දෙවෙනි කොරින්ති 6:1-18

  • දෙවියන්ගේ කරුණාව වැරදි විදිහට පාවිච්චි කරන්න එපා (1, 2)

  • පාවුල් කරපු සේවය (3-13)

  • දෙවියන්ට සේවය නොකරන අය එක්ක බැඳීම් ඇති කරගන්න එපා (14-18)

6  දෙවියන් එක්ක එකට වැඩ කරන අය+ විදිහට අපි ඔයාලාගෙන් ඉල්ලීමක් කරන්න කැමතියි. දෙවියන්ගේ මහත් කරුණාව අද්දකින ඔයාලා, ඔහු ඒ කරුණාව පෙන්නුවේ ඇයි කියලා අමතක කරන්න එපා.+  මොකද ඔහු මෙහෙම කියනවා. “කරුණාව පෙන්නන කාලේ ආවාම මං ඔයාලට ඇහුම්කන් දුන්නා. ගැලවීම ලබා දෙන දවස ආවාම මං ඔයාලට උදව් කළා.”+ බලන්න! දැන් තමයි කරුණාව පෙන්නන කාලේ! දැන් තමයි ගැලවීම ලබා දෙන දවස!  කිසිම කෙනෙක්ට වැටෙන්න හේතු වෙන කිසිම දෙයක් අපි කරන්නේ නැහැ. එතකොට අපි කරන සේවයට ඇඟිල්ල දික් කරන්න කාටවත් බැරි වෙයි.+  අපි දෙවියන්ගේ සේවකයන් කියන දේ මේ හැම විදිහකින්ම ඔප්පු කරලා පෙන්නනවා.+ අපි ගොඩක් දේවල් විඳදරාගන්නවා. පීඩාවලට, අගහිඟකම්වලට, දුෂ්කරතාවලට මූණ දෙනවා.+  අපි ගුටිබැට කනවා, හිරේ යනවා,+ කෝලහලවලට අහු වෙනවා, ගොඩක් මහන්සි වෙලා වැඩ කරනවා, නිදි මරනවා සහ කෑම නැතුවත් ඉන්නවා.+  ඒ වගේම අපි පවිත්‍ර ජීවිතයක් ගත කරනවා. නිවැරදි දැනුමක් ලබාගෙන තියෙනවා. අපි ඉවසනවා,+ කරුණාව පෙන්නනවා.+ දෙවියන්ගේ බලය ලබාගන්නවා. අපි මවාපාන්නේ නැතුව අවංක ආදරයක් පෙන්නනවා.+  අපි ඇත්ත කතා කරනවා, දෙවියන් දෙන ශක්තිය ලබාගන්නවා,+ දකුණු අතේ සහ වම් අතේ තියෙන ධර්මිෂ්ඨ ආයුධ*+ පාවිච්චි කරනවා,  අපි ගෞරවය ලබනවා, නින්දා විඳිනවා, අපි ගැන කියන නරක දේවල් සහ හොඳ දේවල් අහන් ඉන්නවා. මිනිස්සු අපිව සලකන්නේ අනිත් අයව රවට්ටන අය විදිහට. ඒත් අපි කතා කරන්නේ ඇත්ත.  මිනිස්සු අපිව සලකන්නේ පිළිගැනීමක් නැති අය විදිහට. ඒත් දෙවියන් අපිව පිළිගන්නවා. මිනිස්සු අපිව සලකන්නේ මැරෙන්න ඔන්න මෙන්න ඉන්න අය විදිහට. ඒත් අපි ජීවත් වෙනවා.+ අපිව සලකන්නේ දඬුවම් ලබපු අය විදිහට. ඒත් තවමත් අපිව මරලා දාලා නැහැ.+ 10  මිනිස්සු අපිව සලකන්නේ දුකින් ඉන්න අය විදිහට. ඒත් අපි හැම තිස්සේම ඉන්නේ සතුටින්. මිනිස්සු අපිව සලකන්නේ දුප්පත් අය විදිහට. ඒත් අපි හුඟදෙනෙක්ව පොහොසත් කරනවා. අපිව දකින්නේ කිසිම දෙයක් නැති අය විදිහට. ඒත් අපිට හැම දෙයක්ම තියෙනවා.