දෙවෙනි ලේකම් 11:1-23

  • රෙහබෝවම්ගේ පාලනය (1-12)

  • විශ්වාසවන්තව හිටපු ලෙවීවරු යූදාවලට යයි (13-17)

  • රෙහබෝවම්ගේ පවුලේ විස්තර (18-23)

11  රෙහබෝවම් යෙරුසලමට ආපු ගමන්ම ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව සටන් කරන්න යූදා ගෝත්‍රයෙන් සහ බෙන්ජමින්+ ගෝත්‍රයෙන් යුද්දෙට දක්ෂ සෙබළුන් එක්ලක්ෂ අසූදාහක් එක් රැස් කළා. එහෙම කළේ ආයෙත් මුළු රාජ්‍යයම රෙහබෝවම්+ යටතට ගන්න අරමුණින්.  ඒ වෙලාවේ සැබෑ දෙවියන්ගේ සේවකයෙක් වුණ ෂෙමායාට+ යෙහෝවා දෙවියන් කතා කරලා මෙහෙම කිව්වා.  “යූදාවල රජ වන සලමොන්ගේ පුතා රෙහබෝවම්ටයි, යූදා සහ බෙන්ජමින් ගෝත්‍රවලට අයිති ඊශ්‍රායෙල්වරුන්ටයි මේ දේ කියන්න.  ‘යෙහෝවා මෙහෙම කියනවා. “මේ හැම දෙයක්ම වෙන්න සැලැස්සුවේ මමයි.+ ඒ නිසා ඔයාලාගේ සහෝදරයන්ට විරුද්ධව සටන් කරන්න යන්න එපා. දැන් ඔයාලා ඔයාලාගේ ගෙවල්වලට යන්න.”’” ඉතින් එයාලා යෙහෝවා කියපු දේ අහලා යෙරොබොවම්ට විරුද්ධව සටන් කරන අදහස අත්හැරලා ආපහු හැරිලා ගියා.  යෙරුසලමේ ජීවත් වුණ රෙහබෝවම් යූදාවල තිබුණ නගරවල ආරක්ෂාව තව වැඩි කළා.  ඒ විදිහට එයා ආරක්ෂාව වැඩි කරපු නගරවල නම්: බෙත්ලෙහෙම,+ ඒටාම්, තෙකෝවා,+  බෙත්ෂූර්, සෝකෝ,+ අදුල්ලාම්,+  ගාත්,+ මරේෂාහ්, ෂිප්,+  අදොරයිම්, ලාකිෂ්,+ අෂේකා,+ 10  ෂොරා, ආයාලොන්+ සහ හෙබ්‍රොන්.+ යූදා සහ බෙන්ජමින්වල තිබුණ ආරක්ෂාව වැඩි කරපු නගර තමයි ඒ. 11  ඒ නගරවල ආරක්ෂාව එයා තවත් වැඩි කළා. ඒවා බලාගන්න අණ දෙන නිලධාරීන්ව පත් කරලා එයාලට අවශ්‍ය කෑම, තෙල් සහ වයිනුත් සපයලා දුන්නා. 12  එයා ඒ හැම නගරයකටම විශාල පලිස් සහ හෙල්ල ලබා දුන්නා. එයා ඒ නගරවල ආරක්ෂාව ගොඩක් වැඩි කළා. යූදා සහ බෙන්ජමින් ගෝත්‍රවලට අයිති ප්‍රදේශ දිගටම එයාගේ පාලනය යටතේ තිබුණා. 13  ඊශ්‍රායෙල් දේශය පුරාම හිටපු පූජකයෝ සහ ලෙවීවරු එයාලට අයිති ප්‍රදේශවල ඉඳලා රෙහබෝවම්ට සහය දෙන්න එහෙට ආවා. 14  ලෙවී ගෝත්‍රයට අයිති අය එයාලා හිටපු ඉඩම් සහ එයාලාගේ තණබිම් අත්හැරලා+ යූදාවලටයි, යෙරුසලමටයි ආවා. මොකද එයාලට යෙහෝවා ඉස්සරහා පූජකයන් විදිහට සේවය කරන්න යෙරොබොවම් සහ එයාගේ පුතාලා ඉඩ දුන්නේ නැහැ.+ 15  ඒ වෙනුවට යෙරොබොවම් පූජනීය තැන්වල* සේවය කරන්න වෙන පූජකයන්ව පත් කළා.