පළවෙනි සාමුවෙල් 19:1-24

  • සාවුල් දිගටම දාවිත්ට වෛර කරයි (1-13)

  • දාවිත් සාවුල්ගෙන් පලා යයි (14-24)

19  ටික කාලෙකට පස්සේ සාවුල් එයාගේ පුතා වුණ යොනාතාන්ටයි, එයාගේ සේවකයන්ටයි කිව්වා දාවිත්ව මරලා දාන්න ඕනෙ කියලා.+  ඒත් යොනාතාන් දාවිත්ට ගොඩක් ආදරේ කරපු නිසා+ එයා දාවිත්ට මෙහෙම කිව්වා. “මගේ තාත්තා ඔයාව මරන්නයි හදන්නේ. ඒ නිසා හෙට උදේට ඔයා පරෙස්සම් වෙන්න. කාටවත් පේන්නේ නැති තැනකට ගිහින් හැංගිලා ඉන්න.  මං මගේ තාත්තා එක්ක ඔයා හැංගිලා ඉන්න කෙතට එන්නම්. ඊටපස්සේ මං එයාත් එක්ක කතා කරලා ඔයා වෙනුවෙන් මොනවා හරි කරන්න පුළුවන්ද කියලා බලන්නම්. ඔයා දැනගන්න ඕනෙ දෙයක් තිබුණොත් මං ඇවිත් ඔයාට කියන්නම්.”+  යොනාතාන් කියපු විදිහටම එයා සාවුල් එක්ක කතා කරලා දාවිත්ව බේරගන්න උත්සාහ කළා.+ එයා සාවුල්ට මෙහෙම කිව්වා. “රජතුමනි, ඔයාගේ සේවකයා වන දාවිත්ට කිසි අනතුරක් කරන්න එපා. ඒක ලොකු වරදක්. මොකද එයා ඔයාට විරුද්ධව කිසි වරදක් කරලා නැහැ. එයා මේ වෙන කල් කරපු හැම දෙයක්ම කළේ ඔයාගේ යහපත වෙනුවෙන්.  මතක නැද්ද දාවිත් අර පිලිස්තියා එක්ක සටනට ගිහින් එයාව මරලා දැම්ම විදිහ?+ එයා ඒක කළේ එයාගේ ජීවිතේ ගැනවත් හිතන්නේ නැතුව. යෙහෝවා එදා එයාව පාවිච්චි කරලා ඊශ්‍රායෙල් සෙනඟට ලොකු ජයග්‍රහණයක්* ලබා දුන්නා. ඔයාත් ඒ ගැන කොච්චර සතුටු වුණාද? ඉතින් කිසිම හේතුවක් නැතුව දාවිත්ව මරන්න හදන්නේ ඇයි? අහිංසක කෙනෙක්ගේ ජීවිතේ නැති කරන එක ලොකු වරදක්!”+  යොනාතාන් කියපු දේ අහලා සාවුල් එයාට මෙහෙම කිව්වා. “හරි, මම දාවිත්ව මරන්නේ නැහැ. මං ඒක ජීවමාන දෙවි යෙහෝවා ඉස්සරහා දිවුරලා කියනවා.”  ඊටපස්සේ යොනාතාන් වෙච්ච දේ ගැන දාවිත්ට කියලා එයාව සාවුල් ඉස්සරහට අරන් ගියා. ඉතින් දාවිත් කලින් වගේ සාවුල්ට දිගටම සේවය කළා.+  කාලයක් ගියාම පිලිස්තිවරු ආයෙත් ඊශ්‍රායෙල්වරු එක්ක සටනට ආවා. දාවිත් එයාලට විරුද්ධව සටන් කරලා පිලිස්තිවරුන් සෑහෙන පිරිසක්ව මරලා දැම්මා. බේරුණ අය ඊශ්‍රායෙල්වරුන්ගෙන් පලා ගියා.  දවසක් දාවිත් මාලිගාවේ වීණාව වාදනය කරකර හිටියා.+ සාවුල් හෙල්ලයකුත් අතේ තියාගෙන එයාගේ ඉස්සරහා ඉඳගෙනයි හිටියේ. ඒ වෙලාවේ සාවුල්ගේ හිත හොඳටම අවුල් වුණා.+ යෙහෝවාත් ඒකට ඉඩහැරියා. 10  සාවුල් දාවිත්ව මරන්න හිතාගෙන එයාගේ අතේ තිබුණ හෙල්ලයෙන් දාවිත්ට දමලා ගැහුවා. ඒත් දාවිත් එතනින් පැනගත්තා. හෙල්ලය ගිහින් බිත්තියේ ඇනුණා. එදා රෑ දාවිත් මාලිගාවෙන් පැනලා ගියා. 11  ඊටපස්සේ සාවුල් එයාගේ සේවකයන් කීපදෙනෙක්ව දාවිත්ගේ ගෙදරට යැව්වා. සාවුල් එයාලට කිව්වා උදේ වෙන කල් රැකගෙන ඉඳලා දාවිත්ව මරලා දාන්න කියලා.+ ඒත් දාවිත්ගේ බිරිඳ මීකල් දාවිත්ට මෙහෙම කිව්වා. “ඔයා අද රෑම මෙහෙන් පැනලා යන්න. නැත්නම් එයාලා හෙට උදේට ඔයාව මරලා දායි.” 12  ඒත් එක්කම ජනේලයෙන් බැහැලා එතනින් පැනලා යන්න මීකල් දාවිත්ට උදව් කළා. 