දෙවෙනි කොරින්ති 13:1-14

  • අනතුරු ඇඟවීම් සහ දිරිගැන්වීම් (1-14)

    • ‘විශ්වාසයට එකඟව ජීවත් වෙනවාද කියලා නිතරම සෝදිසි කරලා බලන්න’ (5)

    • මඟ පෙන්වීම් පිළිගන්න; එක මනසකින් ඉන්න (11)

13  මං ඔයාලව හම්බ වෙන්න එන්න හදන තුන්වෙනි සැරේ තමයි මේ. “හැම කාරණයක්ම සාක්ෂිකරුවන් දෙන්නෙක්ගේ නැත්නම් තුන්දෙනෙක්ගේ සාක්ෂි මත ස්ථිර කරගන්න ඕනෙ”+ කියන දේ මතක තියාගන්න.  මම ඔයාලා ළඟ නැති වුණත් මට දැනෙන්නේ මං දෙවෙනි පාරට ඔයාලව හම්බ වෙන්න ඇවිත් කියලා. ඒ නිසා මං කියන දේවල් මං ඔයාලා ළඟ ඉඳන් කියනවා කියලා හිතන්න. කලින් වැරදි දේවල් කරලා තියෙන අයටයි, අනිත් හැමෝටමයි මං මේ ගැන අනතුරු අඟවනවා. මං ආයේ ආවොත් මං දෙන හික්මවීම්වලින් බේරෙන්න ඔයාලා කාටවත් බැහැ.  එතකොට මට පුළුවන් ක්‍රිස්තුස් මං මාර්ගයෙන් කතා කරනවා කියන දේට සාක්ෂි ඔයාලට පෙන්නන්න. ඇත්තටම ක්‍රිස්තුස් ඔයාලා එක්ක වැඩ කරද්දී ඔහු පෙන්නනවා ඔහු දුර්වල කෙනෙක් නෙමෙයි ඔහුට ලොකු බලයක් තියෙනවා කියලා.  දුර්වල මනුස්සයෙක් විදිහට ඉද්දී ඔහුව වධකණුවක ඇණ ගැහුවා තමයි. ඒත් දෙවියන්ගේ බලය නිසා ඔහු ජීවත් වෙනවා.+ අපිත් ඔහු කලින් හිටියා වගේ දුර්වල අය. ඒත් අනාගතයේදී අපි ඔහු එක්ක ජීවත් වෙන්න යනවා.+ මොකද ඔයාලාගේ ජීවිතවලත් දෙවියන්ගේ බලය වැඩ කරනවා.+  දෙවියන් ගැන ඔයාලට තියෙන විශ්වාසයට එකඟව ඔයාලා ජීවත් වෙනවාද කියලා නිතරම සෝදිසි කරලා බලන්න.+ ඔයාලා දේවල් හරි විදිහට කරනවාද කියලා නිතරම ඔයාලටම ස්ථිර කරගන්න. යේසුස් ක්‍රිස්තුස් ඔයාලා එක්ක එකට බැඳිලා ඉන්නවා කියලා ඔයාලා තේරුම් අරන් නැද්ද? දෙවියන් ඔයාලව ප්‍රතික්ෂේප කරලා නැත්නම් ඒක ඔයාලා තේරුම්ගන්න ඕනේ.  මං ඇත්තටම හිතනවා දෙවියන් අපිව ප්‍රතික්ෂේප කරලා නැහැ කියලා ඔයාලා තේරුම්ගනියි කියලා.  ඔයාලා අතින් කිසිම වැරදි දෙයක් වෙන්න එපා කියලා අපි දෙවියන්ට යාච්ඤා කරනවා. අපි එහෙම කරන්නේ දෙවියන්ගේ පිළිගැනීම අපිට තියෙනවා කියලා අනිත් අයට පෙන්නන්න නෙමෙයි. අනිත් අය හිතුවත් දෙවියන් අපිව ප්‍රතික්ෂේප කරලා කියලා ඒකට කමක් නැහැ. අපිට ඕනෙ ඔයාලා හරි දේ කරනවා දකින්න.  දෙවියන්ගෙන් ලැබෙන සත්‍යයට බාධා වෙන කිසිම දෙයක් කරන්න අපිට බැහැ. ඒ සත්‍යය වෙනුවෙන් වැඩ කරන්න විතරයි අපිට පුළුවන්.  ඔයාලා ශක්තිමත්ව ඉද්දී අපි දුර්වල අය වෙනවා. ඒ වුණත් අපි ඔයාලා ගැන සතුටු වෙනවා. ඇත්තටම අපි යාච්ඤා කරන්නේ ආයෙත් හරි මාර්ගයට එන්න ඔයාලට උදව් කරන්න කියලා. 10  ඉතින් මං එන්න කලින් මේ දේවල් ගැන ඔයාලට ලියන්න හිතුවා. එතකොට මං ආවාම ස්වාමීන් මට දීලා තියෙන අධිකාරිය පාවිච්චි කරලා දැඩි පියවර ගන්න වෙන්නේ නැහැ.+ ඔහු ඒ අධිකාරිය දුන්නේ ඔයාලව ගොඩනංවන්න මිසක් බිඳලා දාන්න නෙමෙයි. 11  සහෝදරයෙනි, දිගටම සතුටු වෙන්න. හරි මාර්ගයට එන්න ඔයාලට දෙන මඟ පෙන්වීම් පිළිගන්න.* අනිත් අයගෙන් ලැබෙන දිරිගැන්වීම් භාරගන්න.+ එක මනසකින් ඉන්න.+ සමාදානයෙන් ජීවත් වෙන්න.+ එහෙම කරනවා නම් ආදරෙන් පිරුණු, සමාදානය ලබා දෙන දෙවියන්+ ඔයාලා එක්ක ඉඳියි. 12  එකිනෙකාව ආදරෙන් පිළිගන්න.* 13  ශුද්ධ අය හැමෝම ඔයාලව මතක් කරනවා. 14  ඔයාලා හැමෝටම ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ මහත් කරුණාවයි, දෙවියන්ගේ ආදරෙයි, ඔහුගේ බලය මාර්ගයෙන් ලැබෙන ආශීර්වාදයි ලැබෙන්න කියලා මං පතනවා.

පාදසටහන්

හෝ, “දිගටම ඔයාලව නිවැරදි කරගන්න.”
හෝ, “පිරිසිදු හිතින් එකිනෙකාව ඉඹලා පිළිගන්න.”