දෙවෙනි රාජාවලිය 14:1-29

  • අමෂියා යූදාවල රජ වෙයි (1-6)

  • ඒදොම්වරු එක්කයි, ඊශ්‍රායෙල්වරු එක්කයි යුද්ධ කරයි (7-14)

  • ඊශ්‍රායෙල්වල රජ වුණ යෙහෝයාෂ් මැරෙයි (15, 16)

  • අමෂියා මැරෙයි (17-22)

  • දෙවෙනි යෙරොබොවම් ඊශ්‍රායෙල්වල රජ වෙයි (23-29)

14  ඊශ්‍රායෙල්වල රජකම් කරපු යෙහෝයහාෂ්ගේ පුතා වුණ යෙහෝයාෂ්+ පාලනය කරපු දෙවෙනි අවුරුද්දේදී තමයි යූදාවල රජ වුණ යෙහෝයාෂ්ගේ පුතා අමෂියා රජකමට පත් වුණේ.  අමෂියා රජකමට පත් වෙද්දී එයාට වයස අවුරුදු 25යි. එයා යෙරුසලමේ ඉඳන් අවුරුදු 29ක් පාලනය කළා. එයාගේ අම්මාගේ නම යෙහෝයද්දින්. එයා යෙරුසලමේ කෙනෙක්.+  යෙහෝවා දෙවියන් හරියි කියලා සලකන දේවල් අමෂියා දිගටම කළා. හැබැයි එයා ඒ දේවල් එයාගේ මුතුන්මිත්තා වුණ දාවිත් කරපු විදිහටම කළේ නැහැ.+ එයා වැඩ කළේ එයාගේ තාත්තා වුණ යෙහෝයාෂ් වැඩ කරපු විදිහටයි.+  ඒත් නමස්කාරයට හදපු උස් තැන් ඒ විදිහටම තිබුණා.+ ඉතින් මිනිස්සු ඒ තැන්වලදී දුම ඉහළට නඟින විදිහට දිගටම පූජා ඔප්පු කළා.+  රජ විදිහට අමෂියා බලය තහවුරු කරගත්ත ගමන්ම එයාගේ තාත්තාව මරපු නිලධාරීන්ව එයා මරලා දැම්මා.+  හැබැයි එයා ඒ මිනීමරුවන්ගේ පුතාලව මරලා දැම්මේ නැහැ. මොකද යෙහෝවා මෝසෙස්ට දුන්න නීතිය ඇතුළත් ලියවිල්ලේ මෙහෙම කියලා තිබුණා. “පුතෙක්ගේ වරදක් නිසා එයාගේ තාත්තාව මරලා දාන්න එපා. තාත්තාගේ වරදක් නිසා එයාගේ පුතාව මරලා දාන්නත් එපා. කෙනෙක්ව මරලා දාන්න ඕනෙ එයා කරන වරදටයි.”+  අමෂියා ලුණු නිම්නයේදී+ ඒදොම්වරු+ එක්ක සටන් කරලා එයාලාගෙන් 10,000ක් මරලා දාලා සේලා නගරය යටත් කරගත්තා.+ ඊටපස්සේ ඒකට යොක්තෙයේල් කියන නම තිබ්බා. ඒ නමින් තමයි අද වෙන කල්ම ඒ නගරය හඳුන්වන්නේ.  ඊටපස්සේ අමෂියා ඊශ්‍රායෙල්වල රජකම් කරපු යේහුගේ මුනුපුරා ඒ කියන්නේ යෙහෝයහාෂ්ගේ පුතා වුණ යෙහෝයාෂ් ළඟට පණිවිඩකරුවන් යවලා මෙහෙම දැන්නුවා. “මාත් එක්ක සටනට එන්න.”*+  එතකොට ඊශ්‍රායෙල්වල රජ වුණ යෙහෝයාෂ් යූදාවල රජ වුණ අමෂියාට මේ පණිවිඩය යැව්වා. “ලෙබනොන්වල කටු පඳුරක් තිබුණා. දවසක් ඒ කටු පඳුර එහේ තිබුණ දේවදාර ගහකට මෙහෙම කිව්වා. ‘ඔයාගේ දුවව මගේ පුතාට බන්දලා දෙන්න.’ ඒත් ලෙබනොන්වල කැලේ ඉන්න සතෙක් ඇවිල්ලා ඒ කටු පඳුර පාගලා දැම්මා. 10  ඔයා ඒදොම්වරුන්ව පැරැද්දුව හින්දා+ දැන් ඔයාගේ ඔළුව ඉදිමිලා. ඔයාට ලැබුණ ගෞරවය ගැන සතුටු වෙන එකේ වරදක් නෑ. හැබැයි ඔයා ඔයාගෙම ගෙදරට* වෙලා හිටියොත් හොඳයි. මොකටද නිකං ප්‍රශ්න ඇති කරගෙන මැරුම් කන්න හදන්නේ? ඔයාට විතරක් නෙමෙයි යූදාවල මිනිස්සුන්ටත් මේකෙන් ලොකු අනතුරක් වෙයි.” 