දෙවෙනි කොරින්ති 4:1-18

  • ශුභාරංචියේ ආලෝකය (1-6)

    • විශ්වාසයක් නැති ඒ අයගේ මනස් අන්ධ කරලා (4)

  • මැටි බඳුන්වල තියෙන වටින වස්තුව (7-18)

4  අපිට දයාව පෙන්නලා මේ සේවය භාර දීලා තියෙන නිසා අපි මේ සේවය අත්හරින්නේ නැහැ.  හොර රහසේ කරන ලැජ්ජාසහගත දේවල් අපි පිළිකුල් කරලයි තියෙන්නේ. අපි කපටි විදිහට වැඩ කරන්නේ නැහැ. දේවවචනයට දේවල් එකතු කරන්නෙවත් ඒකෙන් දේවල් අඩු කරන්නෙවත් නැහැ.+ ඒ වෙනුවට සත්‍යය ඒ විදිහටම මිනිස්සුන්ට කියලා දෙවියන් ඉස්සරහා හරි දේ කරන අපි, හෘද සාක්ෂියක් තියෙන හැමෝටම හොඳ ආදර්ශයක් තියලා තියෙනවා.+  අපි කියන ශුභාරංචිය වැස්මකින් වැහිලා තියෙනවා නම් එහෙම වැහිලා තියෙන්නේ විනාශයට යන අය අතරෙයි.  විශ්වාසයක් නැති ඒ අයගේ මනස් මේ සමාජයේ* දෙවියා+ අන්ධ කරලයි තියෙන්නේ.+ ඒ නිසා දෙවියන්ට සමානකමක් තියෙන ක්‍රිස්තුස්+ ගැන තේජවත් ශුභාරංචියේ ආලෝකය එයාලට පේන්නේ නැහැ.+  දේශනා කරද්දී අපි කියන්නේ අපි ගැන නෙමෙයි. ඒ වෙනුවට යේසුස් ක්‍රිස්තුස්, ස්වාමීන් කියලත් ඔහු වෙනුවෙන් අපි ඔයාලාගේ දාසයන් වුණා කියලත් අපි කියනවා.  “අන්ධකාරය අතරින් ආලෝකය බැබළෙන්න” කියලා කිව්වේ දෙවියන්මයි.+ ක්‍රිස්තුස්ගේ මූණෙන් බැබළෙන, දෙවියන් ගැන තේජවත් දැනුමෙන් ඔහු අපේ හදවත් ආලෝකවත් කරලා තියෙනවා.+  අපි මැටි බඳුන්+ වගේ වුණත් අපි ළඟ වටින වස්තුවක් තියෙනවා.+ ඒක අපිට ලැබිලා තියෙන්නේ මිනිස්සුන්ගේ ශක්තියෙන් ලබාගන්න බැරි බලයක් අපි ළඟ තියෙනවා කියලා පැහැදිලි වෙන්නයි. ඒ බලය අපෙන් එන දෙයක් නෙමෙයි, ඒක ලැබෙන්නේ දෙවියන්ගෙන්.+  අපිව හැම පැත්තෙන්ම තළලා පොඩි කරලා දායි. ඒත් හෙල්ලෙන්න බැරි තරමටම අපිව හිර කරන්න බැහැ. කරන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරි තැනට අපි එයි. ඒත් කරකියාගන්න දෙයක් නැතුව අපි අතරමං වෙන්නේ නැහැ.*+  අපිට පීඩා කරයි. ඒත් අපිව අත්හැරලා දාන්නේ නැහැ.+ අපිව බිමටම ඇදලා දායි. ඒත් අපි විනාශ වෙන්නේ නැහැ.+ 10  යේසුස් මූණ දුන්න දරුණු, භයානක දේවල්වලට අපිත් නිතරම මූණ දෙනවා.+ ඒ අපි ගත කරන ජීවිතේ යේසුස් ගත කරපු ජීවිතේට සමාන එකක් කියලා හැමෝටම පැහැදිලි වෙන්නයි. 11  අපි යේසුස් වෙනුවෙන් ජීවත් වෙන නිසා අපේ ජීවිත නිතරම තියෙන්නේ අවදානමේ.+ ඒ අපි ගත කරන ජීවිතේ යේසුස් ගත කරපු ජීවිතේට සමාන එකක් කියලා හැමෝටම පැහැදිලි වෙන්නයි. 12  අපිට මරණයට මූණ දෙන්න සිද්ධ වුණත් ඒකෙන් ඔයාලට ජීවනය ලැබෙනවා. 13  ලියවිලිවල කතා කරන විදිහේ විශ්වාසයක් අපිටත් තියෙනවා. ලියවිලිවල කියනවා “මට විශ්වාසයක් තියෙනවා. ඒ නිසයි මං කතා කරන්නේ”+ කියලා. අපිටත් විශ්වාසයක් තියෙනවා. ඒ නිසයි අපිත් කතා කරන්නේ. 14  යේසුස්ව නැඟිට්ටවපු තැනැත්තා යේසුස් එක්ක එකට ඉන්න අපිවත් නැඟිට්ටවනවා කියලා අපි දන්නවා. ඒ වගේම ඔහු අපිවයි, ඔයාලවයි යේසුස් ඉස්සරහට අරන් යනවා කියලත් අපි දන්නවා.+ 15  ඔයාලා වෙනුවෙන් මේ හැම දෙයක්ම අපි දරාගත්තේ තව වැඩිදෙනෙක්ට දෙවියන්ගේ මහත් කරුණාව අද්දකින්න පුළුවන් වෙන්නයි. ඒ නිසා වැඩිදෙනෙක් දෙවියන්ට ස්තුති කරනවා. ඒකෙන් දෙවියන්ට ලොකු ගෞරවයක් ලැබෙනවා.+ 16  ඉතින් අපි අත්හරින්නේ නැහැ. මොකද අපි පිටින් දිරාපත් වෙලා ගියත් අපේ ඇතුළාන්තය දවසින් දවස අලුත් වෙනවා. 17  අපි මූණ දෙන පීඩා* එච්චර ලොකු දේවල් කියලා හිතන්න ඕනෙ නැහැ. ඒවා තියෙන්නේ කෙටි කාලෙකට විතරයි. ඒ පීඩා දරාගන්න එකෙන් අපිට තේජසක් ලැබෙනවා. දිනෙන් දින වැඩි වෙන ඒ තේජස කිසිම දේකට සමාන කරන්න බැහැ. ඒක සදාකාලිකයි.+ 18  ඒ නිසයි අපි පේන දේවල් දිහා බලාගෙන ඉන්නවා වෙනුවට පේන්නේ නැති දේවල් දිහා බලාගෙන ඉන්නේ.+ මොකද පේන දේවල් තාවකාලිකයි. පේන්නේ නැති දේවල් සදාකාලිකයි.

පාදසටහන්

හෝ සමහරවිට, “ඒත් අපි අසරණ වෙන්නේ නැහැ.”
හෝ, “ප්‍රශ්න ගැටලු.”