දෙවෙනි පේතෘස් 1:1-21

  • සුබ පැතුම් (1)

  • කැඳවීම ස්ථිර කරගන්න (2-15)

    • විශ්වාසයට එකතු කරගන්න ඕනෙ ගුණාංග (5-9)

  • අනාවැකි අනිවාර්යයෙන්ම ඉටු වෙනවා කියලා ස්ථිරයි (16-21)

1  මේ ලියුම ලියන්නේ යේසුස් ක්‍රිස්තුස්ගේ දාසයෙක් සහ නියෝජිතයෙක්* විදිහට සේවය කරන සීමොන් පේතෘස් වන මම. මං මේ ලියුම ලියන්නේ සත්‍යය ගැන අපිට තියෙන අනර්ඝ විශ්වාසයට සමාන විශ්වාසයක් ඇති කරගෙන තියෙන ඔයාලටයි. ඒක අපිට ලැබුණේ අපේ දෙවියන්ගේ සහ අපේ ගැලවුම්කරු වන යේසුස් ක්‍රිස්තුස්ගේ ධර්මිෂ්ඨකම නිසයි.  දෙවියන්ගේ මහත් කරුණාවත්* ඔහු දෙන සමාදානයත් වැඩි වැඩියෙන් ඔයාලට ලැබෙන්න කියලා මම පතනවා. දෙවියන් ගැනත් අපේ ස්වාමීන් වන යේසුස් ගැනත් නිවැරදි දැනුමක්+ ලබාගන්න එකෙන් ඒ කරුණාවත් සමාදානයත් අද්දකින්න ඔයාලට පුළුවන්.  දෙවියන් ගැන භක්තියක් ඇතුව ජීවත් වෙන්න අපිට ඕනෙ කරන හැම දෙයක්ම දෙවියන් තමන්ගේ බලය මාර්ගයෙන් අපිට නොමිලේ ලබා දීලා තියෙනවා. ඒ හැම දෙයක්ම අපිට ලැබුණේ අපිව කැඳවපු දෙවියන් ගැන අපි ලබාගෙන තියෙන නිවැරදි දැනුම නිසයි.+ ඔහු අපිව කැඳෙව්වේ ඔහු තේජසින් පිරුණු, යහපත්* දෙවි කෙනෙක් නිසයි.  ඔහු ඒ වගේ දෙවි කෙනෙක් නිසා හරිම අනර්ඝ, උතුම් පොරොන්දු අපිට ලබා දීලා තියෙනවා.+ එහෙම කළේ ඒ පොරොන්දු මාර්ගයෙන් දෙවියන්ට සමානකමක් තියෙන අය වෙන්න ඔයාලටත් අවස්ථාව දෙන්නයි.+ ඒ අවස්ථාව අපිට ලැබුණේ වැරදි ආශාවන් නිසා මේ ලෝකේ අය කරන පහත් දේවල්වලින් අපි අයින් වෙලා ඉන්න නිසයි.  ඉතින් පුළුවන් හැම උත්සාහයක්ම දරලා+ ඔයාලට තියෙන විශ්වාසයට නිර්මලකම එකතු කරගන්න.+ නිර්මලකමට දැනුම එකතු කරගන්න.+  ඔයාලට තියෙන දැනුමට තමන්ව පාලනය කරගැනීමේ හැකියාවත් තමන්ව පාලනය කරගැනීමේ හැකියාවට+ විඳදරාගැනීමේ හැකියාවත් විඳදරාගැනීමේ හැකියාවට දෙවියන් ගැන භක්තියත්+ එකතු කරගන්න.  දෙවියන් ගැන තියෙන භක්තියට සහෝදර සහෝදරියන් ගැන සෙනෙහසත් ඒ සෙනෙහසට ආදරෙත් එකතු කරගන්න.+  ඒ ගුණාංග ඔයාලා ළඟ තියෙනවා නම්, ඇත්තටම ඒවා ඔයාලාගේ ජීවිතවල පිරිලා ඉතිරිලා යනවා නම් අපේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් ගැන ඔයාලට තියෙන නිවැරදි දැනුමට එකඟව ඔයාලා ජීවත් වෙයි. එතකොට ඔයාලා අක්‍රියාශීලී වෙන්නෙවත් පල දරන්නේ නැති තත්වයකට පත් වෙන්නෙවත් නැහැ.+  ඒ දේවල් කෙනෙක් ළඟ නැත්නම් එයා අන්ධයෙක්. ආලෝකය දකින්න බැරි වෙන්න එයා ඉන්නේ ඇස් දෙක වහගෙන.*+ කාලෙකට කලින් එයා කරපු වැරදිවලින් පවිත්‍ර වුණ විදිහ+ එයා අමතක කරලා දාලා. 