11  ඒත් අමෂියා ඒක කනකටවත් ගත්තේ නැහැ.+ ඉතින් ඊශ්‍රායෙල්වල රජ වුණ යෙහෝයාෂ් යූදාවල රජ වුණ අමෂියාට විරුද්ධව සටන් කරන්න ආවා. එයාලා යූදාවලට අයිති+ බෙත්ෂෙමෙෂ්වලදී+ තමයි සටන් කළේ. 12  ඊශ්‍රායෙල්වරු අතින් යූදා හමුදාව පරාජයට පත් වුණා. ඉතින් සෙබළු තම තමන්ගේ ගෙවල්වලට* පලා ගියා. 13  ඊශ්‍රායෙල්වල රජ වුණ යෙහෝයාෂ් යූදාවල රජ වුණ අමෂියාව බෙත්ෂෙමෙෂ්වලදී අල්ලගත්තා. අමෂියා කියන්නේ අහසියාගේ පුතා වුණ යෙහෝයාෂ්ගේ පුතා. ඊටපස්සේ යෙහෝයාෂ් අමෂියාව අරගෙන යෙරුසලමට ඇවිල්ලා යෙරුසලමේ පවුරෙන් රියන් 400ක* කොටසක් කඩලා දැම්මා. ඒ කියන්නේ එෆ්‍රායිම් දොරටුවේ+ ඉඳන් කොනේ දොරටුව+ වෙන කල් තිබුණ කොටස එයා කඩලා දැම්මා. 14  යෙහෝයාෂ් රජ යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ සහ රජමාලිගාවේ භාණ්ඩාගාරවල තිබුණ රත්තරන්, රිදී වගේම වටින භාණ්ඩ හැම එකක්ම ගත්තා. එයා ඇපකරුවන් විදිහටත් පිරිසක්ව අරගෙන ආපහු සමාරියට ගියා. 15  යෙහෝයාෂ්ගේ ජීවිතේ අනිත් සිදුවීම් ගැන ඒ කියන්නේ එයා කරපු දේවල් ගැනත් එයාගේ ශ්‍රේෂ්ඨත්වය ගැනත් එයා යූදාවල රජ වුණ අමෂියාට විරුද්ධව සටන් කරපු විදිහ ගැනත් ඊශ්‍රායෙල්වල රජවරුන්ගේ ඉතිහාසය වාර්තා කරලා තියෙන ලියවිල්ලේ සඳහන් වෙනවා. 16  යෙහෝයාෂ් මැරුණාම එයාගේ මුතුන්මිත්තන් වගේ එයාවත් තැන්පත් කළා. ඊශ්‍රායෙල්වල හිටපු අනිත් රජවරුන් වගේ එයාවත් තැන්පත් කළේ සමාරියේ.+ එයාගෙන් පස්සේ එයාගේ පුතා වුණ යෙරොබොවම්*+ රජකමට පත් වුණා. 17  ඊශ්‍රායෙල්වල රජකම් කරපු යෙහෝයහාෂ්ගේ පුතා වුණ යෙහෝයාෂ්+ මැරුණාට පස්සේ යූදාවල රජකම් කරපු යෙහෝයාෂ්ගේ පුතා වුණ අමෂියා+ තව අවුරුදු 15ක් ජීවත් වුණා.+ 18  අමෂියාගේ ජීවිතේ අනිත් සිදුවීම් ගැන යූදාවල රජවරුන්ගේ ඉතිහාසය වාර්තා කරලා තියෙන ලියවිල්ලේ සඳහන් වෙනවා. 19  පස්සේ කාලෙක පිරිසක් යෙරුසලමේදී අමෂියාට විරුද්ධව කුමන්ත්‍රණය කළා.+ ඒ නිසා එයා ලාකිෂ්වලට පැනලා ගියා. ඒත් එයාලා මිනිස්සු කීපදෙනෙක්ව යවලා ලාකිෂ්වලදී අමෂියාව මරලා දැම්මා. 20  ඊටපස්සේ එයාලා අමෂියාගේ මිනිය අශ්ව රථයක දාලා යෙරුසලමට ගෙනාවා. එයාගේ මුතුන්මිත්තන් වගේ එයාවත් දාවිත්ගේ නුවරේ තැන්පත් කළා.+ 21  ඊටපස්සේ යූදාවල හිටපු හැමෝම එකතු වෙලා අෂරියාව*+ එයාගේ තාත්තා වුණ අමෂියා වෙනුවට රජකමට පත් කළා.+ අෂරියා රජකමට පත් වෙද්දී එයාට වයස අවුරුදු 16යි.