දෙවෙනි ලේකම් 9:1-31

  • ෂෙබාවල රැජින සලමොන්ව හම්බ වෙන්න එයි (1-12)

  • සලමොන්ගේ වස්තුව (13-28)

  • සලමොන්ගේ මරණය (29-31)

9  සලමොන් ගැන ෂෙබා දේශයේ රැජිනට+ ආරංචි වුණා. ඉතින් හුඟක් අමාරු ප්‍රශ්න* අහලා රජට කොච්චර දැනුමක් තියෙනවාද කියලා බලන්න එයා යෙරුසලමට ආවා. ෂෙබාවල රැජින යෙරුසලමට ආවේ සේවකයන්ව පිරිවරාගෙන, රත්තරන්+ සහ මැණික් ගල් විශාල ප්‍රමාණයකුත් බෝල්සම් තෙලුත් ඔටුවන් පිටේ පටවගෙනයි. එයා සලමොන් රජ ඉස්සරහට ගිහිල්ලා එයා දැනගන්න ආසාවෙන් හිටපු හැම දෙයක්ම රජගෙන් ඇහුවා.+  සලමොන් එයා අහපු හැම ප්‍රශ්නයකටම උත්තර දුන්නා. සලමොන්ට උත්තර දෙන්න බැරි වුණ එක ප්‍රශ්නයක්වත් තිබුණේ නැහැ.  ෂෙබාවල රැජින සලමොන්ට කොච්චර ප්‍රඥාවක්+ තියෙනවාද කියලත් එයා හදපු මාලිගාවත් දැක්කා.+  රජගේ මේසයේ තිබුණ කෑමත්+ කෑම ගන්න නිලධාරීන්ව වාඩි කරවන්න තිබ්බ සැලැස්මත් එයා දැක්කා. ඒ වගේම මේසයට කෑම ගෙනාපු සේවකයන්වත් එයාලාගේ ඇඳුමුත් බීම වර්ග පිළිගන්වපු සේවකයන්වත් එයාලාගේ ඇඳුමුත් රජ යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ නිතරම ඔප්පු කරපු දවන පූජාවනුත්+ එයා දැක්කා. ඒවා දැක්කාම එයාට අදහාගන්න බැරුව ගියා.*  ඉතින් එයා රජට මෙහෙම කිව්වා. “ඔබ කරපු දේවල්* ගැනයි, ඔබේ ප්‍රඥාව ගැනයි මගේ රටේදී මට ආරංචි වුණ හැම දෙයක්ම ඇත්ත.  ඒත් ඔබව හම්බ වෙන්න ඇවිත් ඒ දේවල් මගේම ඇස් දෙකෙන් දකින කල්+ මං ඒවා විශ්වාස කළේ නැහැ. ඔබට තියෙන ප්‍රඥාවෙන් භාගයක් ගැනවත් මට අහන්න ලැබිලා නැහැ.+ මට අහන්න ලැබුණාට වඩා ලොකු ප්‍රඥාවක් ඔබට තියෙනවා.+  ඔබ කියන ප්‍රඥාවන්ත දේවල් ගැන නිතරම අහන්න ලැබෙන ඔබේ සෙනඟයි, ඔබ ළඟ ඉඳන් වැඩ කරන ඔබේ සේවකයනුයි මොන තරම් ආශීර්වාද ලබපු අයද!  ඔබ ගැන සතුටු වෙලා ඔහු වෙනුවෙන් රජකම් කරන්න ඔහුගේ සිංහාසනයේ ඔබව ඉන්දවපු ඔබේ දෙවි වන යෙහෝවාට ප්‍රශංසා වේවා! ඔබේ දෙවි යෙහෝවා ඊශ්‍රායෙල් සෙනඟට ගොඩක් ආදරෙයි.+ ඊශ්‍රායෙල්වරු හැමදාටම ඉන්නවා දකින්නයි ඔහුට ඕනේ. ඒ නිසයි ඔහු ධර්මිෂ්ඨව, සාධාරණව ඔහුගේ සෙනඟව විනිශ්චය කරන්න රජ විදිහට ඔබව පත් කළේ.”  ඊටපස්සේ රැජින සලමොන්ට රත්තරන්+ තලෙන්ත* 120ක්, මැණික් සහ බෝල්සම් තෙල් විශාල ප්‍රමාණයක් දුන්නා. එදා ෂෙබාවල රැජින සලමොන් රජට දුන්න බෝල්සම් තෙල් ප්‍රමාණයට සමාන තෙල් ප්‍රමාණයක් ඊටපස්සේ කිසිම දවසක එයාට හම්බ වුණේ නැහැ.+ 10  ඕෆීර්වල+ ඉඳන් රත්තරන් ගෙනාපු හීරාම්ගේ සේවකයනුයි, සලමොන්ගේ සේවකයනුයි හඳුන් ලී සහ මැණික් ගලුත්+ ගෙනාවා. 11  සලමොන් රජ යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ+ සහ රජමාලිගාවේ+ පඩි පෙළවල් හදන්න ඒ හඳුන් ලී පාවිච්චි කළා. ඒ වගේම ගායකයන්ට අවශ්‍ය වීණා සහ වෙනත් සංගීත භාණ්ඩ+ හදන්නත් ඒ ලී පාවිච්චි කළා. ඊට කලින් කවදාවත් යූදා දේශයේ ඒ තරම් අනර්ඝ ලී දකින්න තිබිලා නැහැ. 12  සලමොන් රජ ෂෙබාවල රැජින ඉල්ලපු, එයා ආස කරපු හැම දෙයක්ම එයාට දුන්නා. රැජින සලමොන්ට තෑගි විදිහට දුන්න දේවලට වඩා ගොඩක් දේවල්* එයා රැජිනට දුන්නා. ඊටපස්සේ රැජින එයාගේ සේවකයනුත් එක්ක ආපහු එයාගේ රටට යන්න පිටත් වුණා.+ 13  සලමොන් රජට අවුරුද්දකට තලෙන්ත 666ක බර ප්‍රමාණයක් තියෙන රත්තරන් ලැබුණා.