Skip to content

පටුනට යන්න

පළවෙනි සාමුවෙල් පොත

පරිච්ඡේද

පොතේ සාරාංශයක්

  • 1

    • එල්කානා සහ එයාගේ භාර්යාවන් (1-8)

    • හන්නා පුතෙක් ඉල්ලලා යාච්ඤා කරයි (9-18)

    • සාමුවෙල් ඉපදෙයි. එයාව යෙහෝවාගේ සේවය වෙනුවෙන් කැප කරයි (19-28)

  • 2

    • හන්නාගේ යාච්ඤාව (1-11)

    • ඒලීගේ පුතාලා දෙන්නා කරපු බරපතළ වැරදි (12-26)

    • යෙහෝවා ඒලීගෙන් පැවතෙන අයට දුන්න විනිශ්චය (27-36)

  • 3

    • සාමුවෙල්ව අනාගතවක්තෘවරයෙක් විදිහට සේවය කරන්න තෝරගනියි (1-21)

  • 4

    • පිලිස්තිවරු ගිවිසුම් පෙට්ටිය අරන් යයි (1-11)

    • ඒලී සහ එයාගේ පුතාලා මිය යයි (12-22)

  • 5

    • ගිවිසුම් පෙට්ටිය පිලිස්තිවරුන්ට අයිති ප්‍රදේශයේ තිබුණ කාලය (1-12)

      • දාගොන්ව ලැජ්ජාවට පත් කරයි (1-5)

      • පිලිස්තිවරුන්ට මුහුණ දෙන්න වුණ පීඩා (6-12)

  • 6

    • පිලිස්තිවරු ඊශ්‍රායෙල්වරුන්ට ගිවිසුම් පෙට්ටිය ආපහු යවයි (1-21)

  • 7

    • ගිවිසුම් පෙට්ටිය කිර්යත්යෙයාරීම්වල තියයි (1)

    • “යෙහෝවාට විතරක් නමස්කාර කරන්න” කියලා සාමුවෙල් උනන්දු කරයි (2-6)

    • මිෂ්පාවලදී ඊශ්‍රායෙල්වරු ලබපු ජයග්‍රහණය (7-14)

    • සාමුවෙල් ඊශ්‍රායෙල්වරුන්ගේ විනිශ්චයකරු වෙයි (15-17)

  • 8

    • ඊශ්‍රායෙල්වරු රජෙක්ව ඉල්ලයි (1-9)

    • සාමුවෙල් සෙනඟට අනතුරු අඟවයි (10-18)

    • යෙහෝවා රජෙක්ව පත් කරන්න සෙනඟට අවසර දෙයි (19-22)

  • 9

    • සාමුවෙල්ට සාවුල්ව හම්බ වෙයි (1-27)

  • 10

    • සාවුල්ව රජ විදිහට අභිෂේක කරයි (1-16)

    • සාවුල්ව සෙනඟට හඳුන්වලා දෙයි (17-27)

  • 11

    • සාවුල් අම්මොන්වරුන්ව පරද්දයි (1-11)

    • සාවුල්ගේ රජකම ආයෙත් ස්ථිර කරයි (12-15)

  • 12

    • සාමුවෙල් අවසන් වතාවට කරපු කතාව (1-25)

      • “කිසි වැදගැම්මකට නැති දේවල් පස්සේ යන්න එපා” (21)

      • යෙහෝවා ඔහුගේ සෙනඟව කවදාවත් අත්හරින්නේ නැහැ (22)

  • 13

    • සාවුල් හමුදාවට පුරුෂයන්ව තෝරගනියි (1-4)

    • සාවුල් හිතුමනාපෙට වැඩ කරයි (5-9)

    • සාමුවෙල් සාවුල්ට තදින් උපදෙස් දෙයි (10-14)

    • ඊශ්‍රායෙල්වරු ළඟ ආයුධ තිබුණේ නැහැ (15-23)

  • 14

    • මික්මාෂ්වලදී යොනාතාන් සටන් කරයි (1-14)

    • ඊශ්‍රායෙල්වරුන්ගේ සතුරන්ව යෙහෝවා සම්පූර්ණයෙන්ම පරාජය කරයි (15-23)

    • සාවුල් හිතන්නේ බලන්නේ නැතුව කරපු දිවුරුම (24-46)

      • මිනිස්සු ලේත් එක්ක මස් කයි (32-34)

    • සාවුල් කරපු යුද්ධ; එයාගේ පවුලේ අය (47-52)

  • 15

    • සාවුල් අකීකරු වෙලා ආගග්ව මරන්නේ නැහැ (1-9)

    • සාමුවෙල් සාවුල්ව හික්මවයි (10-23)

      • “පූජා ඔප්පු කරනවාට වඩා වටින්නේ කීකරුකමයි” (22)

    • සාවුල්ව රජ විදිහට ප්‍රතික්ෂේප කරයි (24-29)

