දෙවෙනි තිමෝති 1:1-18

  • සුබ පැතුම් (1, 2)

  • තිමෝතිගේ විශ්වාසය ගැන පාවුල් දෙවියන්ට ස්තුති කරයි (3-5)

  • දෙවියන්ගෙන් ලැබුණ තෑග්ග තව තවත් උද්‍යෝගයෙන් පාවිච්චි කරන්න (6-11)

  • සත්‍ය ඉගැන්වීම්වලට දිගටම ඇලිලා ඉන්න (12-14)

  • පාවුල්ගේ හතුරන් සහ යාළුවන් (15-18)

1  මේ ලියුම ලියන්නේ දෙවියන්ගේ කැමැත්තට එකඟව ක්‍රිස්තුස් යේසුස්ගේ නියෝජිතයෙක්* විදිහට සේවය කරන පාවුල් වන මමයි. මං මේ විදිහට සේවය කරන්නේ ක්‍රිස්තුස් යේසුස් එක්ක එකට බැඳිලා ඉන්න අයට දෙවියන් දෙන්න පොරොන්දු වෙලා තියෙන ජීවිතය ගැන කියන්න.+  මං මේ ලියුම ලියන්නේ මගේම පුතෙක් වගේ ඉන්න ආදරණීය තිමෝතිට.+ අපේ තාත්තා වන දෙවියන්ගෙන් සහ අපේ ස්වාමීන් වන ක්‍රිස්තුස් යේසුස්ගෙන් ඔයාට මහත් කරුණාවත්* දයාවත් සමාදානයත් ලැබේවා!  මං දෙවියන්ට මොන තරම් ස්තුතිවන්ත වෙනවාද! මගේ මුතුන්මිත්තන් කළා වගේ මමත් දෙවියන්ට පරිශුද්ධ සේවයක් කරලා ඔහු ඉස්සරහා මගේ හෘද සාක්ෂිය නිදොස්ව තියාගෙන ඉන්නවා. ඒ වගේම මම රෑ දවල් ඔයා වෙනුවෙන් දිගටම දෙවියන්ට කන්නලව් කරනවා.  ඔයාගේ ඇස්වලින් ගලපු කඳුළු මතක් වෙද්දී ඔයාව ආයෙත් දකින්න මට තියෙන ආසාව තවත් වැඩි වෙනවා. මං දන්නවා ඔයාව දැක්කාම මගේ හිත සතුටින් පිරිලා යයි කියලා.  ඔයා ගොඩනඟාගෙන තිබුණ විශ්වාසය ගැන මට තාමත් මතකයි. ඒක කිසි කුහකකමක් නැති අවංක විශ්වාසයක්.+ ඒ වගේ විශ්වාසයක් මුලින්ම තිබුණේ ඔයාගේ ආච්චි ලොයිස්ටයි, ඔයාගේ අම්මා යූනිස්ටයි. දැනුත් ඔයාට ඒ විදිහේම විශ්වාසයක් තියෙනවා කියලා මට කිසිම සැකයක් නැහැ.  මං ඔයා පිට අත තියපු වෙලාවේ ඔයාට දෙවියන්ගෙන් ලැබුණ තෑග්ග හොඳින් පාවිච්චි කරන්න කියලා මං මතක් කරන්නේ ඒ නිසයි.+ හරියට ගින්නක් තව තවත් අවුළුවනවා වගේ ඒ තෑග්ග තව තවත් උද්‍යෝගයෙන් පාවිච්චි කරන්න.  මොකද දෙවියන්ගෙන් අපිට ලැබුණ බලය නිසා අපි තුළ බියගුලුකමක් ඇති වුණේ නැහැ.+ ඒ වෙනුවට අපිට ලොකු ශක්තියක් ලැබුණා.+ ආදරෙන්, හොඳ සිහිකල්පනාවෙන් වැඩ කරන්න හැකියාව ලැබුණා.  ඉතින් අපේ ස්වාමීන් ගැන සාක්ෂි දරන එක ගැනවත් ඔහු වෙනුවෙන් හිරකරුවෙක් වෙලා ඉන්න මං ගැනවත් ලැජ්ජා වෙන්න එපා.+ ඒ වෙනුවට දෙවියන්ගේ බලයේ උදව්වෙන්+ ශුභාරංචිය වෙනුවෙන් දුක් විඳින්න ලෑස්ති වෙන්න.