දෙවෙනි ලේකම් 31:1-21

  • හෙසකියා බොරු නමස්කාරය උදුරලා දායි (1)

  • පූජකයන්ට සහ ලෙවීවරුන්ට අවශ්‍ය උදව් ලැබෙයි (2-21)

31  ඒ උත්සවය ඉවර වුණාට පස්සේ රැස් වෙලා හිටපු ඊශ්‍රායෙල්වරු හැමෝම යූදාවල තිබුණ නගරවලට ගිහින් නමස්කාර කරන්න හදලා තිබුණ කුලුනු+ සහ කණු*+ කඩලා බිඳලා දැම්මා. එයාලා පූජනීය ස්ථානයි,*+ පූජාසනයි+ කඩලා විනාශ කළා. මුළු යූදා දේශය සහ බෙන්ජමින් දේශය පුරාමත් එෆ්‍රායිම් සහ මනස්සේ ගෝත්‍රවලට+ අයිති ප්‍රදේශ පුරාමත් ගිහිල්ලා එයාලා ඒ දේම කළා. ඒ විදිහට ඒ හැම දෙයක්ම සම්පූර්ණයෙන්ම විනාශ කළාට පස්සේ ඊශ්‍රායෙල්වරු එයාලාගේ නගරවලට හැරිලා ගියා.  ඊටපස්සේ හෙසකියා පූජකයන්වයි,+ ලෙවීවරුන්වයි+ එයාලා අයිති කණ්ඩායම්වලට අනුව සංවිධානය කළා. එහෙම කළේ පූජකයන්ටයි, ලෙවීවරුන්ටයි භාර දීලා තිබුණ වගකීම්+ හරියට ඉටු කරන්න පුළුවන් වෙන්නයි. එයාලාගේ වගකීම්වලට දවන පූජා සහ හවුල් පූජා ඔප්පු කරන එක, යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ මළුවල දොරටු ළඟ විවිධ සේවාවන් ඉටු කරන එක+ වගේම ස්තුති ප්‍රශංසා දෙන එක ඇතුළත් වුණා.  රජ එයාට අයිති දේවල්වලින් කොටසක් දවන පූජා+ වෙනුවෙන් දුන්නා. යෙහෝවා දුන්න නීතියේ සඳහන් වෙලා තියෙන විදිහට උදේ හවස,+ සබත් දවස්වල,+ නව සඳ පායන දවස්වල+ සහ උත්සව දවස්වලදී+ ඒ දවන පූජා ඔප්පු කළා.  රජට ඕනෙ වුණා පූජකයනුයි, ලෙවීවරුනුයි එයාලාගේ වැඩ කොටස යෙහෝවාගේ නීතියේ තිබුණ විදිහටම කරනවා* දකින්න. ඒ නිසා එයා යෙරුසලමේ හිටපු සෙනඟට අණ කළා පූජකයන්ටයි, ලෙවීවරුන්ටයි+ දෙන්න ඕනෙ කොටස ලබා දෙන්න කියලා.  ඒ නියෝගය දුන්න ගමන්ම ඊශ්‍රායෙල්වරු එයාලාගේ ධාන්‍ය අස්වැන්නේ මුල්ම පලදාවෙන්, අලුත් වයින්වලින්, තෙල්වලින්,+ පැණිවලින්* සහ එයාලාගේ අනිත් වගාවලින් ලැබුණ පලදාවෙන්+ විශාල ප්‍රමාණයක් ගෙනත් දුන්නා. ඒ වගේම හැම දේකින්ම දහයෙන් කොටසකුත් කිසිම අඩුවක් නැතුව එයාලා දුන්නා.+  යූදා දේශයේ අනිත් නගරවල ජීවත් වුණ සෙනඟත් ඒ කියන්නේ ඊශ්‍රායෙල්වල සහ යූදාවල සෙනඟත් ගවයන්ගෙන් සහ බැටළුවන්ගෙන් දහයෙන් කොටසක් ගෙනාවා. එයාලා ශුද්ධ කොටස් විදිහට එයාලාගේ දෙවි වන යෙහෝවාට වෙන් කරපු දේවලින් දහයෙන් කොටසකුත්+ ගෙනාවා. ඒ විදිහට එයාලා ගොඩක් දේවල් අරන් ආවා.  