දෙවෙනි සාමුවෙල් 2:1-32
2 දාවිත් යෙහෝවාගෙන් ඇහුවා+ “දැන් මම යූදා ගෝත්‍රයේ නගරෙකට යන්නද” කියලා. යෙහෝවා, “යන්න” කියලා එයාට කිව්වා. එතකොට දාවිත් ඇහුවා “මං යන්න ඕනෙ කොයි නගරෙටද” කියලා. දෙවියන්, “හෙබ්‍රොන්වලට+ යන්න” කියලා කිව්වා.
2 දාවිත් එයාගේ භාර්යාවන් දෙන්නා වන යෙෂ්‍රෙයෙල්වල අහිනොවම්වත්+ කර්මෙල්වල නාබල්ගේ භාර්යාව වෙලා හිටපු අබිගායිල්වත්+ හෙබ්‍රොන්වලට එක්කගෙන ගියා.
3 දාවිත් එක්ක හිටපු පුරුෂයොත්+ එයාලාගේ පවුල්වල අය එක්ක හෙබ්‍රොන්වල සහ ඒ අවට තිබුණ නගරවල පදිංචි වුණා.
4 යූදා ගෝත්‍රයේ පුරුෂයන් එහෙට ඇවිත් දාවිත්ව යූදාවල+ රජ විදිහට අභිෂේක කළා.
එයාලා දාවිත්ට කිව්වා “සාවුල්ව තැන්පත් කළේ යාබෙෂ්ගිලියද්වල අය” කියලා.
5 ඉතින් දාවිත් යාබෙෂ්ගිලියද්වලට පණිවිඩකරුවන් යවලා එයාලට මෙහෙම දැන්නුවා. “ඔයාලා ඔයාලාගේ ස්වාමියා වුණ සාවුල්ව තැන්පත් කළා කියලා මට ආරංචි වුණා.+ ඔයාලා සාවුල්ට පෙන්නපු ආදරේ* නිසා යෙහෝවා දෙවියන්ගෙන් ඔයාලට ආශීර්වාද ලැබෙන්න ඕනේ!
6 ඔයාලා කරපු ඒ යහපත් ක්‍රියාව නිසා යෙහෝවාත් ඔයාලව අත්හරින්නේ නැතුව හැමදාමත් ඔයාලට ආදරෙන්* සලකන්න ඕනේ! මමත් ඔයාලට ඒ විදිහටම සලකනවා.+
7 ඔයාලාගේ ස්වාමියා වන සාවුල් දැන් ජීවතුන් අතර නැහැ තමයි. ඒත් යූදා ගෝත්‍රයේ අය මාව එයාලාගේ රජ විදිහට අභිෂේක කරලයි තියෙන්නේ. ඒ නිසා දැන් හිතට ධෛර්යය අරන් ශක්තිමත්ව ඉන්න.”
8 ඒත් සාවුල්ගේ හමුදාපති වෙලා හිටිය නේර්ගේ පුතා අබ්නේර්,+ සාවුල්ගේ පුතා වුණ ඉෂ්බෝෂෙත්ව+ මහනායිම්+ නුවරට එක්කන් ආවා.
9 එහෙදී එයා ඉෂ්බෝෂෙත්ව මුළු ඊශ්‍රායෙල් දේශයේම රජ විදිහට පත් කරලා එයාට ගිලියද්+ දේශය, යෙෂ්‍රෙයෙල්,+ එෆ්‍රායිම්+ වගේම බෙන්ජමින් ගෝත්‍රයට අයිති ප්‍රදේශයත් අෂූර්වරුන්වත් යටත් කරලා දුන්නා.
10 සාවුල්ගේ පුතා වුණ ඉෂ්බෝෂෙත්ට ඊශ්‍රායෙල් දේශයේ රජකම භාර දෙද්දී එයාට වයස අවුරුදු 40යි. එයා අවුරුදු දෙකක් රජකම් කළා. ඒත් යූදා ගෝත්‍රයේ අය යටත් වෙලා හිටියේ දාවිත්ට.+
11 දාවිත් යූදා ගෝත්‍රයේ රජ විදිහට අවුරුදු හතහමාරක් රජකම් කළා.+ එයා පාලනය කළේ හෙබ්‍රොන්වල ඉඳන්.
