දෙවෙනි ලේකම් 33:1-25

  • මනස්සේ යූදාවල රජ වෙයි (1-9)

  • මනස්සේ පසුතැවිලි වෙයි (10-17)

  • මනස්සේගේ මරණය (18-20)

  • ආමොන් යූදාවල රජ වෙයි (21-25)

33  මනස්සේ+ රජකමට පත් වෙද්දී එයාට වයස අවුරුදු 12යි. එයා යෙරුසලමේ ඉඳන් අවුරුදු 55ක් පාලනය කළා.+  මනස්සේ යෙහෝවා දෙවියන් වැරදියි කියලා සලකන දේවල් කළා. යෙහෝවා ඊශ්‍රායෙල්වරු ඉස්සරහින් පන්නලා දැම්ම ජාතීන් කරපු පිළිකුල් දේවල් එයාත් කළා.+  එයාගේ තාත්තා වුණ හෙසකියා කඩලා දාපු,+ නමස්කාර කරන්න තිබුණ උස් තැන් එයා ආයෙත් හැදුවා. එයා බාල් දෙවිවරුන්ට පූජාසන හැදුවා. නමස්කාර කරන්න කණුත්* හැදුවා. එයා ආකාශ වස්තූන් හැම එකක්ම ඉස්සරහා වැඳ වැටිලා ඒවාට නමස්කාර කළා.+  එයා යෙහෝවා දෙවියන්ගේ ගෘහයෙත් වෙනත් දෙවිවරුන්ට නමස්කාර කරන්න පූජාසන හැදුවා.+ “යෙරුසලම හැමදාටම මගේ නම දරනවා”+ කියලා යෙහෝවා කියලා තිබුණේ ඒ ගෘහය ගැනයි.  මනස්සේ යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ තිබුණ මළු දෙකක ආකාශ වස්තූන්වලට නමස්කාර කරන්න පූජාසන හැදුවා.+  එයා බෙන්හින්නොම් නිම්නයේදී*+ එයාගේ පුතාලාවත් ගින්නෙන් දවලා පූජා කළා.+ මන්තර ගුරුකම් කරන එක,+ පේන කියන එක, මායා බලයෙන් දේවල් කරන එක වගේ දේවල් කරන්නත් එයා පටන්ගත්තා. එයා මැරුණ අය එක්ක කතා කරන අයවයි, ශාස්ත්‍ර කියන අයවයි+ එයාට සේවය කරන්න පත් කරගත්තා. යෙහෝවා වැරදියි කියලා සලකන දේවල් මනස්සේ උපරිමයෙන්ම කළා. ඒ විදිහට එයා දෙවියන්ව කේන්ති ගැස්සුවා.  එයා රූපයකුත් හදලා ඒක සැබෑ දෙවියන්ගේ ගෘහයේ තිබ්බා.+ ඒ ගෘහය ගැන තමයි දෙවියන් දාවිත්ටයි, දාවිත්ගේ පුතා වුණ සලමොන්ටයි මෙහෙම කියලා තිබුණේ. “ඊශ්‍රායෙල් ගෝත්‍රවලට අයිති නගරවලින් මං තෝරගත්ත නගරේ වන යෙරුසලමයි, මේ ගෘහයයි හැමදාටම මගේ නම දරනවා.+  එයාලාගේ මුතුන්මිත්තන්ට මම දුන්න දේශයෙන් ආයේ කවදාවත් ඊශ්‍රායෙල්වරුන්ව අයින් කරලා දාන්නේ නැහැ. හැබැයි මම එහෙම කරන්නේ එයාලට පිළිපදින්න කියලා මම අණ කරපු මුළු නීතියටම ඒ කියන්නේ මෝසෙස් මාර්ගයෙන් දුන්න හැම නියෝගයකටම සහ තීන්දුවකටම එයාලා කීකරු වුණොත් විතරයි.”  යෙහෝවා ඊශ්‍රායෙල් සෙනඟ ඉස්සරහින් පන්නලා දාපු ජාතීන් කරපු දුෂ්ට දේවල්වලටත් වඩා දුෂ්ට දේවල් කරන්න මනස්සේ රජ යෙරුසලමේ සහ යූදාවල හිටපු සෙනඟව පෙලඹුවා.+ 10  යෙහෝවා දෙවියන් මනස්සේටයි, එයාගේ සෙනඟටයි කොච්චර දේවල් කිව්වත් එයාලා ඒවාට ඇහුම්කන් දුන්නේ නැහැ.+ 11  ඒ නිසා යෙහෝවා ඇසිරියාවේ රජ යටතේ හිටපු හමුදාපතීන්ව එයාලට විරුද්ධව යැව්වා. එයාලා මනස්සේව අල්ලගෙන කොකු දාලා,* තඹ විලංගු දෙකකුත් දාලා එයාව බැබිලෝනියට අරන් ගියා. 12  මනස්සේ වේදනා විඳිද්දී දයාව පෙන්නන්න කියලා එයාගේ දෙවි වන යෙහෝවාට දිගටම කන්නලව් කළා. එයාගේ මුතුන්මිත්තන්ගේ දෙවියන් ඉස්සරහා එයා ගොඩක් බැගෑපත් වුණා. 13  එයා දිගටම යාච්ඤා කළා. එයා කරපු කන්නලව්ව අහලා දෙවියන්ගේ හදවත උණු වුණා. දයාව පෙන්නන්න කියලා එයා කරපු ඉල්ලීමට දෙවියන් ඇහුම්කන් දීලා එයාව ආපහු යෙරුසලමේ රජ විදිහට පත් කළා.