දෙවෙනි යොහන් 1:1-13

  • සුබ පැතුම් (1-3)

  • සත්‍ය ඉගැන්වීම්වලට එකඟව දිගටම ජීවත් වෙන්න (4-6)

  • රැවටිලිකාරයන්ගෙන් පරෙස්සම් වෙන්න (7-11)

    • සුබ පතන්නවත් එපා (10, 11)

  • හම්බ වෙන්න එන්න හිතන් ඉන්නවා. සුබ පැතුම් (12, 13)

 වැඩිමහල්ලෙක් වන* මම, මේ ලියුම ලියන්නේ මං ගොඩක් ආදරේ කරන තෝරගත්ත කාන්තාවට සහ එයාගේ දරුවන්ටයි. මං විතරක් නෙමෙයි සත්‍ය ඉගැන්වීම් ගැන දැනගත්ත හැමෝම ඔයාලට ආදරෙයි.  අපි ඔයාලට ආදරේ කරන්නේ සත්‍ය ඉගැන්වීම් අපේ හිත්වල තියෙන නිසයි. ඒ ඉගැන්වීම් අපේ හිත්වල හැමදාටම තියෙනවා.  සත්‍ය ඉගැන්වීම් ගැන වගේම ආදරය ගැනත් අපිට උගන්වන්නේ පියාණන් වන දෙවියන් සහ ඔහුගේ පුතා වන යේසුස් ක්‍රිස්තුස්. ඔවුන්ගෙන් අපිට මහත් කරුණාව,* දයාව සහ සමාදානයත් ලැබෙනවා.  පියාණන් අපිට ආඥා කරපු විදිහට ඔයාගේ දරුවන්ගෙන් සමහරදෙනෙක් සත්‍ය ඉගැන්වීම්වලට එකඟව ජීවත් වෙනවා කියලා මට දැනගන්න ලැබුණා.+ ඒ ගැන මං ගොඩක් සතුටු වෙනවා.  දැන් මං ඔයාගෙන්* ඉල්ලන්නේ එකිනෙකාට ආදරේ කරන්න කියලයි. (ඒක අලුත් ආඥාවක් නෙමෙයි. මුල ඉඳන්ම අපිට දුන්න ආඥාවක්.)+  ආදරේ කරනවා කියන එකෙන් අදහස් කරන්නේ පියාණන් ආඥා කරලා තියෙන විදිහට ජීවත් වෙන එකටයි.+ මුල ඉඳන්ම ඔයාට අහන්න ලැබුණ ඒ ආඥාව තමයි දිගටම ආදරේ පෙන්නන්න කියන එක.  යේසුස් ක්‍රිස්තුස් මිනිසෙක් විදිහට ආවා කියන දේ පිළිගන්නේ නැති+ රැවටිලිකාරයෝ හුඟදෙනෙක් මේ ලෝකයේ ඉන්නවා.+ රැවටිලිකාරයන් සහ ක්‍රිස්තු විරෝධීන්*+ විදිහට හඳුන්වන්නේ ඒ වගේ අයවයි.  අපි ඔයාලා වෙනුවෙන් වෙහෙස මහන්සි වෙලා කරපු දේවල් අපතේ යන්න දෙන්න එපා. එතකොට ඔයාලට ලැබෙන්න ඕනෙ තෑග්ග කිසිම අඩුවක් නැතුව ඔයාලට ලැබෙයි.+  කෙනෙක් ක්‍රිස්තුස්ගේ ඉගැන්වීම්වලට පිටින් දේවල් උගන්වනවා නම් එයාට දෙවියන්ගේ අනුමැතිය නැහැ.+ ඒත් දිගටම ඒ ඉගැන්වීම්වලට අනුව ජීවත් වෙන කෙනාට පියාණන්ගේ වගේම පුතාගෙත් අනුමැතිය තියෙනවා.+ 10  කෙනෙක් ඔයාලා ළඟට ඇවිත් ක්‍රිස්තුස්ගේ ඉගැන්වීම්වලට විරුද්ධ දෙයක් උගන්වනවා නම් ඒ වගේ කෙනෙක්ව ඔයාලාගේ ගෙදරට පිළිගන්නවත්+ එයාට සුබ පතන්නවත් එපා. 11  මොකද එයා එක්ක වචනයක් හරි කතා කළොත් ඔයාලත් එයාගේ දුෂ්ට ක්‍රියාවලට හවුල්කරුවෙක් වෙනවා. 12  ඔයාට කියන්න ගොඩක් දේවල් තියෙනවා. ඒත් ඒ දේවල් ලියලා එවනවාට වඩා ඔයාව හම්බ වෙලාම කතා කරන්න මං හිතාගෙන ඉන්නවා. එතකොට ඔයා ගොඩක් සතුටු වෙයි. 13  තෝරගත්ත තැනැත්තිය වන ඔයාගේ සහෝදරියගේ දරුවනුත් ඔයාට සුබ පතනවා.

පාදසටහන්

හෝ, “මහලු වියේ ඉන්න.”
හෝ, “ලබන්න නොවටිනා කරුණාව.” “පැහැදිලි කිරීමක්” බලන්න.
හෝ, “තෝරගත්ත තැනැත්තියගෙන්.”
ඒ කියන්නේ යේසුස් ක්‍රිස්තුස්ට විරුද්ධව වැඩ කරන අය.