13  ඊටපස්සේ එයා ටෙරෆිම් රූපයක්* අරගෙන දාවිත්ගේ ඇඳ උඩ තියලා ඒකේ හිස ළඟ එළු රෝමවලින් හදපු රෙදි කෑල්ලක් තිබ්බා. රූපය පේන්නේ නැති වෙන්න එයා ඒක රෙද්දකින් වැහුවා. 14  සාවුල්ගේ සේවකයන් දාවිත්ව අල්ලගන්න ආවාම මීකල් එයාලට කිව්වා “එයාට සනීප නැහැ” කියලා. 15  ඒක ඇහුවාම සාවුල් එයාගේ සේවකයන්ට මෙහෙම කිව්වා. “ඇඳත් එක්කම එයාව මෙහාට අරගෙන එන්න! මමම එයාව මරලා දාන්නම්.”+ 16  සේවකයෝ දාවිත්ව අරන් යන්න ආවාම එයාලා දැක්කා එයාගේ ඇඳේ ටෙරෆිම් රූපයකුයි, ඔළුව තියන තැන එළු රෝමවලින් හදපු රෙදි කෑල්ලකුයි තියලා තියනවා. 17  ඉතින් සාවුල් මීකල්ගෙන් මෙහෙම ඇහුවා. “ඇයි ඔයා මාව මේ විදිහට රැවැට්ටුවේ?+ මගේ හතුරාට පැනලා යන්න උදව් කළේ ඇයි?” එතකොට මීකල් සාවුල්ට මෙහෙම කිව්වා. “දාවිත් මට තර්ජනය කරලා කිව්වා ‘මට යන්න දුන්නේ නැත්නම් මං ඔයාව මරලා දානවා’ කියලා.” 18  දාවිත් සාවුල්ගෙන් බේරිලා ගියේ රාමාවලට.+ එයා එහෙදී සාමුවෙල්ව හම්බ වෙලා සාවුල් කරපු හැම දෙයක් ගැනම කිව්වා. ඊටපස්සේ දාවිත්, සාමුවෙල් එක්ක නායොත්+ කියන ගමට ගිහින් එහේ නැවතිලා හිටියා. 19  ටික කාලෙකට පස්සේ සාවුල්ට ආරංචි වුණා “දාවිත් දැන් ඉන්නේ රාමාවල තියෙන නායොත් කියන ගමේ” කියලා. 20  ඒක අහපු ගමන්ම සාවුල් දාවිත්ව අල්ලගෙන එන්න කියලා සේවකයන් කීපදෙනෙක්ව එතනට යැව්වා. එයාලා එතනට ගියාම වයසක අනාගතවක්තෘවරුන් කීපදෙනෙක් අනාවැකි කියකිය ඉන්නවා එයාලා දැක්කා. එයාලා අතරේ මුල් තැන අරන් වැඩ කළේ සාමුවෙල්. ඒ වෙලාවේ සාවුල්ගේ සේවකයන් එකපාරටම අනාගතවක්තෘවරුන් වගේ හැසිරෙන්න පටන්ගත්තා. එහෙම වුණේ දෙවියන් ඔහුගේ බලයෙන් ඒ දේ වෙන්න සැලැස්සුව නිසයි. 21  ඒ ගැන සාවුල්ට ආරංචි වුණාම එයා තවත් සේවකයන් කීපදෙනෙක්ව එතනට යැව්වා. එයාලත් අනගතවක්තෘවරුන් වගේ හැසිරෙන්න පටන්ගත්තා. ඊටපස්සේ සාවුල් තුන්වෙනි වතාවටත් සේවකයන්ව යැව්වා. එයාලත් ඒ විදිහටම හැසිරෙන්න පටන්ගත්තා. 22  අන්තිමට සාවුල් රාමාවලට යන්න පිටත් වුණා. එයා සේකුවල තියෙන ලොකු පොකුණ ළඟට ඇවිත් එතන හිටපු අයගෙන් ඇහුවා “සාමුවෙලුයි, දාවිතුයි කොහෙද ඉන්නේ” කියලා. එතකොට එයාලා “ඒ දෙන්නා ඉන්නේ රාමාවල නායොත්+ කියන ගමේ” කියලා කිව්වා. 23  ඉතින් සාවුල් නායොත්වලට පිටත් වුණා. ගමන යන අතරතුරේදී එයාත් අනාගතවක්තෘවරයෙක් වගේ හැසිරෙන්න පටන්ගත්තා.* එහෙම වුණේ දෙවියන් ඔහුගේ බලයෙන් ඒ දේ වෙන්න සැලැස්සුව නිසයි. එයා රාමාවලට යන කල්ම ඒ විදිහට හැසිරුණා. 24  සාමුවෙල් ඉස්සරහට ආවාම සාවුල් එයාගේ ඇඳුම් ගලවලා අනාගතවක්තෘවරයෙක් වගේ හැසිරෙන්න පටන්ගත්තා. පහුවෙනිදා උදේ වෙන කල්ම සාවුල් ඇඳුම් නැතුව* බිම වැතිරිලා හිටියා. “සාවුලුත් අනාගතවක්තෘවරයෙක්ද”+ කියන කියමන ප්‍රසිද්ධ වුණේ ඒ නිසයි.

පාදසටහන්

හෝ, “ගැලවීමක්.”
හෝ, “පවුලේ අය වැන්ද දෙවි කෙනෙක්ගේ පිළිමයක්.”
අනාගතවක්තෘවරුන් සමහර වෙලාවලදී අමුතු විදිහට කතා කරපු සහ හැසිරුණ විදිහ ගැන වෙන්න ඇති මෙතන කතා කරන්නේ. බලන අයට දැනුණේ එයාලා වියරුවෙන් හැසිරෙනවා කියලා.
හෝ, “ඇඳුම් ඔක්කොම වගේ ගලවලා.”