දෙවෙනි සාමුවෙල් 23:1-39

  • දාවිත් කියපු අන්තිම වචන (1-7)

  • දාවිත් යටතේ හිටපු දක්ෂ සටන්කරුවන්ගේ වීර ක්‍රියා (8-39)

23  දාවිත් කියපු අන්තිම වචන මේවායි.+ “යාකොබ්ගේ දෙවියන් අභිෂේක කරලා+උසස් තත්වයකට ගෙනාපු තැනැත්තා වන,+ඊශ්‍රායෙල් දේශයේ ගීත මිහිරි හඬින් ගයන තැනැත්තා*+ වනයෙස්සේගේ පුත් දාවිත්ගේ වදන් මේවායි.+   මාව කතා කරන්න පෙලඹුවේ යෙහෝවාගේ බලයයි.+මගේ දිව අග තිබුණේ ඔහුගේ පණිවිඩයයි.+   ඊශ්‍රායෙලයේ දෙවියන් මට කතා කළා.ඊශ්‍රායෙලයේ පර්වතය+ මට කතා කරලා මෙහෙම කිව්වා. ‘දෙවියන් ගැන ගරුබියක්+ ඇති ධර්මිෂ්ඨ කෙනෙක්ගේ පාලනය+   වලාකුළු නැති අහසක හිමිදිරියේ පායන හිරුගේ ආලෝකය වගෙයි.+වැසි වැහැලා හිරු පායද්දී පොළොවේ තණකොළ පිබිදෙයි.+ ධර්මිෂ්ඨයාගේ පාලනයත් ඒ වගේමයි.’   දෙවියන් මගේ පවුල දිහා බලන්නෙත් ඒ විදිහටයි. ඔහු පිළිවෙළකට සකස් කරපු ස්ථිර ගිවිසුමක් මාත් එක්ක ඇති කරගත්තා.+ඒක සදහටම පවතින ගිවිසුමක්. මට ගැලවීම ලැබෙන්නෙත් මගේ හිත සතුටින් පිරිලා යන්නෙත් ඒ ගිවිසුම නිසයි.දෙවියන් මගේ පවුලට ආශීර්වාද කරන්නේ ඒ නිසයි.+   කිසි කමකට නැති මිනිස්සු හරියට කපලා වීසි කරන+ කටු පඳුරු වගෙයි.ඒවා අතින් අල්ලන්න බැහැ.   ඒවා අල්ලලා වීසි කරන්න යකඩ ආයුධයක් සහ පොල්ලක් ඕනේ.ඒවා ගින්නෙන් පුච්චලාම දාන්න ඕනේ.”  දාවිත් රජ යටතේ සේවය කරපු යුද්දෙට දක්ෂ පුරුෂයන්ගේ+ විස්තර මේවායි. දාවිත්ගේ එඩිතරම පුරුෂයන් තුන්දෙනාගේ ප්‍රධානියා+ වුණේ තාකෙමෝනිගෙන් පැවතෙන යොෂෙබ්බෂ්ෂෙබෙත්. දවසක් එයා 800දෙනෙක්ව හෙල්ලයෙන් මරලා දැම්මා.  එයාට පස්සේ දක්ෂම කෙනා වුණේ එලියාසර්.+ එලියාසර්ගේ තාත්තා අහෝහිගේ පුතා වුණ දෝදෝ.+ දවසක් පිලිස්තිවරු ඊශ්‍රායෙල් හමුදාව එක්ක යුද්ධ කරන්න ලෑස්ති වෙලා හිටියා. ඒ වෙලාවේ දාවිත් එක්ක හිටපු යුද්දෙට දක්ෂම තුන්දෙනෙක් පිලිස්තිවරුන්ට අපහාස කළා. එලියාසර් එයාලාගෙන් කෙනෙක්. එදා ඊශ්‍රායෙල් හමුදාව පිලිස්තිවරුන්ගෙන් පලා ගියා. 10  ඒත් එලියාසර් එයාගේ අත හිරි වැටෙන කල්ම පිලිස්තිවරුන්ට කඩුවෙන් පහර දුන්නා.+ එදා යෙහෝවා දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ට ලබා දුන්නේ විශිෂ්ට ජයග්‍රහණයක්.+ ඊටපස්සේ පැනලා ගිය සෙනඟ ආයෙත් ඇවිත් මැරුම් කාපු අයගේ වස්තුව පැහැරගත්තා. 11  එලියාසර්ට පස්සේ යුද්දෙට දක්ෂම කෙනා වුණේ ෂම්මාහ්. එයා හරාරි ඉඳන් ආපු අගීගේ පුතා. පිලිස්තිවරු ලේහී කියන ප්‍රදේශයේ තිබුණ ධාන්‍ය කෙතකදී යුද්ධ කරන්න ලෑස්ති වුණා. ඊශ්‍රායෙල්වරු එයාලට බය වෙලා එතනින් පැනලා ගියා. 