+ 14  ඒ රත්තරන් ප්‍රමාණයට අමතරව සංචාරක වෙළෙන්දන්ගෙන්, ව්‍යාපාරිකයන්ගෙන්, අරාබිවරුන්ගේ රජවරු හැමෝගෙන්ම සහ දේශයේ ආණ්ඩුකාරයන්ගෙනුත් රත්තරන් සහ රිදී සලමොන්ට ලැබුණා.+ 15  සලමොන් රජ මිශ්‍ර කරපු රත්තරන්වලින් විශාල පලිස්+ 200ක් හැදුවා. (ඒ එක පලිහක් හදන්න මිශ්‍ර කරපු රත්තරන් ෂෙකෙල්* 600ක් පාවිච්චි කළා.)+ 16  එයා මිශ්‍ර කරපු රත්තරන්වලින් කුඩා පලිස්* 300කුත් හැදුවා. (ඒ එක පලිහක් හදන්න මීනා* තුනක රත්තරන් පාවිච්චි කළා.) ඊටපස්සේ එයා ඒවා ලෙබනොන් වනාන්තරය කියලා හඳුන්වපු ශාලාවේ තිබ්බා.+ 17  රජ ඇත්දළවලින් විශාල සිංහාසනයක් හදලා ඒක හොඳම රත්තරන්වලින් ආවරණය කළා.+ 18  සිංහාසනයට නඟින්න පඩි හයක් තිබුණා. සිංහාසනයටම අල්ලලා රත්තරන්වලින් හදපු පා පුටුවකුත් තිබුණා. සිංහාසනය දෙපැත්තේ හයි කරලා තිබුණ අත්ඇඳි ළඟම සිංහ රූප දෙකක්+ හිටවලා තිබුණා. 19  පඩි හය දෙපැත්තේම එක පැත්තකට 6 ගාණේ තවත් සිංහ රූප 12ක්+ හිටවලා තිබුණා. වෙන කිසිම රාජ්‍යයක ඒ වගේ සිංහාසනයක් තිබුණේ නැහැ. 20  සලමොන් රජගේ කුසලාන හැම එකක්ම හදලා තිබුණේ රත්තරන්වලින්. ලෙබනොන් වනාන්තරය කියලා හඳුන්වපු ශාලාවේ තිබුණ භාජන හැම එකක්මත් හදලා තිබුණේ පිරිසිදු රත්තරන්වලින්. රිදීවලින් හදපු කිසිම දෙයක් තිබුණේ නැහැ. මොකද සලමොන් රජගේ කාලේ රිදී එච්චර වටින දෙයක් විදිහට සැලකුවේ නැහැ.+ 21  සලමොන්ට අයිති නැව් තර්ෂිෂ්වලට+ ගියා. ඒ නැව්වල හීරාම්ගේ සේවකයනුත්+ ගියා. ඒ නැව්වලින්* අවුරුදු තුනකට සැරයක් රත්තරන්, රිදී, ඇත්දළ,+ වඳුරන්* සහ මොනරුන් අරගෙන ආවා. 22  සලමොන් රජට පොළොවේ හිටපු අනිත් හැම රජ කෙනෙක්ටම වඩා ධනය සහ ප්‍රඥාව තිබුණා. එයා හරිම ශ්‍රේෂ්ඨ කෙනෙක් වුණා.+ 23  සැබෑ දෙවියන් සලමොන්ට ප්‍රඥාව ලබා දීලා තිබුණ නිසා+ එයාට ඇහුම්කන් දෙන්න පොළොවේ හැම තැනින්ම රජවරු ආවා. 24  එයාලා හැම කෙනෙක්ම තෑගි විදිහට රිදී සහ රත්තරන් භාණ්ඩ, ඇඳුම්,+ යුධායුධ, බෝල්සම් තෙල්, අශ්වයන් සහ කොටළුවන් ගෙනාවා. ඒ දේ හැම අවුරුද්දකම වුණා. 25  සලමොන්ට එයාගේ අශ්ව රථ සහ අශ්වයන්ව ගාල් කරන්න ගාල් 4,000ක් තිබුණා. එයාට අශ්වයන්* 12,000ක් හිටියා.+ රජ ඒ රථ සහ අශ්වයන් තිබ්බේ ඒ වෙනුවෙන්ම වෙන් කරපු නගරවල. ඒ නගර තිබුණේ රජ හිටපු යෙරුසලමට කිට්ටුවෙන්.+ 26  මහ ගංගාවේ* ඉඳන් පිලිස්තිවරුන්ගේ දේශය දක්වාත් ඊජිප්තුවේ දේශ සීමාව දක්වාත් හිටපු හැම රජ කෙනෙක්ම සලමොන්ගේ පාලනය යටතේ හිටියා.+ 27  රජ විශාල රිදී ප්‍රමාණයක් යෙරුසලමට ගෙන්නගත්ත නිසා ගල් වගේ හැම තැනකම රිදී තිබුණා. එයා එකතු කරපු දේවදාර ලී ප්‍රමාණය කොච්චරද කියනවා නම් ඒවා හරියට ෂෙපේලා ප්‍රදේශයේ තිබුණ සිකමෝර් ගස්+ තරම් විශාල ප්‍රමාණයක් වුණා. 28  මිනිස්සු සලමොන්ට ඊජිප්තුවෙන්+ සහ වෙනත් දේශවලින් අශ්වයන්ව ගෙනාවා. 29  සලමොන්ගේ ජීවිතේ අනිත් සිදුවීම් ගැන+ මුල ඉඳන් අගට අනාගතවක්තෘ නාතන්ගේ+ වාර්තාවෙත් ෂීලෝවල කෙනෙක් වුණ අහියාගේ+ අනාගතවාක්‍යයෙත් නෙබාත්ගේ පුතා වුණ යෙරොබොවම්+ ගැන දිවැසිවරයෙක් වුණ ඉද්දෝ+ දැක්ක දර්ශන ඇතුළත් වාර්තාවෙත් ලියලා තියෙනවා. 30  සලමොන් යෙරුසලමේ ඉඳන් අවුරුදු 40ක් මුළු ඊශ්‍රායෙල් සෙනඟවම පාලනය කළා. 31  ඊටපස්සේ සලමොන් රජ මැරුණා. එයාගේ මුතුන්මිත්තන් වගේ එයාවත් තැන්පත් කළා. එයාව තැන්පත් කළේ එයාගේ තාත්තා වුණ දාවිත්ගේ නුවරේ.+ සලමොන්ගෙන් පස්සේ එයාගේ පුතා වුණ රෙහබෝවම් රජකමට පත් වුණා.+