10  ඉතින් සහෝදරයෙනි, විශ්වාසවන්තව ඉන්න ඔයාලට කරන්න පුළුවන් හැම දේම කරන්න. එතකොට කැඳවපු,+ තෝරගත්ත අය අතරේ දිගටම ඉන්න ඔයාලට පුළුවන් වෙයි. මොකද ඒ ගුණාංග ඔයාලාගේ ජීවිතවලින් පෙන්නන්න දිගටම උත්සාහ කරනවා නම් ඔයාලා කවදාවත් වැටිලා යන්නේ නැහැ.+ 11  ඔයාලා එහෙම කරනවා නම් අපේ ස්වාමීන් සහ ගැලවුම්කරු වන යේසුස් ක්‍රිස්තුස්ගේ+ සදාකාලික රාජ්‍යයට+ ඇතුල් වෙන උතුම් ආශීර්වාදය ඔයාලට ලැබෙයි. 12  ඒ හේතුව නිසයි ඔයාලා මේ දේවල් දන්නවා වුණත් ඉගෙනගත්ත සත්‍යයන් ගැන ඔයාලට ලොකු විශ්වාසයක් තියෙනවා වුණත් මේ දේවල් ගැන මං ආයේ ආයේ ඔයාලට මතක් කරන්නේ. 13  මං මේ කූඩාරමේ* ජීවත් වෙන තාක් කල්+ ඔයාලට මේ දේවල් මතක් කරලා දෙන එක මගේ වගකීමක් කියලයි මං හිතන්නේ.+ 14  මං දන්නවා මං ඉන්න මේ කූඩාරම ළඟදීම මගෙන් අයින් කරනවා කියලා. මොකද අපේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් ඒක මට දන්වලා තියෙනවා.+ 15  ඉතින් මේ දේවල් ගැන ඔයාලට මතක් කරන්න මං උපරිම උත්සාහයක් ගන්නවා. එතකොට මං ඔයාලාගෙන් වෙන් වෙලා ගියාට පස්සේ ඒ දේවල් ආයේ මතක් කරගන්න ඔයාලටම පුළුවන්. 16  අපි ඔයාලට අපේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ බලය ගැනත් ඔහු පැමිණෙන කාලය* ගැනත් කිව්වේ මිනිස්සු දක්ෂ විදිහට ගොතපු කතා පාවිච්චි කරලා නෙමෙයි. ඔහුගේ තේජස ඇස් දෙකෙන්ම දැකලයි+ ඒ ගැන අපි කතා කළේ. 17  මොකද තාත්තා වන දෙවියන්ගෙන් ඔහුට ගෞරවයත් තේජසත් ලැබුණා. ඒ වෙලාවේ හැම තේජසක්ම අයිති කෙනා ඔහුට මෙහෙම කිව්වා. “මේ මගේ පුතා. මගේ ආදරණීය පුතා. මම එයා ගැන සතුටු වෙනවා.”+ 18  ඔහුත් එක්ක අපි ශුද්ධ කන්දේ ඉද්දී ඒ වචන ස්වර්ගයේ ඉඳන් කියනවා අපිටත් ඇහුණා. 19  අනාවැකි අනිවාර්යයෙන්ම ඉටු වෙනවා කියලා අපිට තවත් ස්ථිර වුණේ ඒ නිසයි. හැම අනාවැකියකටම හොඳ අවධානයක් දෙන්න. ඒවා හරියට අඳුරු තැනක ඒ කියන්නේ ඔයාලාගේ හදවත්වල දැල්වෙන පහනක් වගේ.+ අලුයම උදා වෙලා පහන් තාරකාව+ පායන කල් අනාවැකිවලට හොඳ අවධානයක් දෙන්න. 20  මොකද ඔයාලා හොඳින්ම දන්නවා ශුද්ධ ලියවිල්ලේ තියෙන කිසිම අනාවැකියක් මිනිස්සුන්ගේ අදහස්වලින් ආපු ඒවා නෙමෙයි කියලා. 21  මොකද කිසිම වෙලාවක මිනිස්සුන්ගේ වුවමනාවට අනාවැකි පළ කරලා නැහැ.+ දෙවියන්ගේ බලයේ මඟ පෙන්වීම්වලට එකඟව* දෙවියන්ගෙන් ලැබුණ වචන තමයි මිනිස්සු කිව්වේ.+

පාදසටහන්

හෝ, “යවනු ලැබූ කෙනෙක්.”
හෝ, “ලබන්න නොවටිනා කරුණාවත්.” “පැහැදිලි කිරීමක්” බලන්න.
හෝ, “නිර්මල.”
හෝ සමහරවිට, “එයා අන්ධයි, දුර පේන්නේ නැහැ.”
ඒ කියන්නේ මේ පොළොවේදී එයාට තියෙන ශරීරයේ.
හෝ, “පැමිණ සිටින කාලය.” “පැහැදිලි කිරීමක්” බලන්න.
මූ.අ., “දෙවියන්ගේ බලය එයාලව අරන් ගිය විදිහට.”