පළවෙනි සාමුවෙල් 7:1-17

  • ගිවිසුම් පෙට්ටිය කිර්යත්යෙයාරීම්වල තියයි (1)

  • “යෙහෝවාට විතරක් නමස්කාර කරන්න” කියලා සාමුවෙල් උනන්දු කරයි (2-6)

  • මිෂ්පාවලදී ඊශ්‍රායෙල්වරු ලබපු ජයග්‍රහණය (7-14)

  • සාමුවෙල් ඊශ්‍රායෙල්වරුන්ගේ විනිශ්චයකරු වෙයි (15-17)

7  ඉතින් කිර්යත්යෙයාරීම්වල ජීවත් වුණ අය යෙහෝවාට අයිති ගිවිසුම් පෙට්ටිය අබිනාදාබ්ගේ+ ගෙදරට අරගෙන ගියා. අබිනාදාබ්ගේ ගෙදර තිබුණේ කන්දක් උඩ. එයාලා යෙහෝවා දෙවියන්ට අයිති ගිවිසුම් පෙට්ටිය ආරක්ෂා කරන්න අබිනාදාබ්ගේ පුතා වන එලියාසර්ව පත් කළා.*  ගිවිසුම් පෙට්ටිය කිර්යත්යෙයාරීම්වලට අරන් ඇවිත් අවුරුදු 20ක්ම ගත වුණා. ඔය කාලයේදී ඊශ්‍රායෙල් සෙනඟ ආයෙත් යෙහෝවා දෙවියන්ගෙන් උදව් ඉල්ලන්න පටන්ගත්තා.*+  සාමුවෙල් ඊශ්‍රායෙල් සෙනඟට මෙහෙම කිව්වා. “ඔයාලා යෙහෝවා වෙතට හැරෙන්නේ අවංක හිතකින් නම්+ ඔයාලා ළඟ තියෙන අෂ්ටොරෙත් රූපයි,+ වෙනත් දෙවිවරුන්ගේ රූපයි අයින් කරලා+ යෙහෝවාට විතරක් නමස්කාර කරන්න. මුළු හිතින්ම කැප වෙලා ඔහුට සේවය කරන්න.+ එහෙම කළොත් ඔහු ඔයාලව පිලිස්තිවරුන්ගෙන් බේරගනියි.”+  ඉතින් ඊශ්‍රායෙල් සෙනඟ එයාලා ළඟ තිබුණ බාල් රූප සහ අෂ්ටොරෙත් රූප අයින් කරලා යෙහෝවා දෙවියන්ට විතරක් නමස්කාර කරන්න පටන්ගත්තා.+  ඊටපස්සේ සාමුවෙල් මෙහෙම කිව්වා. “ඊශ්‍රායෙල්වරුනි, ඔයාලා හැමෝම මිෂ්පා+ නගරයට රැස් වෙන්න. එහෙදී මම ඔයාලා වෙනුවෙන් යෙහෝවාට යාච්ඤා කරන්නම්.”+  ඉතින් එයාලා හැමෝම මිෂ්පාවලට ආවා. එහෙදී එයාලා ළිඳකින් වතුර ඇදලා ඒ වතුර ටික යෙහෝවා ඉස්සරහා බිමට හලලා මෙහෙම කිව්වා. “අපි යෙහෝවාට විරුද්ධව පව් කළා.”+ එයාලා ඒ ගැන දුක් වෙවී එදා මුළු දවසම කෑම නොකා හිටියා.+ සාමුවෙල් එදා ඉඳන් මිෂ්පාවලදී විනිශ්චයකරුවෙක් විදිහට ඊශ්‍රායෙල් සෙනඟට සේවය කරන්න පටන්ගත්තා.+  ඊශ්‍රායෙල් සෙනඟ මිෂ්පාවල රැස් වෙලා ඉන්නවා කියලා පිලිස්තිවරුන්ට ආරංචි වුණා. ඉතින් පිලිස්තිවරුන්ගේ අධිපතීන්+ ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව සටන් කරන්න පිටත් වුණා. ඒක ආරංචි වුණාම ඊශ්‍රායෙල්වරු හොඳටම බය වෙලා,  සාමුවෙල්ට මෙහෙම කිව්වා. “අනේ, අපිට උදව් කරන්න කියලා දිගටම යෙහෝවාට යාච්ඤා කරන්න.