දෙවෙනි කොරින්ති 3:1-18

  • විස්තර ඇතුළත් ලියුම් (1-3)

  • අලුත් ගිවිසුමේ දේවසේවකයන් (4-6)

  • අලුත් ගිවිසුමට වැඩි තේජසක් ලැබෙයි (7-18)

3  අපි කවුද කියලා ආයෙත් ඔයාලට ඔප්පු කරන්න ඕනෙද? සමහරු කරනවා වගේ අපි ගැන විස්තර ඇතුළත් ලියුමක් අපි ඔයාලට දෙන්න ඕනෙද? නැත්නම් ඒ වගේ ලියුමක් අපි ඔයාලාගෙන් ඉල්ලගන්න ඕනෙද?  ඔයාලා තමයි අපේ ලියුම.+ ඒක ලියලා තියෙන්නේ අපේ හදවත්වල. හැම මනුස්සයෙක්ම ඒ ගැන දන්නවා වගේම ඒක කියවනවා.  ඔයාලා ක්‍රිස්තුස්ගෙන් ලැබුණ ලියුමක් කියලා පැහැදිලියි. දේවසේවකයන් වන අපි තමයි ඒක ලිව්වේ.+ ඒ ලියුම ලිව්වේ තීන්තවලින් නෙමෙයි ජීවමාන දෙවියන්ගේ බලයෙන්. ඒක ලිව්වේ ගල් පුවරුවල නෙමෙයි+ හදවත්වල.+  ඒ ගැන නිසැකවම දෙවියන් ඉස්සරහා අපිට කියන්න පුළුවන් ක්‍රිස්තුස් නිසයි.  අපි කියන්න හදන්නේ අපේම හැකියාවෙන් මේ සේවය කරනවා කියලා නෙමෙයි. මේ සේවය කරන්න අපිට උදව් කරන්නේ* දෙවියන්.+  ඇත්තටම ඔහු නිසයි අලුත් ගිවිසුමේ දේවසේවකයන්+ වෙන්න අපිට හැකියාව* ලැබිලා තියෙන්නේ. අපි සේවය කරන්නේ අතින් ලියපු නීති මාලාවකට යටත් වෙලා නෙමෙයි+ ඔහුගේ බලයට යටත් වෙලයි. නීති මාලාව කෙනෙක්ව මරණයට සුදුස්සෙක් කරනවා.+ ඒත් දෙවියන්ගේ බලය කෙනෙක්ට ජීවිතය දෙනවා.+  මිනිස්සුන්ව මරණයට නියම කරන, ගල්වල ලියලා තිබුණ නීතිය+ දුන්නේ කොච්චර තේජසක් එක්කද කියනවා නම් ඊශ්‍රායෙල් සෙනඟට මෝසෙස්ගේ මූණ දිහා බලන්නවත් බැරි වුණා. මොකද ඒ තරමටම එයාගේ මූණ දීප්තියෙන් බැබළුණා.+ ඒත් ඒ තේජස නැති වෙලා යන්න තිබුණ එකක්.  එහෙමනම් දෙවියන්ගේ බලය ලබා දෙද්දී+ ඊට වඩා කොච්චර තේජසක් දකින්න තියෙන්න ඕනෙද?+  මිනිස්සුන්ව වරදකරුවන් කරන නීතියට+ ඒ තරම් තේජසක් ලැබුණා නම්+ මිනිස්සුන්ට ධර්මිෂ්ඨ අය වෙන්න උදව් කරන මේ සේවයට ඊට වඩා කොච්චර තේජසක් ලැබෙන්න ඕනෙද!+ 10  කාලයක් ලොකු තේජසක් ලබා දීලා තිබුණ දේකින් ඒ තේජස අයින් කරලා දැම්මා. එහෙම කළේ ඒ දේට තිබුණාට වඩා තේජසක් තියෙන දෙයක් ඇවිත් තියෙන නිසයි.+ 11  නැති වෙලා යන්න නියමිතව තිබුණ දේ ඒ තරම් තේජසක් එක්ක ලබා දුන්නා නම්+ දිගටම තියෙන දේට ඊට වඩා කොච්චර තේජසක් ලැබෙන්න ඕනෙද!+ 12  අපිට ඒ වගේ බලාපොරොත්තුවක් තියෙන නිසා+ කිසිම බයක් සැකක් නැතුව කතා කරන්න පුළුවන්. 13  මෝසෙස් එයාගේ මූණ වැස්මකින් වහගත්ත විදිහට අපි කරන්නේ නැහැ.+ මෝසෙස් එහෙම කළේ නැති වෙලා යන්න නියමිතව තිබුණ දේට අවසානයේදී වෙන්නේ මොකක්ද කියලා ඊශ්‍රායෙල් සෙනඟට දැකගන්න බැරි වෙන්නයි. 14  ඒත් ඒක එයාලට තේරුම්ගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. මේ වෙන කල්ම එයාලාගේ මනස් වැස්මකින් වහලයි තියෙන්නේ.+ පරණ ගිවිසුම කියවද්දී ඒක තේරුම්ගන්න එයාලට බැහැ.+ මොකද ඒ වැස්ම අයින් කරන්න පුළුවන් ක්‍රිස්තුස් මාර්ගයෙන් විතරයි.+ 15  ඇත්තටම තාමත් එයාලාගේ හිත් වැස්මකින් වැහිලයි තියෙන්නේ.+ ඒ නිසයි මෝසෙස්ගේ ලියවිලිවල තියෙන දේ+ තේරුම්ගන්න එයාලට බැරි වෙලා තියෙන්නේ. 16  ඒත් කෙනෙක් යෙහෝවා* ළඟට ආපහු හැරිලා එද්දී ඒ වැස්ම අයින් කරනවා.+ 17  යෙහෝවා* පේන්නේ නැති දෙවි කෙනෙක්.+ ඔහු ඉන්නේ ස්වර්ගයේ.* යෙහෝවාගේ* බලය තියෙන තැන නිදහස තියෙනවා.+ 18  අපි හැමෝම අපේ මූණු වැහිලා තිබුණ වැස්ම අයින් කරලයි තියෙන්නේ. ඒ නිසා අපි යෙහෝවාගේ* තේජස පිළිබිඹු කරන කණ්ණාඩි වගෙයි. දෙවියන්ට සමානකම් තියෙන අය වෙන්න අපිව දවසින් දවස වෙනස් කරනවා. ඒ තව තවත් වැඩියෙන් දෙවියන්ගේ තේජස අපෙන් පිළිබිඹු වෙන්නයි. ඒ වෙනස සිද්ධ වෙන්නේ නොපෙනෙන දෙවියන් වන යෙහෝවා* කැමති විදිහටමයි.*+

පාදසටහන්

හෝ, “අවශ්‍ය සුදුසුකම් දෙන්නේ.”
හෝ, “අවශ්‍ය සුදුසුකම්.”
උප. A5 බලන්න.
උප. A5 බලන්න.
ග්‍රීක භාෂාවේ මෙතන දෙවියන්ව විස්තර කරන්න පාවිච්චි කරලා තියෙන්නේ නියුමා කියන වචනය. “පැහැදිලි කිරීමක්” බලන්න.
උප. A5 බලන්න.
උප. A5 බලන්න.
උප. A5 බලන්න.
හෝ සමහරවිට, “යෙහෝවාගේ බලය මාර්ගයෙන්.”