දෙවෙනි ලේකම් 15:1-19

  • ආසා බොරු නමස්කාරය අයින් කරයි (1-19)

15  දෙවියන් ඔහුගේ බලය ඕදෙද්ගේ පුතා වුණ අෂරියාට දුන්නා.  ඉතින් එයා ආසා රජ ළඟට ගිහින් මෙහෙම කිව්වා. “ආසා රජතුමනි, යූදා සහ බෙන්ජමින් සෙනඟෙනි, මට ඇහුම්කන් දෙන්න. ඔයාලා යෙහෝවා දෙවියන්ට ළං වෙලා ඉන්න කල් ඔහුත් ඔයාලා එක්කම ඉඳියි.+ ඔයාලා ඔහුව හඳුනගන්න උත්සාහ කළොත් ඔහු මොන වගේ කෙනෙක්ද කියලා තේරුම්ගන්න ඔහු ඔයාලට උදව් කරයි.+ ඒත් ඔයාලා ඔහුව අත්හැරියොත් ඔහුත් ඔයාලව අත්හරියි.+  සෑහෙන කාලයක් තිස්සේ ඊශ්‍රායෙල්වරු සැබෑ දෙවියන්ට නමස්කාර කළේ නැහැ. පූජකයෙක් එයාලට ඉගැන්නුවේ නැහැ. සෙනඟ නීතිය+ පිළිපැද්දෙත් නැහැ.  ඒත් ප්‍රශ්නවලට මුහුණ දෙද්දී එයාලා ආපහු ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා ළඟට හැරිලා ඇවිත් ඔහුගේ මඟ පෙන්වීම් හොයන්න උත්සාහ කළා. එතකොට ඔහුට ළං වෙන්න ඔහු එයාලට උදව් කළා.+  ඒ කාලේ කාටවත් නිදහසේ ගමන්බිමන් යන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. මොකද දේශය පුරාම තිබුණේ නොසන්සුන් තත්වයක්.  එක පිරිසක් තව පිරිසකට පීඩා කළා.* එක නගරයක් තව නගරයක් විනාශ කළා. එයාලට එක එක ප්‍රශ්න ගැටලු අද්දකින්න දෙවියන් ඉඩහැරියා. ඒ නිසා එයාලට කිසි සහනයක් තිබුණේ නැහැ.+  හැබැයි දැන් ඔයාලා කිසිම දෙයක් නිසා අධෛර්යය වෙන්න එපා. එඩිතරව වැඩ කරන්න.+ ඔයාලා කරන දේවලට අනිවාර්යයෙන්ම ආශීර්වාද ලැබෙනවා.”  ඒ වචනයි, අනාගතවක්තෘ ඕදෙද්ගේ අනාවැකියයි අහපු ගමන්ම ආසාට ලොකු ධෛර්යයක් ලැබුණා. එයා ඉක්මනින්ම මුළු යූදා දේශයෙයි, බෙන්ජමින් දේශයෙයි, එෆ්‍රායිම් කඳුකර ප්‍රදේශයෙන් එයා අල්ලගත්ත නගරවලයි තිබුණ පිළිකුල්සහගත රූප හැම එකක්ම විනාශ කළා.+ යෙහෝවා දෙවියන්ගේ ගෘහයට ඇතුල් වෙන ශාලාව+ ඉස්සරහා තිබුණ යෙහෝවාගේ පූජාසනයත් එයා අලුත්වැඩියා කළා.  එයා යූදා සහ බෙන්ජමින් ගෝත්‍රවල හැමෝවමයි, එෆ්‍රායිම්, මනස්සේ සහ සිමියොන් ගෝත්‍රවලට අයිති ප්‍රදේශවලින් ඇවිත් එයාලා එක්ක පදිංචි වෙලා හිටපු අයවයි* එක් රැස් කළා.+ ඒ විදිහට ඇවිත් පදිංචි වෙලා හිටපු ඊශ්‍රායෙල්වරු විශාල පිරිසක් හිටියා. එයාලා ආසාගේ පැත්තට එන්න තීරණය කළේ එයාගේ දෙවි වන යෙහෝවා එයා එක්ක ඉන්නවා කියලා එයාලා දැක්ක නිසයි. 