+ පිලිස්තිවරුන්ගෙන් අපිව බේරගන්න කියලා ඔහුගෙන් ඉල්ලන්න.”  එතකොට සාමුවෙල් කිරි බොන වයසේ ඉන්න බැටළු පැටියෙක්ව අරන් මුළු සතාවම දවන පූජාවක්+ විදිහට යෙහෝවාට ඔප්පු කළා. සාමුවෙල් ඊශ්‍රායෙල්වරු වෙනුවෙන් යෙහෝවා දෙවියන්ට කන්නලව් කළා. යෙහෝවාත් එයාට ඇහුම්කන් දුන්නා.+ 10  සාමුවෙල් දවන පූජාව ඔප්පු කරකර ඉද්දී පිලිස්තිවරු ඊශ්‍රායෙල්වරු එක්ක සටන් කරන්න ආවා. ඒත් ඒ වෙලාවේ යෙහෝවා ලොකු ගිගුරුම් හඬක් ඇති කරලා+ පිලිස්තිවරුන්ගේ හිත් හොඳටම අවුල් කළා.+ ඒ නිසා ඊශ්‍රායෙල්වරුන්ට පුළුවන් වුණා එයාලව පරද්දන්න.+ 11  ඊශ්‍රායෙල්වරු මිෂ්පාවල ඉඳන් බෙත්කාර්වල දකුණු මායිම වෙන කල්ම පිලිස්තිවරු පස්සේ පන්නගෙන ගිහින් එයාලව මරලා දැම්මා. 12  ඊටපස්සේ සාමුවෙල් ගලක් අරගෙන+ මිෂ්පා සහ යෙෂානා කියන නගර දෙක අතරේ තිබ්බා. “මේ වෙන කල්ම යෙහෝවා අපිට උදව් කළා”+ කියලා එයා ඒ වෙලාවේ කිව්වා. ඒ නිසා එයා ඒ ගලට එබෙන්එසෙර්* කියන නම දුන්නා. 13  ඊශ්‍රායෙල්වරු පිලිස්තිවරුන්ව යටත් කරගත්තේ ඒ විදිහටයි. පිලිස්තිවරු ආයෙත් ඊශ්‍රායෙල්වරුන්ගේ දේශ සීමාවට ආවේ නැහැ.+ සාමුවෙල් ජීවත් වුණ කාලය පුරාම ඊශ්‍රායෙල්වරුන්ව යටත් කරගන්න යෙහෝවා පිලිස්තිවරුන්ට ඉඩ දුන්නේ නැහැ.+ 14  එක්‍රොන් ඉඳන් ගාත් වෙන කල් පිලිස්තිවරු යටත් කරගෙන තිබුණ හැම නගරයක්මත් ඒ අවට තිබුණ ප්‍රදේශත් ඊශ්‍රායෙල්වරු ආයෙත් යටත් කරගත්තා. ඒ කාලේ ඊශ්‍රායෙල්වරු සහ අමෝරිවරු එකිනෙකා එක්ක සමාදානයෙන් හිටියා.+ 15  සාමුවෙල්ගේ ජීවිත කාලය පුරාම එයා ඊශ්‍රායෙල්වරුන්ගේ විනිශ්චයකරු විදිහට සේවය කළා.+ 16  සාමුවෙල් හැම අවුරුද්දකම බෙතෙල්වලටත්+ ගිල්ගාල්වලටත්+ මිෂ්පාවලටත්+ ගියා. එයා එහෙම ගියේ ඒ නගරවල හිටපු ඊශ්‍රායෙල්වරුන්ගේ නඩු විසඳන්න. 17  ඒ තැන්වල එයාට කරන්න තිබුණ වැඩ ඉවර වුණාට පස්සේ එයා ආයෙත් රාමාවල+ තිබුණ එයාගේ ගෙදරට ආවා. එයා එහේ හිටපු ඊශ්‍රායෙල් සෙනඟගේ නඩුත් විසඳුවා. එයා රාමාවල යෙහෝවා දෙවියන්ට පූජාසනයක් ඉදි කළා.+

පාදසටහන්

මූ.අ., “ශුද්ධ තත්වයකට ගෙනාවා.”
හෝ, “අඬඅඬ උදව් ඉල්ලන්න පටන්ගත්තා.”
තේරුම, “උදව්ව කියන ගල.”