එයාලා තුන්වෙනි මාසේදී+ සෙනඟ ගෙනාපු හැම දෙයක්ම එක තැනකට රැස් කරන්න පටන්ගත්තා. හත්වෙනි මාසේදී+ එයාලා ඒක කරලා ඉවර කළා.  රැස් කරලා තිබුණ ඒ දේවල් දැක්කාම හෙසකියායි, නිලධාරීනුයි යෙහෝවා දෙවියන්ට ප්‍රශංසා කළා. ඊටපස්සේ එයාලා ඔහුගේ සෙනඟ වුණ ඊශ්‍රායෙල්වරුන්ට ආශීර්වාද කරන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලුවා.  ඒ වෙලාවේ හෙසකියා පූජකයන්ගෙනුයි, ලෙවීවරුන්ගෙනුයි ඇහුවා ඒ තරම් දේවල් එකතු කරගන්න පුළුවන් වුණේ කොහොමද කියලා. 10  එතකොට සාදොක්ගේ පෙළපතට අයිති නායක පූජකයා වුණ අෂරියා මෙහෙම කිව්වා. “සෙනඟ යෙහෝවා දෙවියන්ගේ ගෘහයට පරිත්‍යාග ගේන්න පටන්ගත්ත දවසේ ඉඳන්+ හැමෝටම ඇති තරම් කන්න බොන්න දේවල් තියෙනවා. තව ගොඩක් ඉතුරු වෙලත් තියෙනවා. මොකද යෙහෝවා ඔහුගේ සෙනඟට ආශීර්වාද කරනවා. මේ බලන්න, තව කොච්චර දේවල් ඉතුරු වෙලා තියෙනවාද කියලා.”+ 11  ඉතින් හෙසකියා එයාලට කිව්වා යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ ගබඩා කාමර*+ ලෑස්ති කරන්න කියලා. එයාලා ඒක කළා. 12  සම්මාදම් කරපු දේවලුයි, දහයෙන් කොටසුයි,+ ශුද්ධ දේවල් විදිහට වෙන් කරපු දේවලුයි එයාලා විශ්වාසවන්තව ගෙනාවා. පරිත්‍යාග කරපු ඒ දේවල් බලාගත්තේ ලෙවීවරයෙක් වුණ කොනනියා. එයාගේ සහයට හිටියේ එයාගේ සහෝදරයා වුණ ෂිමෙයි. 13  කොනනියාටයි, එයාගේ සහෝදරයා වුණ ෂිමෙයිටයි උදව් කරන්න හෙසකියා රජ මේ අයව පත් කළා: යෙහීයෙල්, අසසියා, නාහත්, අසහෙල්, යෙරිමොත්, යෝෂාබාද්, එලියෙල්, ඉස්මාකියා, මාහත් සහ බෙනායා. සැබෑ දෙවියන්ගේ ගෘහයේ දේවල් අධීක්ෂණය කළේ අෂරියා. 14  සෙනඟ සැබෑ දෙවියන්ට කැමැත්තෙන්ම ගෙනාපු දේවල්+ භාරව හිටියේ දේවමාලිගාවේ නැඟෙනහිර පැත්තේ දොරටු පාලකයා+ විදිහට සේවය කරපු ලෙවීවරයෙක් වුණ කෝරෙ. එයා ඉම්නාහ්ගේ පුතා. යෙහෝවාට පරිත්‍යාග කරපු දේවලුයි,+ ඉතා ශුද්ධ දේවලුයි+ පූජකයන් අතරේ බෙදලා දෙන වගකීම තිබුණෙත් එයාට. 15  කෝරෙ යටතේ ඒදන්, මිනියාමින්, යේෂුවා, ෂෙමායා, අමරියා සහ ෂෙකනියා සේවය කළා. එයාලා සේවය කළේ පූජකයන් හිටපු නගරවල.