පාදසටහන්

හෝ, “ප්‍රහේලිකා.”
හෝ, “එයාගේ හුස්ම හිර වුණා.”
හෝ, “ඔබ කියපු දේවල්.”
තලෙන්තයක් කියන්නේ කි.ග්‍රෑ. 34.2ක්. උප. B14 බලන්න.
හෝ සමහරවිට, “රැජින සලමොන්ට තෑගි විදිහට දුන්න දේවල වටිනාකමට හරියන්න තෑගි දුන්නාට අමතරව රැජින ඉල්ලපු, එයා ආස කරපු හැම දෙයක්ම එයාට දුන්නා.”
ෂෙකෙලයක් කියන්නේ ග්‍රෑම් 11.4ක්. උප. B14 බලන්න.
දුනුවායන් පාවිච්චි කරපු එකක්.
හෙබ්‍රෙව් ලියවිල්ලේ කතා කරන මීනා එකක බර ග්‍රෑම් 570ක්. උප. B14 බලන්න.
ඒ නැව් තර්ෂිෂ් කියලා හඳුන්වපු නැව් වෙන්නත් පුළුවන්.
හෝ, “වලිගය නැති වානර විශේෂයක්.”
හෝ, “අසරුවන්.”
ඒ කියන්නේ යුප්‍රටීස් ගඟේ.