+ 11  කොරින්තියේ සහෝදරයෙනි, අපි ඔයාලට කතා කරන්නේ කිසිම දෙයක් හංගන්නේ නැතුවයි. අපි අපේ හදවත් සම්පූර්ණයෙන්ම විවෘත කරලා ඔයාලට ආදරේ පෙන්නුවා. 12  අපේ ආදරේ, සෙනෙහස ඔයාලට පෙන්නන්න අපි අදිමදි කරන්නේ නැහැ.+ ඒත් ඔයාලා අපිට සෙනෙහස පෙන්නන්න අදිමදි කරනවා. 13  ඉතින් මං මගේම දරුවන්ට කතා කරනවා වගේ ඔයාලට කතා කරලා කියන්නේ ඔයාලත් ඔයාලාගේ හදවත් විවෘත කරලා ආදරේ පෙන්නන්න කියලා.*+ 14  දෙවියන්ට සේවය කරන්නේ නැති අය එක්ක බැඳීම් ඇති කරගන්න එපා.*+ ධර්මිෂ්ඨකමයි, දුෂ්ටකමයි* අතර සම්බන්ධයක් තියෙනවාද?+ ආලෝකයයි, අන්ධකාරයයි අතර තියෙන සම්බන්ධය මොකක්ද?+ 15  ක්‍රිස්තුස් සහ බෙලියල්* අතර එකමුතුකමක් තියෙන්න පුළුවන්ද?+ දෙවියන්ට සේවය කරන කෙනෙකුයි,* සේවය කරන්නේ නැති කෙනෙකුයි අතර කිසිම ගැළපීමක් තියෙනවාද?+ 16  වෙනත් දෙවිවරුන්ගේ රූපවලට දෙවියන්ගේ මාලිගාවේ ඉඩක් තියෙනවාද?+ මොකද දෙවියන් කියපු විදිහටම අපි ජීවමාන දෙවියන්ට අයිති මාලිගාවක් වගේ.+ ඔහු කිව්වේ “මම ඇවිත් එයාලා අතරේ ඉන්නවා.+ මම එයාලා එක්කම ඉඳලා එයාලාගේ දෙවියන් වෙනවා. එයාලා මගේ සෙනඟ වෙනවා”+ කියලයි. 17  “‘ඉතින් ඒ අය අතරෙන් පිට වෙලා එන්න. එයාලාගෙන් අයින් වෙන්න’ කියලා යෙහෝවා* කියනවා. ‘අපවිත්‍ර දේවල් අල්ලන්න එපා,’”+ “‘එතකොට මම ඔයාලව පිළිගන්නවා.’”+ 18  “‘මම ඔයාලට තාත්තා කෙනෙක් වෙනවා.+ ඔයාලා මගේ දූදරුවන් වෙනවා’+ කියලා සියලු බලැති යෙහෝවා* කියනවා.”

පාදසටහන්

සමහරවිට පහර දෙන්න නැත්නම් ආරක්ෂා වෙන්න පාවිච්චි කරපු ආයුධ වෙන්න ඇති.
හෝ, “ඔයාලාගේ හදවත් තවත් විශාල කරගන්න.”
ඒ කියන්නේ නොගැළපෙන සත්තු දෙන්නෙක්ව වියගහක බඳිනවා වගේ දෙයක් කරන්න එපා.
මේකෙන් අදහස් කරන්නේ දෙවියන්ගේ නීති ගාණකටවත් ගන්නේ නැති එකයි.
ඒ නම හැදිලා තියෙන්නේ “කිසි වැඩකට නැහැ” කියන තේරුම තියෙන හෙබ්‍රෙව් වචනයකින්. මේ කතා කරන්නේ සාතන් ගැනයි.
හෝ, “දෙවියන්ට විශ්වාසවන්ත කෙනෙකුයි.”
උප. A5 බලන්න.
උප. A5 බලන්න.