දෙවෙනි ලේකම් 4:1-22

  • පූජාසනය, මුහුද කියලා හඳුන්වපු භාජනය සහ භාජන (1-6)

  • පහන් රුක්, මේස සහ මළු (7-11අ)

  • දේවමාලිගාවට අවශ්‍ය දේවල් හදලා ඉවර කරයි (11ආ-22)

4  ඊටපස්සේ සලමොන් තඹ පූජාසනය හැදුවා.+ ඒකේ දිග රියන් 20යි. පළල රියන් 20යි. උස රියන් 10යි.  එයා මුහුද*+ කියලා හඳුන්වපු විශාල භාජනය වාත්තු කරලා හැදුවා. ඒක හදලා තිබුණේ රවුම් හැඩයට. ඒ භාජනයේ කටේ එක පැත්තක ඉඳලා අනිත් පැත්තට දිග රියන් 10යි. ඒකේ උස රියන් 5යි. වටප්‍රමාණය රියන් 30යි.+  ඒකේ කටට යටින් භාජනය වටේට කොමඩුවල හැඩේට ගෙඩි+ පේළි දෙකක් කැටයම් කරලා තිබුණා. ඒ ගෙඩි පේළි කැටයම් කරලා තිබුණේ එක රියනකට ගෙඩි දහයක් තියෙන විදිහට.  ඒ භාජනය තියලා තිබුණේ ගොනුන්ගේ රූප 12ක් උඩ.+ ඒ ගොනුන්ගෙන් 3දෙනෙක් උතුරටත් 3දෙනෙක් බස්නාහිරටත් 3දෙනෙක් දකුණටත් 3දෙනෙක් නැඟෙනහිරටත් මුහුණ ලා තියෙන විදිහට හදලා තිබුණා. උන්ගේ පිටිපස්ස ඇතුළට හිටින විදිහට උන්ව තියලා ඒ භාජනය උන්ගේ පිට උඩ තියලා තිබුණා.  ඒ භාජනයේ ගනකම අල්ලක්* තරම්. කෝප්පයක හැඩේ තිබුණ ඒකේ කට හදලා තිබුණේ පිපුණු ලිලී මලක් වගේ. ඒ භාජනයට වතුර බාත් මිනුම්* 3,000ක් දාන්න පුළුවන්.*  එයා තව පොඩි භාජන දහයකුත් හැදුවා. ඒවාවලින් පහක් ගෘහයේ දකුණු පැත්තෙත් තවත් පහක් වම් පැත්තෙත් තිබ්බා.+ ඒවාවල තිබුණ වතුර පාවිච්චි කළේ දවන පූජාවලට පාවිච්චි කරපු දේවල් හෝදන්නයි.+ ඒත් පූජකයන් අත් කකුල් හෝදගත්තේ+ විශාල භාජනයේ තිබුණ වතුරවලින්.  ඊටපස්සේ එයා දීලා තිබුණ මඟ පෙන්වීමට අනුව+ රත්තරන්වලින් පහන් රුක්+ දහයක් හදලා ඒවා දේවමාලිගාවේ තිබ්බා. ඒවාවලින් පහක් දකුණු පැත්තෙත් අනිත් පහ වම් පැත්තෙත් තිබ්බා.+  එයා මේස දහයකුත් හදලා ඒවා දේවමාලිගාවේ තිබ්බා. ඒවාවලින් පහක් දකුණු පැත්තෙත් අනිත් පහ වම් පැත්තෙත් තිබ්බා.+ එයා කුඩා රන් බඳුන් 100කුත් හැදුවා.  ඊටපස්සේ එයා පූජකයන්+ සේවය කරපු මළුවයි,+ මහ මළුවයි,+ ඒකට දොරටුයි හැදුවා. එයා ඒ දොරටු තඹවලින් ආවරණය කළා. 10  එයා මුහුද කියලා හඳුන්වපු විශාල භාජනය ගෘහයේ දකුණු පැත්තේ ගිනිකොන දිශාවට වෙන්න+ තිබ්බා. 11  අළු දාන්න භාජන, සවල් සහ බඳුනුත් හීරාම් හැදුවා.