දෙවෙනි ලේකම් 3:1-17

  • සලමොන් දේවමාලිගාව හදන්න පටන්ගනියි (1-7)

  • අතිශුද්ධස්ථානය (8-14)

  • තඹ කුලුනු දෙක (15-17)

3  සලමොන් යෙරුසලමේ මොරියා කන්ද+ මත යෙහෝවා දෙවියන්ගේ ගෘහය හදන්න පටන්ගත්තා.+ යෙබූසිවරයෙක් වුණ ඔර්නාන්ට+ අයිති වෙලා තිබුණ කමතේ ගෘහය හදන්න දාවිත් ලෑස්ති කරලා තිබුණ ස්ථානයේ තමයි එයා ඒක හදන්න පටන්ගත්තේ. එතනදී තමයි සලමොන්ගේ තාත්තා වුණ දාවිත්ට යෙහෝවා දර්ශනය වුණේ.+  සලමොන් ගෘහය හදන්න පටන්ගත්තේ එයා පාලනය කරපු හතරවෙනි අවුරුද්දේ දෙවෙනි මාසේ දෙවෙනිදා.  සැබෑ දෙවියන්ගේ ගෘහය හදන්න සලමොන් දාපු අත්තිවාරමේ දිග රියන් 60යි. පළල රියන් 20යි.+ අතීතයේ පාවිච්චි කරපු රියන් මිනුමට අනුව තමයි ඒක මැන්නේ.*  ශුද්ධස්ථානයට ඇතුල් වෙන තැන තිබුණ ශාලාවේ පළල රියන් 20යි. ඒක ගෘහයේ පළලට සමානයි. ඒකේ උස රියන් 20යි.* එයා ඒකේ ඇතුළත බිත්ති පවිත්‍ර රත්තරන්වලින් ආවරණය කළා.+  එයා ගෘහයේ ප්‍රධාන කාමරයට* ජුනිපර් ලී ඇල්ලුවා. ඊටපස්සේ ඒක හොඳම රත්තරන්වලින් ආවරණය කරලා+ තාල වර්ගයේ ගස්වල රූප+ ඒකේ කැටයම් කළා. ඒක රන් දම්වැල්වලින්+ ලස්සන කළා.  ඊටපස්සේ එයා ගෘහය සරසන්න ලස්සන මැණික් ගල් ඒකට ඇල්ලුවා.+ එයා පාවිච්චි කළේ පර්වායිම්වලින් ගෙනාපු රත්තරන්.+  එයා මුළු ගෘහයම ඒ කියන්නේ ඒකේ පරාල, බිත්ති, දොරවල් සහ දොරවල් අවට බිම රත්තරන්වලින් ආවරණය කළා.+ බිත්තිවල කෙරුබ්වරුන්ගේ රූප කැටයම් කළා.+  ඊළඟට එයා අතිශුද්ධස්ථානය*+ හැදුවා. ඒකේ දිග ගෘහයේ පළලට සමානයි. ඒ කියන්නේ රියන් 20යි. ඒකේ පළලත් රියන් 20යි. එයා තලෙන්ත* 600ක් බර හොඳම රත්තරන්වලින් ඒක සම්පූර්ණයෙන්ම ආවරණය කළා.+  ඇණවලට පාවිච්චි කරපු රත්තරන්වල බර ෂෙකෙල්* 50යි. උඩුමහලේ තිබුණ කාමරත් එයා රත්තරන්වලින් ආවරණය කළා. 10  ඊටපස්සේ එයා අතිශුද්ධස්ථානයේ* තියන්න කෙරුබ්වරුන් දෙන්නෙක්ගේ රූප හදලා ඒවා සම්පූර්ණයෙන්ම රත්තරන්වලින් ආවරණය කළා.+ 11  ඒ කෙරුබ්වරුන් දෙන්නාගේ විහිදුවාගෙන හිටපු පියාපත්+ එක කොනක ඉඳන් අනිත් කොනට මැන්නාම දිග රියන් 20යි. එක කෙරුබ්වරයෙක්ගේ පියාපතක දිග රියන් පහයි. පියාපත්වල එක කෙළවරක් අතිශුද්ධස්ථානයේ බිත්තියේ වැදුණා. අනිත් කෙළවර අනිත් කෙරුබ්වරයාගේ පියාපතක වැදුණා. 12  අනිත් කෙරුබ්වරයාගේ එක පියාපතක දිග රියන් පහයි. ඒ කෙරුබ්වරයාගේ එක පියාපතක් බිත්තියේ අනිත් කෙළවරේ වැදුණා. අනිත් පියාපත අනිත් කෙරුබ්වරයාගේ පියාපතේ වැදුණා. ඒ පියාපතේ දිගත් රියන් පහයි. 13  විහිදුවාගෙන හිටපු ඒ පියාපත්වල මුළු දිග රියන් 20යි. කෙරුබ්වරු හිටියේ කෙළින් හිටගෙන. එයාලාගේ මුහුණු තිබුණේ ශුද්ධස්ථානය පැත්තට. 14  එයා නිල් පාට සහ තද රතු පාට නූල්, දම් පාට ලොම් සහ අනර්ඝ රෙදිවලින් තිරය+ හදලා ඒකේ කෙරුබ්වරුන්ගේ රූප මැහුවා.+ 15  ඊටපස්සේ එයා ගෘහය ඉස්සරහා රියන් 35ක් උස කුලුනු දෙකක් හැදුවා.+ ඒ කුලුනු දෙක මුදුනේ තියන්න රියන් පහක් උස, වැඩ දාපු කොටස් දෙකකුත් හැදුවා.+ 16  එයා දම්වැල් හදලා ඒවා කුලුනු මුදුනේ තිබ්බ කොටස්වල එල්ලුවා. ඒ දම්වැල්වල එල්ලන්න දෙළුම් ගෙඩි 100කුත් හැදුවා. 17  එයා ඒ කුලුනු දෙක දේවමාලිගාව ඉස්සරහින්ම තිබ්බා. එකක් දකුණු පැත්තෙනුත්* අනිත් එක වම් පැත්තෙනුත්* තිබ්බා. එයා දකුණු පැත්තේ තිබුණ එක යාකින්* කියලත් වම් පැත්තේ තිබුණ එක බෝවස්* කියලත් නම් කළා.

