරායොත්ගේ පුතා. මෙරායොත් අහිතුබ්ගේ පුතා. 12  එයාලා අතර අදායා සහ මයසයිත් හිටියා. අදායා යෙරොහාම්ගේ පුතා. යෙරොහාම් පෂ්හූර්ගේ පුතා. පෂ්හූර් මල්කියාගේ පුතා. මයසයි අදියෙල්ගේ පුතා. අදියෙල් යාෂේරාගේ පුතා. යාෂේරා මෙෂල්ලම්ගේ පුතා. මෙෂල්ලම් මෙෂිල්ලෙමිත්ගේ පුතා. මෙෂිල්ලෙමිත් ඉම්මේර්ගේ පුතා. 13  එයාලාගේ සහෝදරයොත් ඒ අය අතර හිටියා. එයාලා හැමෝම පෙළපත්වල ප්‍රධානීන්. එයාලා 1,760දෙනෙක් හිටියා. ඒ හැමෝම දක්ෂ, සැබෑ දෙවියන්ගේ ගෘහයේ සේවයට යොදාගන්න පුළුවන්, විශ්වාසවන්ත අය. 14  ලෙවීවරුන් අතරේ ෂෙමායා+ හිටියා. ෂෙමායාගේ තාත්තා හෂ්ෂුබ්. හෂ්ෂුබ්ගේ තාත්තා අෂ්‍රිකාම්. අෂ්‍රිකාම්ගේ තාත්තා හෂබියා. එයාලා මෙරාරීගේ පෙළපතින් එන අය. 15  ඒ වගේම බක්බක්කර්, හෙරෙෂ්, ගාලාල් සහ මත්තනියාත් හිටියා. මත්තනියාගේ තාත්තා මිකා. මිකාගේ තාත්තා ෂික්රී. ෂික්රීගේ තාත්තා ආසාෆ්. 16  ඔබදියාත් හිටියා. ඔබදියාගේ තාත්තා ෂෙමායා. ෂෙමායාගේ තාත්තා ගාලාල්. ගාලාල්ගේ තාත්තා යෙදූතුන්. බෙරෙකියාත් හිටියා. බෙරෙකියාගේ තාත්තා ආසා. ආසාගේ තාත්තා එල්කානා. නෙටොෆාතියවරු+ පදිංචි වෙලා හිටපු තැනක තමයි ඒ කෙනා හිටියේ. 17  දොරටු පාලකයන්+ විදිහට හිටියේ ෂල්ලුම්, අක්කුබ්, ටල්මොන් සහ අහිමාන්. එයාලාගේ සහෝදරයා ෂල්ලුම් තමයි ප්‍රධානියා වුණේ. 18  කලින් එයා සේවය කළේ නැඟෙනහිර පැත්තේ තිබුණ රජගේ දොරටුවේ.+ ලෙවීවරුන් පදිංචි වෙලා හිටපු තැන්වල දොරටු පාලකයන් විදිහට හිටියේ එයාලයි. 19  ෂල්ලුම්ගේ තාත්තා කෝරෙ. එයාගේ තාත්තා එබියාසාෆ්. එබියාසාෆ්ගේ තාත්තා කෝරා. ෂල්ලුම් සහ එයාගේ තාත්තාගේ පැත්තෙන් එන සහෝදරයෝ ඒ කියන්නේ කෝරාගෙන් පැවතෙන අය තමයි කූඩාරමේ දොරටු පාලකයන් විදිහට කරපු සේවය අධීක්ෂණය කළේ. අතීතයේදී යෙහෝවා දෙවියන්ගේ ශුද්ධ කූඩාරමට ඇතුල් වෙන තැන මුර කළේ එයාලාගේ මුතුන්මිත්තන්. 20  ඒ කාලේ එයාලාගේ නායකයා විදිහට හිටියේ එලියාසර්ගේ+ පුතා වුණ පිනෙහාස්.+ යෙහෝවා දෙවියන් එයාත් එක්කම හිටියා. 21  හමු වීමේ කූඩාරමට ඇතුල් වෙන තැන දොරටු පාලකයා විදිහට හිටියේ මෙෂෙලෙමියාගේ පුතා වුණ සෙකරියා.+ 22  ඇතුල් වෙන තැන් මුර කරන්න තෝරගත්ත අයගේ මුළු ගාණ 212යි. එයාලාගේ පෙළපත් ලියාපදිංචි කරලා තිබුණ විදිහට එයාලා පදිංචි වුණා.+ එයාලා ගැන විශ්වාසය තියලා ඒ වැඩේ භාර දුන්නේ දාවිත් සහ දිවැසිවරයා+ වුණ සාමුවෙල්. 23  යෙහෝවා දෙවියන්ගේ ගෘහය ඒ කියන්නේ ශුද්ධ කූඩාරමේ දොරටු ළඟ+ මුර සේවය අධීක්ෂණය කළේ එයාලයි, එයාලාගේ පුතාලයි. 24  දොරටු පාලකයන් නැඟෙනහිර, බස්නාහිර, උතුරු සහ දකුණු දිශාවල තිබුණ දොරටු ළඟ හිටියා.+ 25  එයාලා එක්ක සේවය කරන්න එයාලාගේ සහෝදරයෝ තමන් පදිංචි වෙලා හිටපු තැන්වල ඉඳන් කලින් කලට ආවා. එහෙම ඇවිත් දවස් හතක් එයාලා එක්ක සේවය කළා. 