+ එයාලා එළුවන්ගේ පෙනුම තියෙන දෙවි දේවතාවන්ටයි,*+ යෙරොබොවම් හදපු වහු පැටවුන්ගේ රූපවලටයි+ කරපු නමස්කාරයේ පෙරමුණ ගත්තා. 16  ඊශ්‍රායෙල්වල අනිත් ගෝත්‍රවලට අයිති පිරිසකුත් ලෙවීවරු එක්ක යෙරුසලමට ආවා. එයාලා ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවාට නමස්කාර කරන්න අදිටන් කරගෙන හිටියා. ඒ නිසයි එයාලා එයාලාගේ මුතුන්මිත්තන්ගේ දෙවි වන යෙහෝවාට පූජා ඔප්පු කරන්න එහෙට ආවේ.+ 17  අවුරුදු තුනක් තිස්සේ එයාලා සලමොන්ගේ පුතා වුණ රෙහබෝවම්ට සහයෝගය දීලා යූදා රාජ්‍යය තවත් බලවත් කළා. මොකද එයාලා ඒ කාලය පුරාම දාවිත් සහ සලමොන්, දෙවියන්ට නමස්කාර කරපු විදිහට නමස්කාර කළා. 18  රෙහබෝවම් රජ මහලත් එක්ක විවාහ වුණා. මහලත් කියන්නේ දාවිත්ගේ පුතෙක් වුණ යෙරිමොත්ගේ දුව. මහලත්ගේ අම්මා අබිහයිල්. එයා යෙස්සේගේ පුතා වුණ එලියාබ්ගේ+ දුව. 19  රෙහබෝවම්ගෙන් මහලත්ට යෙවුෂ්, ෂෙමරියා සහ සාහම් කියන පුතාලා ඉපදුණා. 20  ඊටපස්සේ රෙහබෝවම් රජ අබ්සලොම්ගේ+ මිනිපිරිය වුණ මයකා එක්කත් විවාහ වුණා. එයාට අබියා,+ අත්තයි, සීසා සහ ෂෙලොමිත් ඉපදුණා. 21  රෙහබෝවම්ට භාර්යාවන් 18දෙනෙකුයි, උපභාර්යාවන් 60දෙනෙකුයි හිටියා. රෙහබෝවම්ගෙන් එයාලට පුතාලා 28දෙනෙකුයි, දුවලා 60දෙනෙකුයි ඉපදුණා. ඒ භාර්යාවන් සහ උපභාර්යාවන්ගෙන්+ එයා වැඩියෙන්ම ආදරේ කළේ අබ්සලොම්ගේ මිනිපිරිය වුණ මයකාට. 22  ඉතින් රෙහබෝවම්ට ඕනෙ වුණා මයකාගේ පුතා වුණ අබියාව රජකමට පත් කරන්න. ඒ නිසා එයා අබියාව එයාගේ සහෝදරයන් අතරේ ප්‍රධානියා විදිහටත් එයාලට මඟ පෙන්නන්න නායකයා විදිහටත් පත් කළා. 23  ඒත් හොඳට හිතලා බලලා වැඩ කරපු රෙහබෝවම් එයාගේ පුතාලාගෙන් සමහරදෙනෙක්ව යූදා සහ බෙන්ජමින් ගෝත්‍රවලට අයිති ප්‍රදේශවල තිබුණ නගරවලට යැව්වා.* ඒ හැම එකක්ම ආරක්ෂාව වැඩි කරලා තිබුණ නගර.+ එයා එයාලට අවශ්‍ය හැම දෙයක්ම කිසි අඩුවක් නැතුව දුන්නා. එයාලට ගොඩක් භාර්යාවනුත් හොයලා දුන්නා.

පාදසටහන්

මූ.අ., “උස් තැන්වල.”
මූ.අ., “එළුවන්ට.” හෝ, “එළුවන්ගේ පෙනුම තියෙන භූතයන්ට.” සමහරවිට එයාලට නමස්කාර කරන මිනිස්සු හිතන්න ඇති ඒ භූතයන්ට එළුවන්ට වගේ පෙනුමක් තිබුණා කියලා.
හෝ, “විසුරුවාහැරියා.”