දෙවෙනි ලේකම් 2:1-18
-
දේවමාලිගාව හදන්න සූදානම් වෙයි (1-18)
2 යෙහෝවා දෙවියන්ගේ නමට ගෞරවය ගේන්න ගෘහයක්+ හදන්න කියලත් රජමාලිගාවක්+ හදන්න කියලත් සලමොන් රජ අණ කළා.
2 සාමාන්‍ය කම්කරුවෝ* 70,000ක් සහ කඳුවල ගල් කඩන අය 80,000ක් සලමොන් යටතේ වැඩ කළා.+ එයාලාගේ වැඩ බලාගන්න 3,600දෙනෙක්වත් පත් කළා.+
3 සලමොන් තීර්වල රජ වුණ හීරාම්ට+ මේ පණිවිඩය යැව්වා. “මගේ තාත්තා වුණ දාවිත් රජමාලිගාවක් හදද්දී ඒකට ඕනෙ කරන දේවදාර ලී දීලා ඔබ එයාට උදව් කළා.+ ඒ විදිහටම දැන් මටත් උදව් කරන්න.
4 දැන් මම මගේ දෙවි වන යෙහෝවාගේ නමට ගෞරවය ගේන්න ගෘහයක් හදන්න ලෑස්ති වෙනවා. මට පුළුවන් වෙයි ඒ ගෘහය දෙවියන්ට කරන නමස්කාරය වෙනුවෙන්ම කැප කරන්න. ඒ ගෘහයේදී දෙවියන් ඉස්සරහා සුවඳ ද්‍රව්‍ය දවන්නත්+ ඔහුට පූජා කරන රොටි නිතරම තියන්නත්+ පුළුවන් වෙයි. ඒ වගේම උදේ හවස,+ සබත් දවස්වලදී,+ නව සඳ පායන දවස්වලදී+ සහ අපේ දෙවි වන යෙහෝවා වෙනුවෙන් පවත්වන උත්සවවලදී+ දවන පූජා ඔප්පු කරන්නත් පුළුවන් වෙයි. හැමදාටම ඊශ්‍රායෙල් සෙනඟ ඒ දේවල් කරයි කියලා ඔහු බලාපොරොත්තු වෙනවා.
5 අපේ දෙවියන් අනිත් හැම දෙවි කෙනෙක්ටම වඩා උතුම් නිසා මං හදන මේ ගෘහය ශ්‍රේෂ්ඨ එකක් වෙයි.
6 ඒත් ඇත්තටම දෙවියන් වෙනුවෙන් ගෘහයක් හදන්න පුළුවන් කාටද? ඔහුට වාසය කරන්න ඉමක් කොනක් නැති මේ මුළු අහස්තලයම ප්‍රමාණවත් නැහැ.+ එහෙමනම් මම කොහොමද ඔහුට වාසය කරන්න ගෘහයක් හදන්නේ? මට පුළුවන් ඔහු ඉස්සරහා පූජා* ඔප්පු කරන්න තැනක් හදන්න විතරයි.
7 ඉතින් මං ඔබෙන් ඉල්ලනවා රන්, රිදී, තඹ+ සහ යකඩ වැඩ කරන්නත් කැටයම් කරන්නත් දම් පාට ලොම්වලින්, තද රතු සහ නිල් පාට නූල්වලින් මැහුම් වැඩ කරන්නත් දක්ෂ කර්මාන්තකරුවෙක්ව මං ළඟට එවන්න කියලා. එයාට පුළුවන් යූදාවල සහ යෙරුසලමේ ඉන්න මගේ දක්ෂ කර්මාන්තකරුවන් එක්ක එකතු වෙලා වැඩ කරන්න. ඒ අයව තේරුවේ මගේ තාත්තා වුණ දාවිත්.+
8 ලෙබනොන්වලින් දේවදාර ලී, ජුනිපර් ලී+ සහ හඳුන් ලී+ මට එවන්න. ඔබේ සේවකයන් ලෙබනොන්වල+ තියෙන ගස් කපන්න හරිම දක්ෂයි කියලා මම හොඳින්ම දන්නවා. මගේ සේවකයනුත් ඔබේ සේවකයන් එක්ක වැඩ කරයි.+
9 එතකොට එයාලට පුළුවන් මේ ගෘහය හදන්න ඕනෙ කරන විශාල දැව ප්‍රමාණය ලෑස්ති කරන්න. මොකද මං හදන මේ ගෘහය හරිම ශ්‍රේෂ්ඨ, තේජසින් බැබළෙන එකක් වෙන්න ඕනේ.
