දෙවෙනි ලේකම් 21:1-20

  • යෙහෝරම් යූදාවල රජ වෙයි (1-11)

  • එලියාගෙන් පණිවිඩයක් ලැබෙයි (12-15)

  • යෙහෝරම්ගේ අවසානය (16-20)

21  කාලයක් ගියාට පස්සේ යෙහෝෂපාට් මැරුණා. එයාගේ මුතුන්මිත්තන් වගේ එයාවත් දාවිත්ගේ නුවරේ තැන්පත් කළා. එයාගෙන් පස්සේ එයාගේ පුතා වුණ යෙහෝරම් රජකමට පත් වුණා.+  එයාගේ මල්ලිලාගේ නම්: අෂරියා, යෙහීයෙල්, සෙකරියා, අෂරියා, මිකායෙල් සහ ෂෙපටියා. ඒ හැමෝම ඊශ්‍රායෙල්වරුන්ගේ* රජ වුණ යෙහෝෂපාට්ගේ පුතාලා.  යෙහෝෂපාට් එයාගේ පුතාලට රිදී, රත්තරන් සහ වටින දේවල් ගොඩක් තෑගි විදිහට දුන්නා. යූදාවල ආරක්ෂාව වැඩි කරලා තිබුණ නගරත් එයාලට දුන්නා.+ ඒත් එයා රජකම දුන්නේ එයාගේ කුලුඳුල් පුතා වුණ යෙහෝරම්ට.+  තාත්තාගෙන් පස්සේ රජකම එයාට ලැබුණාම යෙහෝරම් එයාගේ මල්ලිලවයි,+ ඊශ්‍රායෙල්වල හිටපු සමහර අධිපතීන්වයි කඩුවෙන් මරලා දැම්මා. එයා එහෙම කළේ එයාගේ බලය තහවුරු කරගන්න.  යෙහෝරම් රජකමට පත් වෙද්දී එයාගේ වයස අවුරුදු 32යි. එයා යෙරුසලමේ ඉඳන් අවුරුදු අටක් පාලනය කළා.+  යෙහෝරම් ආහබ්ගේ පවුලේ අය වගේම ඊශ්‍රායෙල්වල රජවරු ගිය පාරේ ගියා.+ මොකද එයා විවාහ වෙලා හිටියේ ආහබ්ගේ දුව එක්ක.+ යෙහෝවා වැරදියි කියලා සලකන දේවල් යෙහෝරම් දිගටම කළා.  ඒත් යෙහෝවා දෙවියන් දාවිත් එක්ක ඇති කරගත්ත ගිවිසුම නිසා දාවිත්ගේ පෙළපත විනාශ කරන්න කැමති වුණේ නැහැ.+ ඔහු දාවිත්ට පොරොන්දු වෙලා තිබුණා එයාගෙනුයි, එයාගේ පුතාලාගෙනුයි පැවතෙන කෙනෙක් පාලනය කරන්න හැමදාටම ඉන්නවා* කියලා.+  යෙහෝරම් යූදාවල රජකම් කරපු කාලේදී ඒදොම්වරු එයාට විරුද්ධව කැරලිගහලා+ එයාලටම කියලා රජ කෙනෙක්ව පත් කරගත්තා.+  ඉතින් යෙහෝරම් එයාගේ හමුදාපතීන් එක්ක යුධ රථ ඔක්කොමත් අරගෙන ගඟෙන් එගොඩ වුණා. එහෙදී ඒදොම්වරු එයාවයි, එයාගේ යුධ රථ කණ්ඩායම්වලට අණ දෙන නිලධාරීන්වයි වට කළත් යෙහෝරම් රෑ එයාලට පහර දීලා එයාලව පරාජය කළා. 10  ඒත් ඒදොම්වරු අද වෙන කල්ම යූදාවලට විරුද්ධව කැරලිගහනවා. ඒ කාලේදීම ලිබ්නාවල+ මිනිස්සුත් එයාට විරුද්ධව කැරලිගැහුවා. ඒ හැම දෙයක්ම වුණේ යෙහෝරම් එයාගේ මුතුන්මිත්තන්ගේ දෙවි වන යෙහෝවාව අත්හැරපු නිසයි.+ 11  එයා යූදාවල තිබුණ කඳුවල පූජනීය ස්ථානත්*+ හැදුවා. ඒ නිසා යෙරුසලමේ හිටපු සෙනඟ දෙවියන්ට ද්‍රෝහි වෙලා* වෙනත් දෙවිවරුන් පස්සේ යන්න පෙලඹුණා. ඒ විදිහට එයා යූදාවල හිටපු සෙනඟව දෙවියන්ගෙන් ඈත් කළා. 