    • සාමුවෙල් ආගග්ව මරයි (30-35)

  • 16

    • සාමුවෙල් ඊළඟ රජ විදිහට දාවිත්ව අභිෂේක කරයි (1-13)

      • ‘යෙහෝවා හිතේ තියෙන දේ දකිනවා’ (7)

    • දෙවියන්ගේ බලය සාවුල්ගෙන් අයින් කරයි (14-17)

    • දාවිත් සාවුල් වෙනුවෙන් වීණාව වාදනය කරයි (18-23)

  • 17

    • දාවිත් ගොලියත්ව පරාජය කරයි (1-58)

      • ගොලියත් ඊශ්‍රායෙල්වරුන්ට අපහාස කරයි (8-10)

      • දාවිත් අභියෝගය භාරගනියි (32-37)

      • දාවිත් යෙහෝවාගේ නමින් සටන් කරයි (45-47)

  • 18

    • දාවිත් සහ යොනාතාන්ගේ යාළුකම (1-4)

    • දාවිත්ගේ ජයග්‍රහණ නිසා සාවුල්ට ඊර්ෂ්‍යාවක් ඇති වෙයි (5-9)

    • සාවුල් දාවිත්ව මරන්න උත්සාහ කරයි (10-19)

    • දාවිත් සාවුල්ගේ දුව මීකල් එක්ක විවාහ වෙයි (20-30)

  • 19

    • සාවුල් දිගටම දාවිත්ට වෛර කරයි (1-13)

    • දාවිත් සාවුල්ගෙන් පලා යයි (14-24)

  • 20

    • යොනාතාන් දාවිත්ට විශ්වාසවන්ත යාළුවෙක් වුණා (1-42)

  • 21

    • දාවිත් නොබ්වලදී දෙවියන්ට කැප කරපු රොටි කයි (1-9)

    • දාවිත් ගාත්වලදී පිස්සෙක් වගේ හැසිරෙයි (10-15)

  • 22

    • දාවිත් අදුල්ලාම්වලට සහ මිෂ්පේවලට යයි (1-5)

    • සාවුල් නොබ්වල හිටපු පූජකයන්ව මරන්න කියයි (6-19)

    • අබියාතර් බේරෙයි (20-23)

  • 23

    • දාවිත් කෙයිලා නගරය බේරගනියි (1-12)

    • සාවුල් දාවිත් පස්සේ පන්නගෙන යයි (13-15)

    • යොනාතාන් දාවිත්ව ශක්තිමත් කරයි (16-18)

    • දාවිත් සාවුල්ගෙන් යන්තමින් බේරෙයි (19-29)

  • 24

    • දාවිත් සාවුල්ව මැරුවේ නැහැ (1-22)

      • යෙහෝවා අභිෂේක කරපු තැනැත්තාට දාවිත් ගෞරව කරයි (6)

  • 25

    • සාමුවෙල් මිය යයි (1)

    • නාබල් දාවිත්ගේ සේවකයන්ට අපහාස කරයි (2-13)

    • අබිගායිල් ඥානවන්තව වැඩ කරයි (14-35)

      • ‘වස්තුවක් මල්ලක දාලා ආරක්ෂා කරනවා වගේ යෙහෝවා ජීවිතය ආරක්ෂා කරයි’ (29)

    • මෝඩ විදිහට වැඩ කරපු නාබල්ට යෙහෝවා පහර දෙයි (36-38)

    • දාවිත් අබිගායිල්ව විවාහ කරගනියි (39-44)

  • 26

    • සාවුල්ව මරන්න ආයෙත් අවස්ථාවක් ලැබුණත් දාවිත් ඒ දේ කළේ නැහැ (1-25)

      • යෙහෝවා අභිෂේක කරපු තැනැත්තාට දාවිත් ගෞරව කරයි (11)

  • 27

    • පිලිස්තිවරු දාවිත්ට ෂික්ලග් නගරයේ ජීවත් වෙන්න ඉඩ දෙයි (1-12)

  • 28

    • මායාකාරියක්ව හම්බ වෙන්න සාවුල් ඒන්දෝර්වලට යයි (1-25)

  • 29

    • පිලිස්තිවරු දාවිත්ව සැක කරයි (1-11)

  • 30

    • අමලෙක්වරු ෂික්ලග්වලට ගිනි තියලා එහේ හිටපු අයව පැහැරගෙන යයි (1-6)

      • දාවිත් දෙවියන්ගෙන් උදව් ඉල්ලලා හිතට ධෛර්යය ගනියි (6)

    • දාවිත් අමලෙක්වරුන්ව පරාජය කරයි (7-31)

      • පැහැරගෙන ගිය අයව දාවිත් බේරගනියි (18, 19)

      • කොල්ල කාපු දේවල් ගැන දාවිත් දුන්න නියෝගය (23, 24)

  • 31

    • සාවුල් සහ එයාගේ පුතාලා තුන්දෙනා මිය යයි (1-13)