+  දෙවියන් අපිව ගලවගෙන ශුද්ධ අය වෙන්න අපිව තෝරගත්තේ+ අපි කරපු කිසිම දෙයක් නිසා නෙමෙයි. ඔහු අරමුණු කරපු දේ සහ ඔහු පෙන්නපු මහත් කරුණාව නිසයි ඔහු අපිව තෝරගත්තේ.+ දෙවියන් අපිට ඒ මහත් කරුණාව ක්‍රිස්තුස් යේසුස් මාර්ගයෙන් පෙන්නන්න තීරණය කළේ හුඟ කාලෙකට කලිනුයි. 10  ඒ කරුණාව අපේ ගැලවුම්කරු වන ක්‍රිස්තුස් යේසුස්ව+ දකින්න ලැබුණ අවස්ථාවේදී ගොඩක් පැහැදිලිව පේන්න තිබුණා. ක්‍රිස්තුස් මරණය නැති කළා.+ අපිට ලැබෙන ජීවිතය+ සහ කවදාවත් කුණු වෙලා යන්නේ නැති ශරීරය+ ගැන ඔහු ශුභාරංචිය+ මාර්ගයෙන් අපිට හෙළි කළා. 11  ඒ ශුභාරංචිය දේශනා කරන්න, ඒ වෙනුවෙන් නියෝජිතයෙක් සහ ගුරුවරයෙක් විදිහට වැඩ කරන්න මාව පත් කරලා තියෙනවා.+ 12  ඒ නිසයි මට මේ තරම් දුක් විඳින්න වෙලා තියෙන්නේ.+ ඒත් මං ඒ ගැන ලැජ්ජා වෙන්නේ නැහැ.+ මොකද මං විශ්වාස කරන දෙවියන්ව මං හොඳින් හඳුනනවා. ඒ වගේම මං දෙවියන්ට ලොකු විශ්වාසයකින් භාර දීලා තියෙන හැම දේම ඔහු ඒ දවස එන කල් බලාගනියි කියලා මට කිසිම සැකයක් නැහැ.+ 13  ඔයා මගෙන් ඉගෙනගත්ත සත්‍ය* ඉගැන්වීම්වලට* දිගටම ඇලිලා ඉන්න.+ ඔයා හැම වෙලේම ආදර්ශයට ගන්න ඕනෙ ඒ ඉගැන්වීම්. ඒ වගේම ක්‍රිස්තුස් යේසුස් එක්ක එකට බැඳිලා ඉන්න කෙනෙක් විදිහට ඔයාට තියෙන ආදරේ, විශ්වාසය රැකගන්න. 14  ඔයාට ලොකු විශ්වාසයකින් භාර දීලා තියෙන ඒ වටිනා තෑග්ග ආරක්ෂා කරගන්න. අපි හැමෝම තුළ ක්‍රියාත්මක වෙන දෙවියන්ගේ බලයේ උදව්වෙන් ඒක කරන්න.+ 15  ආසියා පළාතේ+ ඉන්න හැමෝම මාව අත්හැරලා දාලා කියලා ඔයා දන්නවා. ඒ අය අතරේ ෆිගෙලස් සහ හර්මොජෙනිස් ඉන්නවා. 16  ඒත් ඔනෙසිෆරස්ටත්+ එයාගේ ගෙදර ඉන්න හැමෝටමත් ස්වාමීන්ගේ දයාව ලැබෙන්න කියලා මං පතනවා. මොකද එයා නිතරම වගේ මට ලොකු ශක්තියක්, සහනයක් වුණා. මාව දම්වැල්වලින් බැඳලා තිබුණත් එයා මං ගැන ලැජ්ජා වුණේ නැහැ. 17  ඒ වෙනුවට රෝමයට ආවාම එයා කොහොමහරි මං ඉන්න තැන හොයාගෙන මාව හම්බ වෙන්න ආවා. 18  එයා එෆීසයේදී මං වෙනුවෙන් කරපු හැම දෙයක් ගැනම ඔයා හොඳින්ම දන්නවා. විනිශ්චය දවසේදී එයාට යෙහෝවාගේ* දයාව ලබාගන්න ස්වාමීන්ගේ උදව් ලැබෙන්න කියලා මම පතනවා.

පාදසටහන්

හෝ, “යවනු ලැබූ කෙනෙක්.”
හෝ, “ලබන්න නොවටිනා කරුණාවත්.” “පැහැදිලි කිරීමක්” බලන්න.
හෝ, “ප්‍රයෝජනවත්; සුවදායක.”
හෝ, “ඉගැන්වීම්වල රටාවට.”
උප. A5 බලන්න.