දෙවෙනි ලේකම් 27:1-9

  • යෝතම් යූදාවල රජ වෙයි (1-9)

27  යෝතම්+ රජකමට පත් වෙද්දී එයාට වයස අවුරුදු 25යි. එයා යෙරුසලමේ ඉඳන් අවුරුදු 16ක් පාලනය කළා. එයාගේ අම්මාගේ නම යෙරුෂාහ්. යෙරුෂාහ් සාදොක්ගේ දුව.+  යෝතම් එයාගේ තාත්තා වුණ උසියා වගේ යෙහෝවා හරියි කියලා සලකන දේවල් දිගටම කළා.+ ඒත් එයා තාත්තා කළා වගේ යෙහෝවා දෙවියන්ගේ මාලිගාවේ යන්න අවසර නැති කොටසට ගියේ නැහැ.+ රජ හරි දේවල් කළාට සෙනඟ දිගටම දුෂ්ට දේවල් කළා.  යෝතම් යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ තියෙන ඉහළ දොරටුව හැදුවා.+ ඒ වගේම ඕෆෙල්වල+ තිබුණ පවුරේ ගොඩක් ඉදි කිරීම් වැඩත් එයා කළා.  යූදා දේශයේ තිබුණ කඳුකර ප්‍රදේශයේ+ එයා නගර ගොඩනැඟුවා.+ එයා කැලෑබද ප්‍රදේශවල බලකොටු+ සහ මුරකොටුත්+ ඉදි කළා.  එයා අම්මොන්වරුන්ගේ රජට විරුද්ධව කාලයක් තිස්සේ යුද්ධ කරලා+ අන්තිමට එයාලව පරාජය කළා. ඉතින් අම්මොන්වරු ඒ අවුරුද්දේ එයාට රිදී තලෙන්ත* 100කුයි, තිරිඟු කෝර් මිනුම්* 10,000කුයි, බාර්ලි කෝර් මිනුම් 10,000කුයි දුන්නා. අම්මොන්වරු ඒ දේවල් ඊළඟ අවුරුදු දෙකේදීත් එයාට දුන්නා.+  යෝතම් එයාගේ දෙවි වන යෙහෝවාගේ මඟ පෙන්වීම්වලට කීකරු වෙන්න අධිෂ්ඨාන කරගෙන තිබුණ නිසා එයාගේ බලය තව තවත් තහවුරු වුණා.  යෝතම්ගේ ජීවිතේ අනිත් සිදුවීම් ගැන ඒ කියන්නේ එයා කරපු යුද්ධ ගැනත් එයා කරපු හැම දෙයක්ම ගැනත් ඊශ්‍රායෙල්වල සහ යූදාවල රජවරුන්ගේ ඉතිහාසය වාර්තා කරලා තියෙන ලියවිල්ලේ සඳහන් වෙනවා.+  එයා රජකමට පත් වෙද්දී එයාට වයස අවුරුදු 25යි. එයා යෙරුසලමේ ඉඳන් අවුරුදු 16ක් පාලනය කළා.+  ඊටපස්සේ යෝතම් මැරුණා. එයාවත් එයාගේ මුතුන්මිත්තන් වගේ තැන්පත් කළා. එයාව තැන්පත් කළේ දාවිත්ගේ නුවරේ.+ යෝතම්ගෙන් පස්සේ රජකමට පත් වුණේ එයාගේ පුතා වුණ ආහස්.+

පාදසටහන්

තලෙන්තයක් කියන්නේ කි.ග්‍රෑ. 34.2ක්. උප. B14 බලන්න.
කෝර් මිනුමක් කියන්නේ ලීටර් 220ක්. උප. B14 බලන්න.