+ යෙහෝවා තමයි සැබෑ දෙවියන් කියලා මනස්සේ හරියටම තේරුම්ගත්තේ එතකොටයි.+ 14  ඊටපස්සේ එයා දාවිත්ගේ නුවරට පිටතින් තවත් පවුරක් හැදුවා.+ ඒ පවුර නිම්නයේ තිබුණ ගීහොන්+ උල්පතට බස්නාහිර පැත්තේ ඉඳන් ඕෆෙල්+ පහු කරගෙන මත්ස්‍ය දොරටුව+ වෙන කල් තිබුණා. ඒ පවුර එයා හරිම උසට හැදුවා. යූදාවල තිබුණ ආරක්ෂාව වැඩි කරපු හැම නගරයකම එයා හමුදාපතීන්වත් පත් කළා. 15  මනස්සේ යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ තිබ්බ රූපයයි, වෙනත් දෙවිවරුන්ගේ රූපයි+ නගරයෙන් පිටතට වීසි කරන්න කියලා අණ කළා. ඒ වගේම එයා යෙහෝවා දෙවියන්ගේ ගෘහය තිබුණ කන්දේ සහ යෙරුසලමේ හදපු හැම පූජාසනයක්මත්+ නගරයෙන් පිටතට වීසි කළා. 16  එයා යෙහෝවා දෙවියන්ගේ පූජාසනය අලුත්වැඩියා කරලා+ ඒක උඩ හවුල් පූජායි,+ ස්තුති පූජායි+ ඔප්පු කළා. ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවාට නමස්කාර කරන්න කියලා එයා යූදාවල සෙනඟටත් කිව්වා. 17  සෙනඟ එයාලාගේ දෙවි වන යෙහෝවාට විතරක් පූජා ඔප්පු කළත් එයාලා ඒවා ඔප්පු කළේ නමස්කාරයට හදලා තිබුණ උස් තැන්වලදී. 18  මනස්සේගේ ජීවිතේ අනිත් සිදුවීම් ගැන ඒ කියන්නේ එයාගේ දෙවියන්ට එයා කරපු යාච්ඤාව ගැනත් ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවාගේ නමින් එයාට කතා කරපු අනාගතවක්තෘවරු කියපු දේවල් ගැනත් ඊශ්‍රායෙල් රජවරුන්ගේ ඉතිහාසය වාර්තා කරලා තියෙන ලියවිල්ලේ සඳහන් වෙනවා. 19  මනස්සේ කරපු යාච්ඤාවත්+ එයාගේ කන්නලව්වට දෙවියන් ඇහුම්කන් දුන්න විදිහත් එයා කරපු වැරදි හැම එකක්ම ගැනත් එයා දෙවියන්ට ද්‍රෝහි වුණ විදිහ ගැනත්+ එයා පසුතැවිලි වෙන්න කලින් නමස්කාර කරන්න පූජනීය තැන්,* කණු*+ සහ රූප හදලා තිබුණ ස්ථානවල විස්තරත් එයාට දෙවියන්ගෙන් ලැබුණ දර්ශන දන්වපු අය කියපු දේවල් සඳහන් වෙන ලේඛනවල වාර්තා වෙනවා. 20  ඊටපස්සේ මනස්සේ මැරුණා. එයාගේ මුතුන්මිත්තන් වගේ එයාවත් තැන්පත් කළා. එයාගේ මාලිගාව ළඟ තමයි එයාව තැන්පත් කළේ. එයාගෙන් පස්සේ එයාගේ පුතා වුණ ආමොන් රජකමට පත් වුණා.+ 21  ආමොන්+ රජකමට පත් වෙද්දී එයාට වයස අවුරුදු 22යි. එයා යෙරුසලමේ ඉඳන් අවුරුදු දෙකක් පාලනය කළා.+ 22  ආමොන් එයාගේ තාත්තා වුණ මනස්සේ කලින් කළා වගේ යෙහෝවා වැරදියි කියලා සලකන දේවල් දිගටම කළා.+ එයාගේ තාත්තා වුණ මනස්සේ හදපු හැම රූපයක්ම+ ඉස්සරහා එයා පූජා ඔප්පු කළා. එයා ඒවාට දිගටම නමස්කාර කළා. 23  ඒත් එයාගේ තාත්තා වුණ මනස්සේ පසුතැවිලි වුණ විදිහට+ ආමොන් යෙහෝවා ඉස්සරහා පසුතැවිලි වුණේ නැහැ.+ ඒ වෙනුවට එයා දිගටම දුෂ්ට දේවල් ගොඩක් කළා. 24  ඔහොම යද්දී එයාගේ සේවකයෝ එයාට විරුද්ධව කුමන්ත්‍රණය කරලා+ එයාගෙම මාලිගාවේදී එයාව මරලා දැම්මා. 25  ඒත් දේශයේ මිනිස්සු එකතු වෙලා ආමොන්ට+ විරුද්ධව කුමන්ත්‍රණය කරපු හැමෝවම මරලා ආමොන්ගේ පුතා වුණ යොෂියාව+ රජකමට පත් කළා.

පාදසටහන්

හෝ, “හින්නොම්ගේ පුතාගේ නිම්නයේදී.”
හෝ සමහරවිට, “වළක හිටපු මනස්සේව අල්ලගෙන.”
මූ.අ., “උස් තැන්.”