26  ප්‍රධාන දොරටු පාලකයන් හතරදෙනෙක් හිටියා. ලෙවීවරුන් වුණ එයාලට සැබෑ දෙවියන්ගේ ගෘහයේ තිබුණ කාමර* සහ භාණ්ඩාගාර භාර දීලා තිබුණා.+ 27  එයාලා සැබෑ දෙවියන්ගේ ගෘහය වටේ තමන්ට නියමිත තැන්වල ඉඳලා මුළු රෑ පුරාම මුර කළා. මුර සේවය සහ දෙවියන්ගේ ගෘහයේ යතුර භාර දීලා තිබුණේ එයාලට. එයාලා තමයි හැමදාම උදේට ගෘහයේ දොරටු ඇරියේ. 28  එයාලාගෙන් සමහරදෙනෙක්ව ගෘහයේ වැඩවලට පාවිච්චි කරපු භාණ්ඩ+ බලාගන්න පත් කරලා තිබුණා. ඒ භාණ්ඩ පාවිච්චි කරන්න දෙද්දීත් ආපහු භාරගද්දීත් එයාලා ඒවා ගණන් කරලා බැලුවා. 29  තවත් සමහරදෙනෙක්ව ඔක්කොම ශුද්ධ භාණ්ඩ+ ඇතුළුව අනිත් භාණ්ඩ බලාගන්නත් සිහින්ව කොටාගත්ත පිටි,+ වයින්,+ තෙල්,+ කට්ටකුමංජල්+ සහ බෝල්සම් තෙල්+ බලාගන්නත් පත් කරලා තිබුණා. 30  පූජකයන්ගේ පුතාලාගෙන් සමහරදෙනෙක් තමයි සුවඳ තෛලය හැදුවේ. 31  තැටියක දාලා පුලුස්සන දේවල්+ භාරව හිටියේ මත්තිතියා. එයා කෝරාගේ පෙළපතින් එන ලෙවීවරයෙක් වුණ ෂල්ලුම්ගේ කුලුඳුල් පුතා. 32  කෝහාත්ගෙන් පැවතෙන එයාලාගේ සහෝදරයන් සමහරදෙනෙක් හැම සබත් දවසකදීම+ පූජා කරන රොටි+ හදන්න භාරව හිටියා. 33  ගායකයන්ව අනිත් වගකීම්වලින් නිදහස් කරලයි තිබුණේ. මොකද රෑ දවල් දෙකේම එයාලාගේ වගකීම ඉටු කරන්න එයාලා බැඳිලා හිටියා. ඒ ගායකයන් ගෘහයේ කාමරවල* හිටපු ලෙවීවරුන්ගේ පෙළපත්වල ප්‍රධානීන්. 34  පෙළපත් වාර්තාවල සඳහන් කරලා තියෙන විදිහට එයාලා තමයි ලෙවීවරුන්ගේ පෙළපත්වල ප්‍රධානීන්. එයාලා ජීවත් වුණේ යෙරුසලමේ. 35  යෙයීයෙල් ජීවත් වුණේ ගිබියොන්වල.+ එයා තමයි ගිබියොන් නගරය පිහිටවපු කෙනා. එයාගේ බිරිඳගේ නම මයකා. 36  එයාගේ කුලුඳුල් පුතා අබ්දොන්. අනිත් පුතාලාගේ නම්: ෂුර්, කිෂ්, බාල්, නේර්, නාදාබ්, 37  ගෙදොර්, අහියෝ, සෙකරියා සහ මික්ලොත්. 38  මික්ලොත්ගේ පුතාගේ නම ෂිමෙයාම්. එයාලා හැමෝම එයාලාගේ සහෝදරයන් එක්ක යෙරුසලමේ ජීවත් වුණා. එයාලා එහේ හිටියේ තවත් සහෝදරයන් පිරිසකුත් එක්කයි. 39  නේර්ගේ+ පුතා කිෂ්. කිෂ්ගේ පුතා සාවුල්.+ සාවුල්ගේ පුතාලාගේ නම්: යොනාතාන්,+ මල්කීෂුවා,+ අබිනාදාබ්+ සහ එෂ්බාල්. 40  යොනාතාන්ගේ පුතා මෙරිබ්බාල්.+ මෙරිබ්බාල්ගේ පුතා මීකා.+ 41  මීකාගේ පුතාලාගේ නම්: පීතොන්, මෙලෙක්, තාහ්රෙයා සහ ආහස්. 42  ආහස්ගේ පුතා යාරා. යාරාගේ පුතාලාගේ නම්: අලෙමෙත්, අෂ්මාවෙත් සහ සිම්රී. සිම්රීගේ පුතා මෝෂා. 43  මෝෂාගේ පුතා බිනෙයා. බිනෙයාගේ පුතා රෙෆායා. රෙෆායාගේ පුතා එලෙයාසා. එලෙයාසාගේ පුතා ආෂෙල්. 44  ආෂෙල්ට පුතාලා හයදෙනෙක් හිටියා. එයාලාගේ නම්: අෂ්‍රිකාම්, බොකෙරු, ඉෂ්මායෙල්, ෂෙයරියා, ඔබදියා සහ හානාන්. එයාලා තමයි ආෂෙල්ගේ පුතාලා.

පාදසටහන්

හෝ, “නෙතිනිම්වරු.” මූ.අ., “දෙනු ලැබූවන්.”
හෝ, “ෂීලෝවරු අතරින්.”
හෝ, “කෑම කාමර.”
හෝ, “කෑම කාමරවල.”