දෙවෙනි ලේකම් 17:1-19
17 ආසාගෙන් පස්සේ එයාගේ පුතා වුණ යෙහෝෂපාට්+ රජ වුණා. එයා ඊශ්‍රායෙල්වල එයාගේ බලය තහවුරු කරගත්තා.
2 යූදාවල ආරක්ෂාව වැඩි කරලා තිබුණ හැම නගරයකම එයා හමුදා භට පිරිස් රැඳෙව්වා. ඒ වගේම එයා යූදාවල සහ එයාගේ තාත්තා වුණ ආසා එෆ්‍රායිම් ප්‍රදේශයෙන් අල්ලගත්ත නගරවල+ මුර කඳවුරු පිහිටෙව්වා.
3 යෙහෝවා දෙවියන් දිගටම යෙහෝෂපාට් එක්ක හිටියා. මොකද එයා වැඩ කළේ එයාගේ මුතුන්මිත්තා වුණ දාවිත්+ වැඩ කරපු විදිහට. ඒ වගේම එයා බාල් දෙවිවරුන්ට නමස්කාර කළෙත් නැහැ.
4 යෙහෝෂපාට් එයාගේ තාත්තා නමස්කාර කරපු දෙවියන්ගේ මඟ පෙන්වීම් නිතරම හොයන්න උත්සාහ කළා.+ ඒ වගේම එයා ඔහුගේ ආඥා පිළිපැද්දා. එයා ඊශ්‍රායෙල්වල හිටපු අය කරපු දේවල් කළේ නැහැ.+
5 එයාගේ රාජ්‍යයේ බලය තහවුරු කරගන්න යෙහෝවා එයාට දිගටම උදව් කළා.+ යූදාවල හැමෝම යෙහෝෂපාට්ට තෑගිබෝග දෙන්න පුරුදු වෙලා හිටියා. එයා ගොඩක් පොහොසත්, හරිම ප්‍රසිද්ධ කෙනෙක් වුණා.+
6 යෙහෝවාට කීකරු වෙන්න එයාගේ හිතේ ලොකු නිර්භීතකමක් ඇති වුණා. එයා යූදාවල තිබුණ පූජනීය ස්ථාන*+ සහ නමස්කාර කරන්න තිබුණ කණු*+ අයින් කරන්න බය වුණෙත් නැහැ.
7 යෙහෝෂපාට් පාලනය කරපු තුන්වෙනි අවුරුද්දේදී එයා යටතේ හිටපු අධිපතීන් වුණ බෙන්හයිල්, ඔබදියා, සෙකරියා, නෙතනෙල් සහ මිකායාව එයා කැඳෙව්වා. ඊටපස්සේ යූදා දේශයේ තිබුණ නගරවල ඉගැන්වීම් කටයුතු කරන්න එයාලව යැව්වා.
8 එයාලා එක්ක ෂෙමායා, නෙතනියා, සෙබදියා, අසහෙල්, ෂෙමිරාමොත්, යෙහොනාතාන්, අදොනියා, ටොබීයා සහ ටොබ්අදෝනියා කියන ලෙවීවරුනුත් ගියා. එලිෂාමා සහ යෙහෝරම් කියන පූජකයනුත්+ එයාලා එක්ක ගියා.
9 එයාලා යූදා දේශයේ ඉගැන්වීම් කටයුතු පටන්ගත්තා. යෙහෝවා දෙවියන්ගේ නීතිය සඳහන් ලියවිල්ල+ අරන් ගිය එයාලා, යූදා දේශයේ තිබුණ හැම නගරයකටම ගිහින් සෙනඟට ඉගැන්නුවා.
10 යූදා දේශය වටේ තිබුණ හැම රාජ්‍යයකම හිටපු මිනිස්සුන්ට යෙහෝවා ගැන ලොකු බයක් ඇති වුණා. ඒ නිසා එයාලා යෙහෝෂපාට්ට විරුද්ධව සටන් කරන්න ආවේ නැහැ.
11 පිලිස්තිවරු යෙහෝෂපාට්ට බදු විදිහට තෑගිබෝග සහ සල්ලි දුන්නා. අරාබි ජාතිකයෝ එයාට බැටළුවන් 7,700කුයි, එළුවන් 7,700කුයි ගෙනල්ලා දුන්නා.
12 යෙහෝෂපාට් තව තවත් බලවත් වුණා.+ එයා දිගටම යූදා දේශයේ බලකොටුයි,+ ගබඩා නගරයි+ ඉදි කළා.
13 එයා යූදා දේශයේ තිබුණ නගරවල ගොඩක් වැඩකටයුතු කළා. යුද්දෙට දක්ෂ සෙබළුන්වත් යෙරුසලමේ රඳවලා තිබ්බා.
14 එයාලව කණ්ඩායම්වලට බෙදලා තිබුණේ එයාලාගේ පෙළපත්වලට අනුවයි. ඒ කණ්ඩායම්වල විස්තර තමයි මේ. යූදා ගෝත්‍රයේ දාහේ කණ්ඩායම්වල ප්‍රධානීන්: ප්‍රධානියා අද්නාහ්. එයා එක්ක යුද්දෙට දක්ෂ සෙබළු තුන්ලක්ෂයක් හිටියා.+
15 එයා යටතේ ප්‍රධානියෙක් වුණ යෙහෝහානන් හිටියා. එයා එක්ක දෙලක්ෂ අසූදාහක් හිටියා.
16 අද්නාහ් යටතේ තවත් ප්‍රධානියෙක් හිටියා. එයා ෂික්රීගේ පුතා වුණ අමසියා. එයා යෙහෝවා වෙනුවෙන් සේවය කරන්න කැමැත්තෙන්ම ඉදිරිපත් වුණ කෙනෙක්. අමසියා එක්ක යුද්දෙට දක්ෂ දෙලක්ෂයක් හිටියා.
17 බෙන්ජමින්+ ගෝත්‍රයෙන් යුද්දෙට දක්ෂ එලියාදා හිටියා. එයා එක්ක පලිස් සහ දුනු තිබුණ සෙබළු දෙලක්ෂයක් හිටියා.+
18 එයා යටතේ ප්‍රධානියෙක් වුණ යෙහොෂාබාද් හිටියා. යෙහොෂාබාද් එක්ක යුද්දෙට ලෑස්ති වෙලා හිටපු සෙබළු එක්ලක්ෂ අසූදාහක් හිටියා.
19 රජ යූදා දේශය පුරාම තිබුණ ආරක්ෂාව වැඩි කරපු නගරවල රඳවලා තිබ්බ සෙබළුන්ට අමතරව මේ අයවත් රජට සේවය කරන්න යොදවලා තිබුණා.+