දෙවෙනි ලේකම් 23:1-21

  • යෙහෝයාදා මැදිහත් වෙයි; යෙහෝයාෂ්ව රජකමට පත් කරයි (1-11)

  • අතලියාව මරලා දායි (12-15)

  • යෙහෝයාදා බොරු නමස්කාරය අයින් කරයි (16-21)

23  හත්වෙනි අවුරුද්දේදී යෙහෝයාදා හරිම නිර්භීතව සීය ගාණේ ඉන්න කණ්ඩායම්වල ප්‍රධානීන්+ එක්ක ගිවිසුමක් ඇති කරගත්තා. ඒ ප්‍රධානීන් නම්: යෙරොහාම්ගේ පුතා වුණ අෂරියා, යෙහෝහානන්ගේ පුතා වුණ ඉෂ්මායෙල්, ඕබෙද්ගේ පුතා වුණ අෂරියා, අදායාගේ පුතා වුණ මයසේයා සහ ෂික්රීගේ පුතා වුණ එලිෂාපාට්.  ඊටපස්සේ එයාලා යූදා දේශය පුරාම ගිහිල්ලා යූදාවල තිබුණ හැම නගරයකම හිටපු ලෙවීවරුන්වයි,+ ඊශ්‍රායෙල්වරුන්ගේ මුතුන්මිත්තන්ගේ පෙළපත්වල ප්‍රධානීන්වයි රැස් කළා. ඒ හැමෝම යෙරුසලමට ආවාම  එයාලා ඔක්කොම එකතු වෙලා සැබෑ දෙවියන්ගේ ගෘහයේදී රජ එක්ක ගිවිසුමක් ඇති කරගත්තා.+ ඊටපස්සේ යෙහෝයාදා එයාලට මෙහෙම කිව්වා. “යෙහෝවා දෙවියන් දාවිත්ගේ පුතාලා ගැන පොරොන්දු වෙලා තියෙන විදිහට රජගේ පුතාව අනිවාර්යයෙන්ම රජකමට පත් කරන්න ඕනේ.+  දැන් ඔයාලා මෙහෙම කරන්න. සබත් දවසේ සේවය කරන්න එන පූජකයන්වයි, ලෙවීවරුන්වයි කණ්ඩායම් තුනකට බෙදන්න.+ එක කණ්ඩායමක් දොරටු පාලකයන්+ විදිහට වැඩ කරන්න ඕනේ.  තව කණ්ඩායමක් රජමාලිගාව+ ළඟත් අනිත් කණ්ඩායම අත්තිවාරම් දොරටුව ළඟත් ඉන්න ඕනේ. අනිත් හැමෝම ඉන්න ඕනෙ යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ මළුවලයි.+  පූජකයන්ටයි, ලෙවීවරුන්ටයි ඇරෙන්න වෙන කාටවත් යෙහෝවා දෙවියන්ගේ ගෘහයට ඇතුල් වෙන්න ඉඩ දෙන්න එපා.+ මොකද එයාලා පරිශුද්ධ සේවය වෙනුවෙන් පවිත්‍ර වෙලයි ඉන්නේ. අනිත් සෙනඟ ගෘහයෙන් එළියේ ඉන්න ඕනේ. ඒ විදිහට එයාලට පුළුවන් යෙහෝවා එයාලාගෙන් බලාපොරොත්තු වෙන දේ ඉටු කරන්න.  ලෙවීවරු ආයුධ අතේ තියාගෙන රජ වටේට ඉන්න ඕනේ. කවුරු හරි ගෘහයට ඇතුල් වෙන්න හැදුවොත් එයාව මරලා දාන්න. රජ කොහෙට ගියත් ඔයාලා එයාත් එක්කම ඉන්න ඕනේ.”  ලෙවීවරු සහ යූදා දේශයෙන් ආපු හැමෝම පූජක යෙහෝයාදා අණ කරපු විදිහටම කළා. හැම ප්‍රධානියෙක්ම එයාලාගේ කණ්ඩායමේ සබත් දවසේ මුර සේවය කරපු අයවයි, මුර සේවයෙන් නිවාඩු ලබපු අයවයි+ එක්කගෙන ආවා. මොකද පූජක යෙහෝයාදා කිසිම කණ්ඩායමක් සේවයෙන් නිදහස් කළේ නැහැ.+  ඊටපස්සේ පූජක යෙහෝයාදා සැබෑ දෙවියන්ගේ ගෘහයේ+ තිබුණ දාවිත් රජට අයිති හෙල්ල, කුඩා පලිස් සහ පලිස්+ ඔක්කොම අරගෙන ඒවා ඒ ප්‍රධානීන්ට දුන්නා.+ 10  ඊටපස්සේ එයා ආයුධ අතේ තියාගෙන හිටපු ඒ හැමෝවම එයාලට නියමිත තැන්වල රඳවලා තිබ්බා. එයාලා දේවමාලිගාවේ දකුණු පැත්තේ ඉඳන් වම් පැත්ත දක්වාත් පූජාසනය ළඟත් දේවමාලිගාව ළඟත් රජ වටේට මුරට හිටියා. 11  ඊටපස්සේ ඒ අය රජගේ පුතාව එළියට ගෙනල්ලා+ එයාට ඔටුන්න පලඳවලා නීතිය සඳහන් ලියවිල්ල*+ එයාට දුන්නා.* යෙහෝයාදායි, එයාගේ පුතාලයි එයාව රජ විදිහට අභිෂේක කළා. ඊටපස්සේ එයාලා මෙහෙම කිව්වා. “රජතුමා දිගු කල් ජීවත් වේවා!”