10 ගස් කපන ඔබේ සේවකයන්ට අවශ්‍ය කෑම මම සපයන්නම්.+ තිරිඟු කෝර් මිනුම්* 20,000ක්, බාර්ලි කෝර් මිනුම් 20,000ක්, වයින් බාත් මිනුම්* 20,000ක් සහ තෙල් බාත් මිනුම් 20,000ක් මං එයාලා වෙනුවෙන් දෙන්නම්.”
11 එතකොට තීර්වල රජ වුණ හීරාම් සලමොන්ට මෙහෙම ලියලා එව්වා. “යෙහෝවා දෙවියන් ඔහුගේ සෙනඟට ආදරේ නිසා තමයි ඔබව එයාලාගේ රජ විදිහට පත් කරලා තියෙන්නේ.”
12 හීරාම් මෙහෙමත් කිව්වා. “අහසත් පොළොවත් හදපු ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවාට ප්‍රශංසා වේවා! මොකද ඔහු දාවිත් රජට දැනුම් තේරුම් ඇති, අවබෝධයෙන් වැඩ කරන,+ ඥානවන්ත පුතෙක්+ දීලා තියෙනවා. යෙහෝවා දෙවියන් වෙනුවෙන් ගෘහයක් හදන්නත් රජමාලිගාවක් හදන්නත් එයාට පුළුවන් වෙයි.
13 මම දැන් හැම දෙයක්ම කරන්න පුළුවන් අතිදක්ෂ කර්මාන්තකරුවෙක්ව ඔබ ළඟට එවනවා. එයාගේ නම හීරාම්ආබි.+
14 එයාගේ අම්මා දාන් ගෝත්‍රයට අයිති කෙනෙක්. එයාගේ තාත්තා තීර්වල කෙනෙක්. එයා රන්, රිදී, තඹ, යකඩ, ගල් සහ ලීවලින් වැඩ කරන්න හරිම දක්ෂයි. දම් පාට ලොම්, තද රතු සහ නිල් පාට නූල්වලින්, අනර්ඝ රෙදිවලින්+ මැහුම් වැඩ කරන්නත් එයා දක්ෂයි. ඕනෙම විදිහක කැටයම් වැඩ කරන්න වගේම එයාට හදන්න භාර දෙන ඕනෙම දෙයක් හදන්න+ එයාට හැකියාව තියෙනවා. එයා ඔබේ කර්මාන්තකරුවන් එක්කයි, මගේ ස්වාමියා සහ ඔබේ තාත්තා වුණ දාවිත්ගේ කර්මාන්තකරුවන් එක්කයි වැඩ කරයි.
15 ඔබ* පොරොන්දු වුණ විදිහට තිරිඟු, බාර්ලි, තෙල් සහ වයින් මගේ සේවකයන්ට දෙන්න.+
16 අපි ලෙබනොන්වල තියෙන ගස්වලින්+ ඔබට අවශ්‍ය ප්‍රමාණය කපලා ඒ ලී කොටං එකට ගැටගහලා ඒවා මුහුදෙන් යොප්පාවට+ ගේන්නම්. ඊටපස්සේ ඔබට පුළුවන් ඒවා යෙරුසලමට අරගෙන යන්න.”+
17 ඊටපස්සේ සලමොන් ඊශ්‍රායෙල් දේශයේ හිටපු විදේශිකයන්ව ගණන් කළා.+ ඊට කලින් එයාගේ තාත්තා වුණ දාවිත් රජත් එහෙම කරලා තිබුණා.+ විදේශිකයන් එක්ලක්ෂ පනස්තුන්දාස් හයසීයක් හිටියා.
18 සලමොන් එයාලාගෙන් 70,000ක් සාමාන්‍ය කම්කරුවන් විදිහටත් 80,000ක් කඳුවල ගල් කඩන අය+ විදිහටත් පත් කළා. තව 3,600දෙනෙක්ව එයාලාගේ වැඩ බලාගන්න පත් කළා.+
පාදසටහන්
^ හෝ, “බර උස්සගෙන යන අය.”
^ හෝ, “දුම ඉහළට නඟින විදිහට පූජා.”
^ මූ.අ., “මගේ ස්වාමීන් වන ඔබ.”