පාදසටහන්

සාමාන්‍යයෙන් රියනක් කියන්නේ සෙ.මී. 44.5ක් (අඟල් 17.5ක්). ඒත් සමහරු කියනවා මෙතන අදහස් කරන්නේ සාමාන්‍ය රියනට වඩා දිග එකක් කියලා. ඒක සෙ.මී. 51.8ක් (අඟල් 20.4ක්) දිගයි. උප. B14 බලන්න.
සමහර පැරණි අත්පිටපත්වල කියන්නේ “120ක්” කියලා. ඒත් තවත් අත්පිටපත්වල සහ පරිවර්තනවල “රියන් 20ක්” කියලා කියනවා.
මූ.අ., “මහා ගෘහයට.” ඒකෙන් අදහස් කරන්නේ ශුද්ධස්ථානය වෙන්න පුළුවන්.
මූ.අ., “ගෘහය.”
තලෙන්තයක් කියන්නේ කි.ග්‍රෑ. 34.2ක්. උප. B14 බලන්න.
ෂෙකෙලයක් කියන්නේ ග්‍රෑම් 11.4ක්. උප. B14 බලන්න.
මූ.අ., “ගෘහයේ.”
හෝ, “දකුණු දිශාවෙනුත්.”
හෝ, “උතුරු දිශාවෙනුත්.”
තේරුම, “ඔහු [ඒ කියන්නේ යෙහෝවා] ස්ථිරව පිහිටුවනු ලැබේවා!”
තේරුම, “ශක්තිමත්” වෙන්න පුළුවන්.