12 ටික කාලෙකට පස්සේ නේර්ගේ පුතා වුණ අබ්නේර් සහ සාවුල්ගේ පුතා වුණ ඉෂ්බෝෂෙත්ගේ සේවකයන් මහනායිම්+ ඉඳන් ගිබියොන්+ නගරයට ගියා.
13 ෂෙරුයියාගේ+ පුතා වුණ යෝවාබ්+ සහ දාවිත්ගේ සේවකයනුත් එහෙට ගියා. ගිබියොන්වල තිබුණ පොකුණ ළඟදී එයාලට අබ්නේර්ගේ කණ්ඩායමේ අයව හම්බ වුණා. කණ්ඩායම් දෙක වෙන වෙනම පොකුණ දෙපැත්තේ ඉඳගත්තා.
14 ටික වෙලාවකට පස්සේ අබ්නේර් යෝවාබ්ට මෙහෙම කිව්වා. “අපි තරුණයන්ට කියමු අපි ඉස්සරහා සටන් කරන්න කියලා.” එතකොට යෝවාබ් තරුණයන්ට කිව්වා “නැඟිටලා සටන් කරන්න” කියලා.
15 සාවුල්ගේ පුතා වුණ ඉෂ්බෝෂෙත් වෙනුවෙන් සහ බෙන්ජමින්වරු වෙනුවෙන් 12දෙනෙකුයි, දාවිත් වෙනුවෙන් එයාගේ සේවකයෝ 12දෙනෙකුයි නැඟිටලා සටන් කරන්න ලෑස්ති වුණා.
16 එයාලා එක් එක් කෙනා තම තමන්ගේ සතුරන්ගේ කොණ්ඩෙන් ඇදලා එයාලට කඩුවෙන් ඇන්නා. ඒ හැමෝම මැරුණා. ගිබියොන්වල තියෙන ඒ තැනට හෙල්කත්හෂ්ෂූරිම් කියන නම තිබ්බේ ඒ නිසයි.
17 එදා ඒ දෙපිරිස අතරේ හුඟක් දරුණු සටනක් ඇති වුණා. අන්තිමේදී දාවිත්ගේ සේවකයෝ අබ්නේර්වයි, ඊශ්‍රායෙල් පුරුෂයන්වයි පරාජය කළා.
18 ෂෙරුයියාගේ+ පුතාලා වුණ යෝවාබ්,+ අබිෂයි+ සහ අසහෙල්+ එතන හිටියා. අසහෙල්ට මුවෙක්* වගේ වේගයෙන් දුවන්න පුළුවන්කම තිබුණා.
19 එදා එයා අබ්නේර් පස්සේ පන්නගෙන ගියා. එයා දකුණටවත් වමටවත් හැරෙන්නේ නැතුව දිගටම අබ්නේර් පස්සේ එළවගෙන ගියා.
20 ටික වෙලාවකට පස්සේ අබ්නේර් පිටිපස්ස හැරිලා මෙහෙම ඇහුවා. “ඔයා කවුද? අසහෙල්ද?” “ඔව්, මං අසහෙල්” කියලා එයා කිව්වා.
21 අබ්නේර් එයාට මෙහෙම කිව්වා. “ඔයාගේ දෙපැත්තේ ඉන්න කාව හරි අල්ලගන්න. එයා ළඟ තියෙන ඕනෙම දෙයක් අරගන්න.” ඒත් අසහෙල් එයා කියපු දේ ඇහුවේ නැහැ.
22 ඉතින් අබ්නේර් අසහෙල්ට ආයෙත් මෙහෙම කිව්වා. “මගේ පස්සේ එළවගෙන එන්න එපා. ඔයා දැන් මෙහෙන් යන්න. නැත්නම් මට සිද්ධ වෙනවා ඔයාව මරන්න. එහෙම වුණොත් මං කොහොමද ඔයාගේ සහෝදරයා වන යෝවාබ්ගේ මූණ බලන්නේ?”