12  කාලයක් ගියාට පස්සේ අනාගතවක්තෘ එලියාගෙන්+ යෙහෝරම්ට පණිවිඩයක් ඇතුළත් ලියවිල්ලක් ලැබුණා. ඒකේ මෙහෙම සඳහන් වුණා. “ඔබේ මුතුන්මිත්තා වුණ දාවිත්ගේ දෙවි යෙහෝවා මෙහෙම කියනවා. ‘ඔයා ඔයාගේ තාත්තා වුණ යෙහෝෂපාට් වැඩ කරපු විදිහටවත්+ යූදාවල රජ වුණ ආසා වැඩ කරපු විදිහටවත් වැඩ කළේ නැහැ.+ 13  ඒ වෙනුවට ඔයා වැඩ කරන්නේ ඊශ්‍රායෙල්වල රජවරු වැඩ කරන විදිහටයි.+ ආහබ්ගේ පවුලේ අය දෙවියන්ට ද්‍රෝහි වුණ විදිහටම+ යෙරුසලමේ සහ යූදාවල ඉන්න මිනිස්සුන්වත් දෙවියන්ට ද්‍රෝහි වෙන්න ඔයා පෙලඹුවා.+ ඒ විතරක් නෙමෙයි ඔයා ඔයාගේ තාත්තාගේ පවුලේ අයව, ඔයාගෙම මල්ලිලාවත් මරලා දැම්මා.+ ඇත්තටම එයාලා ඔයාට වඩා හොඳ අය. 14  ඒ නිසා යෙහෝවා ඔයාගේ සෙනඟටයි, ඔයාගේ පුතාලටයි, ඔයාගේ භාර්යාවන්ටයි දඬුවම් කරනවා. ඔයාට අයිති හැම දෙයක්මත් දෙවියන් විනාශ කරනවා. 15  ඔයාට ගොඩක් ලෙඩ හැදෙනවා. ඔයාට බඩවැලේ රෝගයකුත් හැදෙයි. දවසින් දවස ඒ රෝගය දරුණු වෙලා අන්තිමට ඔයාගේ බඩවැල එළියට එනවා.’” 16  ඊටපස්සේ යෙහෝවා පිලිස්තිවරුන්වයි,+ ඉතියෝපියානුවන් ළඟ ජීවත් වුණ අරාබි ජාතිකයන්වයි+ යෙහෝරම්ට විරුද්ධව වැඩ කරන්න පෙලඹුවා.+ 17  එයාලා යූදා දේශය ආක්‍රමණය කරලා රජමාලිගාවේ තිබුණ ඔක්කොම වස්තුව අරගෙන ගියා.+ ඒ විතරක් නෙමෙයි රජගේ පුතාලාවත් එයාගේ භාර්යාවන්වත් අරගෙන ගියා. රජට ඉතුරු වුණේ එයාගේ බාලම පුතා වුණ යෙහෝයහාෂ්ව*+ විතරයි. 18  ඒ හැම දෙයක්ම වුණාට පස්සේ යෙහෝවා, යෙහෝරම්ගේ බඩවැලේ රෝගයක් හැදෙන්න සැලැස්වුවා. ඒක හොඳ කරන්න බැරි ලෙඩක්.+ 19  අවුරුදු දෙකක් ගියාට පස්සේ ඒ ලෙඩේ නිසා එයාගේ බඩවැල් එළියට ආවා. අන්තිමේදී ගොඩක් දුක් විඳලා එයා මැරුණා. සෙනඟ එයාගේ මුතුන්මිත්තන් වෙනුවෙන් කළා වගේ එයාට ගෞරවය දෙන්න ගින්නක් පත්තු කළේ නැහැ.+ 20  යෙහෝරම් රජකමට පත් වෙද්දී එයාගේ වයස අවුරුදු 32යි. එයා යෙරුසලමේ ඉඳන් අවුරුදු අටක් රජකම් කළා. එයා මැරුණාම කවුරුත් එයා ගැන දුක් වුණේ නැහැ. එයාලා යෙහෝරම්ව දාවිත්ගේ නුවරේ තැන්පත් කළා.+ ඒත් එයාව තැන්පත් කළේ රජවරුන්ව තැන්පත් කරන තැන නෙමෙයි.+

පාදසටහන්

2වෙනි ලේකම් පොතේ අවස්ථා කීපයකම “යූදාවල” කියලා නිශ්චිතව සඳහන් කරනවා වෙනුවට “ඊශ්‍රායෙල්” කියලා සඳහන් වෙනවා. “ඊශ්‍රායෙල්” කියන වචනේ පාවිච්චි කරලා තියෙන්නේ පොදුවේ මුළු සෙනඟවම හඳුන්වන්නයි.
මූ.අ., “හැමදාටම පහනක් තියෙනවා.”
ඒ ද්‍රෝහිවීම හරියට කෙනෙක් අනාචාරයේ යෙදෙනවා වගෙයි.
මූ.අ., “උස් තැනුත්.”
අහසියා කියලත් හඳුන්වනවා.