10  එයාලව ඒ විදිහට යෙරුසලමට එක් රැස් කළේ ආසා පාලනය කරපු 15වෙනි අවුරුද්දේ තුන්වෙනි මාසේදී. 11  යුද්දෙන් අල්ලගෙන ආපු සත්තුන්ගෙන් ගවයන් 700කුයි, බැටළුවන් 7,000කුයි එදා එයාලා යෙහෝවා දෙවියන්ට පූජා කළා. 12  ඒ වගේම එයාලාගේ මුතුන්මිත්තන්ගේ දෙවි වන යෙහෝවාට මුළු හදවතින්ම සේවය කරනවා කියලත් ඒ වෙනුවෙන් එයාලට කරන්න පුළුවන් හැම දේම කරනවා* කියලත් පොරොන්දු වෙලා සෙනඟ එයාලා අතරේ ගිවිසුමකුත් ඇති කරගත්තා.+ 13  කෙනෙක් ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවාට සේවය කරන්නේ නැත්නම් බාල මහලු* ස්ත්‍රී පුරුෂ කියලා භේදයක් නැතුව එයා කවුරු වුණත් එයාව මරලා දාන්න ඕනෙ කියලත් එයාලා තීරණය කළා.+ 14  ඒ ගිවිසුමට එකඟව වැඩ කරනවා කියලා හොරණෑ සහ නළා හඬ මැද එයාලා හරිම සතුටින් කෑගහලා යෙහෝවාට පොරොන්දු වුණා. 15  යූදාවල හිටපු හැමෝම ඒ පොරොන්දුව ගැන ගොඩක් සතුටු වුණා. මොකද එයාලා ඒ පොරොන්දුව දුන්නේ මුළු හදවතින්ම පෙලඹිලයි. ඒ වගේම දෙවියන් කැමති දේ කරන්න එයාලා ලොකු උත්සාහයක් දැරුවා. ඒ නිසා ඔහු එයාලව පිළි අරන් එයාලට උදව් කළා.+ ඉතින් දේශය පුරාම සාමකාමී වාතාවරණයක් දිගටම තියෙන්න යෙහෝවා ඉඩහැරියා.+ 16  නමස්කාර කරන්න තිබුණ කණුව* ළඟ තියන්න ආසා රජගේ ආච්චි වුණ මයකා+ පිළිකුල් රූපයක් හදලා තිබුණා.+ ඒ නිසා ආසා මව් රැජින විදිහට එයාට තිබුණ තනතුරෙන් ආච්චිව අයින් කළා. ඊටපස්සේ ආසා ඒ පිළිකුල් රූපය කෑලිවලට කඩලා ඒක කුඩු කරලා කිද්‍රොන් නිම්නයේදී ඒක පුච්චලා දැම්මා.+ 17  ඒත් නමස්කාරයට හදපු උස් තැන් ඊශ්‍රායෙල්වල+ ඒ විදිහටම තිබුණා.+ ඒ වුණත් ආසා එයාගේ ජීවිත කාලේ පුරාම මුළු හදවතින්ම දෙවියන්ට ළැදි වෙලා හිටියා.*+ 18  ආසා එයායි, එයාගේ තාත්තායි දෙවියන්ට කැප කරපු* රිදී, රත්තරන් සහ වෙනත් භාණ්ඩ සැබෑ දෙවියන්ගේ ගෘහයට ගෙනාවා.+ 19  ආසා පාලනය කරපු 35වෙනි අවුරුද්ද වෙන කල් දේශයේ යුද්ධයක් ඇති වුණේ නැහැ.+

පාදසටහන්

හෝ, “ජාතියේ එක කොටසක් තවත් කොටසකට පීඩා කළා.”
මූ.අ., “විදේශිකයන්වයි.”
හෙබ්‍රෙව් භාෂාවෙන් නෙෆෙෂ්. “පැහැදිලි කිරීමක්” බලන්න.
හෝ, “උස් පහත්.”
හෝ, “සම්පූර්ණ භක්තියක් පෙන්නුවා.”
මූ.අ., “ශුද්ධයි කියලා වෙන් කරපු.”