23 ඒත් අසහෙල් අබ්නේර් කියපු දේ ඇහුවේ නැහැ. ඒ නිසා අබ්නේර් හෙල්ලයේ මිටෙන් එයාගේ බඩට ඇන්නා.+ හෙල්ලය එයාගේ බඩ පසාරු කරගෙන ගිහින් පිටෙන් එළියට ආවා. එයා එතනම මැරිලා වැටුණා. එතනින් ගිය හැමෝම අසහෙල්ගේ මළ සිරුර දැක්කාම එතන නතර වෙලා ඒ දිහා බලන් හිටියා.
24 ඊටපස්සේ යෝවාබ් සහ අබිෂයි, අබ්නේර් පස්සේ පන්නගෙන ගියා. ඉර බැහැගෙන යද්දී එයාලා ගිබියොන් පාළුකරයට යන පාරේ, ගීයා කියන තැනට ඉස්සරහින් තියෙන අම්මාහ් කියන කන්දට ආවා.
25 බෙන්ජමින්වරු අබ්නේර් වටේ එකතු වෙලා කණ්ඩායමක් විදිහට ඒ ළඟ තිබුණ වෙන කන්දකට නැග්ගා.
26 අබ්නේර් එතන ඉඳන් යෝවාබ්ට කතා කරලා මෙහෙම කිව්වා. “ඔයා තව කොච්චර වෙලාවක් මේ සටන ගෙනියන්නද හිතාගෙන ඉන්නේ? මේක නතර කළේ නැත්නම් අපි දෙගොල්ලෝ අතරේ ලොකු වෛරයක් ඇති වෙයි. තමන්ගෙම සහෝදරයන්ට විරුද්ධව සටන් කරන්න එපා කියලා ඔයා මේ සෙනඟට කියන්න.”
27 එතකොට යෝවාබ් මෙහෙම කිව්වා. “ජීවමාන සැබෑ දෙවියන් ඉස්සරහා මං මේ දේ දිවුරලා කියනවා. ඔයා එහෙම කිව්වේ නැත්නම් හැමෝම හෙට උදේ වෙන කල්ම එයාලාගේ සහෝදරයන්ට විරුද්ධව සටන් කරකර ඉඳියි.”
28 ඊටපස්සේ යෝවාබ් හොරණෑව පිම්බා. ඒක අහපු ගමන් සෙනඟ ඊශ්‍රායෙල්වරු පස්සේ පන්නගෙන යන එක නැවැත්තුවා. එතනින් සටන නතර වුණා.
29 අබ්නේර් සහ එයාත් එක්ක හිටිය අය රෑ පුරාම අරබා+ නිම්නයේ ගමන් කරලා යොර්දාන් ගඟෙන් එගොඩ වුණා. ඊටපස්සේ එයාලා නිම්නය* මැදින් ගිහින් මහනායිම්වලට+ නැඟගෙන ගියා.
30 අබ්නේර්ව පන්නගෙන යන එක නැවැත්තුවාට පස්සේ යෝවාබ් පුරුෂයන් හැමෝවම එකතු කරගත්තා. එතකොට එයාලා දැනගත්තා දාවිත්ගේ සේවකයන් අතරින් අසහෙල්ට අමතරව තවත් 19දෙනෙක් මිය ගිහින් කියලා.
31 ඒත් දාවිත්ගේ සේවකයන් අබ්නේර්ගේ සෙනඟවයි, බෙන්ජමින් ගෝත්‍රයේ අයවයි පරද්දලා එයාලාගෙන් 360දෙනෙක්ව මරලා දාලා තිබුණා.
32 දාවිත්ගේ සේවකයන් අසහෙල්ගේ+ මළ සිරුර බෙත්ලෙහෙම්+ නගරයේ තිබුණ එයාගේ තාත්තාගේ සොහොන් ගෙට අරන් ගිහින් තැන්පත් කළා. ඊටපස්සේ එයාලා යෝවාබ් එක්ක රෑ පුරාම ගමන් කරලා එළිය වැටීගෙන එනකොට හෙබ්‍රොන්+ නගරයට ආවා.
පාදසටහන්
^ හෝ, “නොසැලෙන ආදරේ.” “පැහැදිලි කිරීමක්” බලන්න.
^ හෝ, “නොසැලෙන ආදරෙන්.”
^ මූ.අ., “ගසෙල් මුවෙක්; කුරංගයෙක්.”
^ හෝ සමහරවිට, “බිත්රොන්.”