+ 12  දුවගෙන යන සෙනඟගේ සද්දෙයි, එයාලා රජට ප්‍රශංසා කරන සද්දෙයි අතලියාට ඇහුණ ගමන්ම එයා යෙහෝවා දෙවියන්ගේ ගෘහය ළඟ හිටපු මිනිස්සු කිට්ටුවට ආවා.+ 13  එතකොට අතලියා දැක්කා ඇතුල් වෙන තැන තිබුණ කුලුනක්* ළඟ රජ හිටගෙන ඉන්නවා. අධිපතීනුත්+ හොරණෑ පිඹින අයත් රජ එක්ක හිටියා. හොරණෑ සද්දේ මැද දේශයේ හිටපු මුළු සෙනඟම ගොඩක් සතුටු වුණා.+ සංගීත භාණ්ඩ අතේ තිබුණ ගායකයන් තමයි ප්‍රශංසා ගී ගායනා කරපු සෙනඟට මූලිකත්වය දුන්නේ. ඒ හැම දෙයක්ම දැක්කාම අතලියා එයාගේ ඇඳුම් ඉරාගෙන “කුමන්ත්‍රණයක්! මේක මහා කුමන්ත්‍රණයක්” කියලා කෑගැහුවා. 14  එතකොට පූජක යෙහෝයාදා හමුදාවේ සීය ගාණේ ඉන්න කණ්ඩායම් භාරව හිටපු ප්‍රධානීන්ට එන්න කියලා එයාලට මෙහෙම අණ කළා. “මුරකරුවන් ඉන්න තැනින් එයාව අරන් යන්න. එයාව බේරගන්න කවුරු හරි ආවොත් ඒ කෙනාවත් කඩුවෙන් මරලා දාන්න!” මොකද පූජක යෙහෝයාදා කලින්ම මෙහෙම කියලා තිබුණා. “යෙහෝවා දෙවියන්ගේ ගෘහයේදී අතලියාව මරන්න එපා.” 15  ඉතින් එයාලා අතලියාව අල්ලගෙන රජමාලිගාවේ අශ්ව දොරටුව වෙන කල් ගියා. ඊටපස්සේ එයාලා එතනදී එයාව මරලා දැම්මා. 16  ඊටපස්සේ යෙහෝයාදා ගිවිසුමක් ඇති කරගන්න පියවර ගත්තා. ඒ ගිවිසුමට අනුව එයායි, රජයි, මුළු සෙනඟයි හැමදාම යෙහෝවාගේ සෙනඟ විදිහට ඉන්නවා කියලා පොරොන්දු වුණා.+ 17  ඊටපස්සේ සෙනඟ හැමෝම එකතු වෙලා බාල්ගේ දේවාලේට ගිහින් ඒක කඩලා දැම්මා.+ ඒකේ තිබුණ බාල්ගේ පූජාසනයි, රූපයි කුඩු කරලා+ බාල්ගේ පූජකයා වුණ මත්තාන්ව පූජාසන ඉස්සරහම මරලා දැම්මා.+ 18  ඊටපස්සේ යෙහෝයාදා යෙහෝවා දෙවියන්ගේ ගෘහය බලාගන්න වගකීම පූජකයන්ටයි, ලෙවීවරුන්ටයි භාර දුන්නා. දාවිත් එයාලව තමයි කණ්ඩායම්වලට බෙදලා යෙහෝවා දෙවියන්ගේ ගෘහය බලාගන්නත් මෝසෙස්ට දුන්න නීතියේ සඳහන් වුණ විදිහට+ යෙහෝවාට දවන පූජා ඔප්පු කරන්නත් පත් කරලා තිබුණේ.+ පූජා ඔප්පු කරද්දී දාවිත් මඟ පෙන්නලා තිබුණ විදිහට සතුටින් ගී ගායනා කරන එකත් එයාලාගෙන් බලාපොරොත්තු වුණා. 19  යෙහෝවා දෙවියන්ගේ ගෘහයට අපවිත්‍ර කාටවත් ඇතුල් වෙන්න බැරි වෙන්න ගෘහයේ දොරටු ළඟ දොරටු පාලකයන්වත්+ යෙහෝයාදා රැඳෙව්වා. 20  ඊටපස්සේ එයා සීය ගාණේ ඉන්න කණ්ඩායම්වල ප්‍රධානීවයි,+ වංශවත් අයවයි, පාලකයන්වයි, මුළු සෙනඟවයි එකතු කරගෙන රජව යෙහෝවා දෙවියන්ගේ ගෘහයෙන් එක්කගෙන ගියා. එයාලා ඉහළ දොරටුවෙන් ඇතුල් වෙලා රජමාලිගාවට ඇවිත් රජව සිංහාසනයේ ඉන්දෙව්වා.+ 21  ඉතින් දේශයේ හිටපු හැමෝම ගොඩක් සතුටු වුණා. නගරයෙත් සාමකාමී වාතාවරණයක් තිබුණා. මොකද එයාලා අතලියාව කඩුවෙන් මරලා දාලා තිබුණේ.

පාදසටහන්

සමහරවිට පූජකයා නීතිය සඳහන් ලියවිල්ල රජගේ ඔළුව උඩින් තියන්න ඇති. එහෙම කළේ ඒකේ තියෙන දේවල් පිළිපදින්න ඕනෙ කියලා රජට මතක් කරන්න.
මූ.අ., “සාක්ෂිය.”
මූ.අ., “එයාගේ කුලුන.”