+ සැබෑ දෙවියන්ගේ ගෘහය වෙනුවෙන් සලමොන් රජ එයාට හදන්න කියලා කියපු හැම දෙයක්ම එයා හැදුවා.+ එයා හැදුව දේවල් තමයි මේ: 12  කුලුනු දෙකයි,+ ඒ කුලුනු උඩ තියන්න වැඩ දාපු ගෝලාකාර කොටස් දෙකයි, ගෝලාකාර කොටස් දෙක සරසන්න දැල් දෙකයි,+ 13  දැල් දෙකේ එල්ලන්න දෙළුම් ගෙඩි 400කුයි+ හැදුවා. එක දැලකට දෙළුම් ගෙඩි පේළි දෙකක් අල්ලලා තිබුණා. කුලුනු උඩ තිබුණ ගෝලාකාර කොටස් සරසන්න තමයි ඒවා හැදුවේ.+ 14  කරත්ත* දහයයි, ඒ කරත්ත උඩ තියන්න භාජන දහයයි,+ 15  මුහුද කියලා හඳුන්වපු විශාල භාජනයයි, ඒ භාජනය රඳවලා තියන්න ගොනුන් 12දෙනායි හැදුවා.+ 16  අළු දාන්න භාජන, සවල්, විශාල ගෑරුප්පු+ සහ අවශ්‍ය අනිත් උපකරණත් එයා හැදුවා. සලමොන් රජ යෙහෝවා දෙවියන්ගේ ගෘහය වෙනුවෙන් හදන්න කියපු හැම දෙයක්ම හීරාම්ආබිව්+ තඹවලින් හදලා ඒවා හොඳට ඔප දැම්මා. 17  රජ ඒවා හදන්න කියලා අණ කළේ මැටි අච්චුවල දාලා. යොර්දාන් දිස්ත්‍රික්කයේ සුක්කොත්+ සහ ෂෙරේදා අතර ප්‍රදේශයේ තමයි ඒවා හැදුවේ. 18  ඒ විදිහට සලමොන් උපකරණ විශාල ප්‍රමාණයක් හැදුවා. ඒවා හදන්න කිරලා ඉවර කරන්න බැරි තරම් තඹ ප්‍රමාණයක් පාවිච්චි කරලා තිබුණා.+ 19  සැබෑ දෙවියන්ගේ ගෘහයට අවශ්‍ය කරන හැම දෙයක්ම+ සලමොන් හැදුවා. එයා හදපු දේවල් තමයි මේ: රත්තරන්වලින් හදපු පූජාසනය,+ දෙවියන්ට පූජා කරන රොටි තියන මේස,+ 20  පිරිසිදු රත්තරන්වලින් හදපු පහන් රුක් සහ ඒවා උඩ තියන පහන්.+ මඟ පෙන්නලා තිබුණ විදිහට අතිශුද්ධස්ථානය ඉස්සරහා ඒවා දල්වලා තිබ්බා. 21  එයා මල්, පහන් සහ පහන් තිර අල්ලන අඬු රත්තරන්වලින් හැදුවා. ඒකට පාවිච්චි කළේ පිරිසිදුම රත්තරන්. 22  පහන් තිර නිවලා දාන උපකරණ, බඳුන්, කුසලාන සහ ගිනි අඟුරු දාන භාජන පිරිසිදු රත්තරන්වලින් හැදුවා. අතිශුද්ධස්ථානයේ දොරවල්+ සහ දේවමාලිගාවට* ඇතුල් වෙන දොරවල් එයා රත්තරන්වලින් ආවරණය කළා.+

පාදසටහන්

හෝ, “ජලාශය.”
සෙ.මී. 7.4ක් (අඟල් 2.9ක්) විතර. උප. B14 බලන්න.
බාත් මිනුමක් කියන්නේ ලීටර් 22ක්. උප. B14 බලන්න.
මෙතන කතා කරන්නේ අල්ලන වතුර ප්‍රමාණය ගැන.
හෝ, “වතුර කරත්ත.”
මෙතන කතා කරන්නේ ශුද්ධස්ථානය ගැනයි.