+ එයාලාගේ පැවරුම වුණේ සෙනඟගෙන් ලැබුණ පරිත්‍යාග කණ්ඩායම්වලට අනුව සංවිධානය කරලා හිටපු එයාලාගේ සහෝදරයන් අතරේ+ බෙදලා දෙන එකයි. ලොකු කුඩා හැමෝටම එක සමානව ඒ පරිත්‍යාග බෙදලා දෙන වගකීම එයාලට විශ්වාසවන්තව භාර දීලා තිබුණා. 16  යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ හැම දවසකම සේවය කරන්න සහ තමන් අයිති කණ්ඩායමට ලැබිලා තිබුණ පැවරුම ඉටු කරන්න ආපු අයටත් අවුරුදු තුනක් හෝ ඊට වැඩි වයසක හිටපු එයාලාගේ පුතාලටත් ඒ පරිත්‍යාග බෙදලා දුන්නා. ඒ හැමෝම පෙළපත් වාර්තාවලට ඇතුළත් කරලා හිටපු අය. 17  පූජකයන්වයි, අවුරුදු 20ක් හෝ ඊට වැඩි වයසක හිටපු ලෙවීවරුන්වයි+ වාර්තාවලට ඇතුළත් කරලා තිබුණේ එයාලාගේ පෙළපතට+ සහ එයාලා අයිති කණ්ඩායම්වලට භාර දීලා තිබුණ පැවරුම්වලට අනුවයි.+ 18  ඒ පෙළපත් වාර්තාවලට එයාලාගේ භාර්යාවන්, පොඩි දරුවන් ඇතුළුව එයාලාගේ දුවලා පුතාලා හැමෝම සහ එයාලාගේ පවුල්වලට අයිති හැම කෙනෙක්මත් ඇතුළත් වුණා. මොකද ලෙවීවරුන්ට භාර දීලා තිබුණ පරිශුද්ධ සේවය ඉටු කරන්න එයාලා හැම වෙලේම කැප වෙලා හිටියා. 19  ඒ පෙළපත් වාර්තාවලට පූජකයන්ට අයිති නගර අවට තිබුණ තණබිම්වල ජීවත් වුණ ආරොන්ගෙන් පැවතෙන පූජකයනුත් ඇතුළත් වුණා.+ පූජකයන්ටයි, ලෙවීවරුන්ගේ පෙළපත් වාර්තාවලට ඇතුළත් කරලා තිබුණ හැමෝටමයි කෑම බෙදලා දෙන්න ඒ හැම නගරයකම පුරුෂයන් කීපදෙනෙක්ව පත් කරලා තිබුණා. 20  හෙසකියා ඒ වගේ හොඳ දේවල් යූදා දේශය පුරාම කළා. එයාගේ දෙවි වන යෙහෝවා හරියි කියලා සලකන, යහපත් දේවල් එයා දිගටම කළා. හෙසකියා දෙවියන්ට විශ්වාසවන්තව හිටියා. 21  හෙසකියා රජ දෙවියන් වෙනුවෙන් මොන දේ කළත් එයා ඒක මුළු හදවතින්ම කළා. සැබෑ දෙවියන්ගේ ගෘහයේ+ කරපු සේවාවන් සංවිධානය කරද්දීත් දෙවියන්ගේ ආඥා සහ නීතියේ සඳහන් දේවල් පිළිපදිද්දීත් එයා ඒවා කළේ මුළු හදවතින්මයි. ඒ නිසා එයා සාර්ථක වුණා.

පාදසටහන්

මූ.අ., “උස් තැනුයි.”
හෝ, “නීතියේ තියෙන දේවල්වලට මුළු හදවතින්ම කැප වෙනවා.”
මෙතන කතා කරන්නේ අත්තික්කාවලින් හරි වෙනත් පලතුරු ජාතිවලින් හරි ගත්ත යුෂ නැත්නම් පැණි ගැනයි.
හෝ, “කෑම කාමර.”