+ 22  අමෂියා රජව එයාගේ මුතුන්මිත්තන් වගේ තැන්පත් කළාට පස්සේ+ අෂරියා ඒලත්+ නගරය යූදාවල පාලනය යටතට අරගෙන ඒක ආපහු ගොඩනැඟුවා. 23  යූදාවල රජකම් කරපු යෙහෝයාෂ්ගේ පුතා වුණ අමෂියා පාලනය කරපු 15වෙනි අවුරුද්දේදී තමයි ඊශ්‍රායෙල්වල රජකම් කරපු යෙහෝයාෂ්ගේ පුතා වුණ යෙරොබොවම්+ රජකමට පත් වුණේ. යෙරොබොවම් සමාරියේ ඉඳන් අවුරුදු 41ක් පාලනය කළා. 24  එයා යෙහෝවා වැරදියි කියලා සලකන දේවල් දිගටම කළා. ඊශ්‍රායෙල්වරුන්ව වරදට පොලඹවපු නෙබාත්ගේ පුතා වුණ යෙරොබොවම් කරපු වැරදිවලින් එයා අයින් වුණේ නැහැ. එයා ඒ හැම වරදක්ම කළා.+ 25  එයා ලේබෝහමාත්*+ ඉඳන් අරබා මුහුද*+ වෙන කල් විහිදිලා ගිය ප්‍රදේශය ආපහු අල්ලගෙන ඊශ්‍රායෙල් දේශයේ මුලින් තිබුණ දේශ සීමාව ආයෙත් පිහිටෙව්වා. ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා ඔහුගේ සේවකයා වුණ යෝනා මාර්ගයෙන් කියපු දේ ඒ විදිහටම ඉටු වුණා.+ යෝනා කියන්නේ ගාත්හේෆෙර්වල+ හිටපු අනාගතවක්තෘවරයෙක්. යෝනාගේ තාත්තාගේ නම අමිත්තයි. 26  යෙහෝවා දැක්කා ඊශ්‍රායෙල්වරු කොයි තරම් නම් දුක් පීඩා වින්දාද කියලා.+ ඒ කාලේ ඊශ්‍රායෙල්වරුන්ට උදව් කරන්න කවුරුත්ම හිටියේ නැහැ. අඩුම ගාණේ එයාලාගේ උදව්වට දුප්පත් අසරණ කෙනෙක්වත් හිටියේ නැහැ. 27  ඒත් යෙහෝවා පොරොන්දු වෙලා තිබුණා ඊශ්‍රායෙල් කියන නම මේ පොළොවෙන් මැකිලා යන්න ඉඩ දෙන්නේ නැහැ කියලා.+ ඒ නිසා ඔහු යෙහෝයාෂ්ගේ පුතා වුණ යෙරොබොවම් මාර්ගයෙන් ඊශ්‍රායෙල්වරුන්ව බේරගත්තා.+ 28  යෙරොබොවම්ගේ ජීවිතේ අනිත් සිදුවීම් ගැන ඒ කියන්නේ එයා කරපු හැම දෙයක්ම ගැනත් එයාගේ ශ්‍රේෂ්ඨත්වය ගැනත් එයා යුද්ධ කරපු විදිහ ගැනත් එයා දමස්කය+ සහ හමාත්+ ආපහු යූදා සහ ඊශ්‍රායෙල්වල පාලනය යටතට ගත්ත විදිහ ගැනත් ඊශ්‍රායෙල්වල රජවරුන්ගේ ඉතිහාසය වාර්තා කරලා තියෙන ලියවිල්ලේ සඳහන් වෙනවා. 29  යෙරොබොවම් මැරුණාම එයාගේ මුතුන්මිත්තන් වගේ එයාවත් තැන්පත් කළා. එයාව තැන්පත් කළේ ඊශ්‍රායෙල්වල අනිත් රජවරුන්ව තැන්පත් කරපු තැනමයි. එයාගෙන් පස්සේ එයාගේ පුතා වුණ සෙකරියා+ රජකමට පත් වුණා.

පාදසටහන්

හෝ, “අපි මූණට මූණ හම්බ වෙමු.”
හෝ, “මාලිගාවට.”
මූ.අ., “කූඩාරම්වලට.”
මීටර් 178ක් (අඩි 584ක්) විතර. උප. B14 බලන්න.
ඒ කියන්නේ දෙවෙනි යෙරොබොවම්.
තේරුම, “යෙහෝවා උදව් කළා.” 2රාජා 15:13; 2ලේක 26:1-23; යෙසා 6:1 සහ සෙක 14:5 අෂරියාව උසියා කියන නමින් හඳුන්වලා තියෙනවා.
හෝ, “හමාත්වල දේශ සීමාවේ.”
ඒ කියන්නේ ලුණු මුහුද නැත්නම් මළ මුහුද.