12  ඒත් ෂම්මාහ් කෙත මැදට ගිහින් පිලිස්තිවරුන්ට දිගටම පහර දීලා කෙත බේරගත්තා. එදා යෙහෝවා ඊශ්‍රායෙල්වරුන්ට ලොකු ජයග්‍රහණයක් අත් කරලා දුන්නා.+ 13  ප්‍රධානීන් විදිහට හිටපු පුරුෂයන් 30දෙනාගෙන් තුන්දෙනෙක් අස්වැන්න කපන කාලේදී අදුල්ලාම්වල+ තියෙන ගුහාවේ හිටිය දාවිත් ළඟට ගියා. ඒ වෙනකොට පිලිස්තිවරු කණ්ඩායමක් රෙෆායිම්+ නිම්නයේ* කඳවුරු බැඳගෙනයි හිටියේ. 14  එයාලාගේ මුරපොළක් බෙත්ලෙහෙම්වලත් තිබුණා. දාවිත් හැංගිලා හිටියේ ආරක්ෂිත තැනක.+ 15  ඒ වෙලාවේ දාවිත් මෙහෙම කිව්වා. “බෙත්ලෙහෙමේ දොරටුව ළඟ තියෙන පොකුණෙන් මට වතුර ටිකක් බොන්න තිබුණා නම්!” 16  එතකොට දාවිත්ට සේවය කරපු යුද්දෙට දක්ෂ පුරුෂයෝ තුන්දෙනා පිලිස්තිවරුන්ගේ මුරපොළට කඩාවැදිලා බෙත්ලෙහෙමේ දොරටුව ළඟ තිබුණ පොකුණෙන් වතුර ඇදලා දාවිත්ට ගිහින් දුන්නා. ඒත් දාවිත් ඒ වතුර බොන්නේ නැතුව යෙහෝවා ඉස්සරහා බිමට වක් කළා.+ 17  එයා ඒ වෙලාවේ මෙහෙම කිව්වා. “අනේ යෙහෝවා, මම කොහොමද මේ වතුර බොන්නේ? මේ මිනිස්සු එයාලාගේ ජීවිත පරදුවට තියලයි මේ වතුර ටික ගෙනාවේ. මම මේ වතුර බිව්වොත් ඒක හරියට එයාලාගේ ලේ බොනවා වගේ.”+ ඒ නිසා දාවිත් ඒ වතුර බිව්වේ නැහැ. දක්ෂ පුරුෂයන් තුන්දෙනා කරපු වීර ක්‍රියා ඒවායි. 18  තවත් දක්ෂ සටන්කරුවෝ තුන්දෙනෙක් හිටියා. එයාලාගේ ප්‍රධානියා වෙලා හිටියේ ෂෙරුයියාගේ+ පුතා සහ යෝවාබ්ගේ සහෝදරයා වුණ අබිෂයි.+ එයා 300දෙනෙක්ව හෙල්ලයෙන් මරලා දැම්මා. එඩිතර පුරුෂයන් තුන්දෙනා වගේම එයාත් හුඟක් ප්‍රසිද්ධ වෙලයි හිටියේ.+ 19  දක්ෂ සටන්කරුවෝ තුන්දෙනා අතරින් කැපිලා පෙනුණේ අබිෂයි. ඒ නිසා එයාව එයාලාගේ නායකයා විදිහට පත් කළා. ඒත් එයාට කවදාවත් එඩිතර පුරුෂයන් තුන්දෙනාගේ තත්වයට එන්න බැරි වුණා. 20  යෙහෝයාදාගේ පුතා වන බෙනායාත්+ නිර්භීත සටන්කරුවෙක්. එයා කබ්ෂෙයෙල්+ නගරයේ හුඟක් වීර ක්‍රියා කරලා තිබුණා. එයා මෝවබ්වලින් ආපු අරියෙල්ගේ පුතාලා දෙන්නාව මරලා දැම්මා. හිම වැටෙන දවසක එයා වළකට බැහැලා ඒක ඇතුළේ හිටපු සිංහයෙක්වත් මැරුවා.+ 21  බෙනායා ඊජිප්තු ජාතික යෝධයෙක්වත් මරලා දැම්මා. ඒ යෝධයාගේ අතේ හෙල්ලයක් තිබුණත් බෙනායාගේ අතේ තිබුණේ පොල්ලක් විතරයි. ඒත් එයා නිර්භීතව යෝධයා ළඟට ගිහින් යෝධයාගේ අතින් හෙල්ලය උදුරගෙන ඒ හෙල්ලයෙන්ම එයාට ඇනලා මැරුවා. 22  යෙහෝයාදාගේ පුතා වුණ බෙනායා කරපු වීර ක්‍රියා ඒවායි. දක්ෂ පුරුෂයන් තුන්දෙනා වගේම එයාත් හුඟක් ප්‍රසිද්ධ වෙලයි හිටියේ. 23  ප්‍රධානීන් තිස්දෙනා අතරින් වැඩියෙන්ම කැපී පෙනුණේ බෙනායා වුණත් එයාට කවදාවත් එඩිතර පුරුෂයන් තුන්දෙනා වගේ වෙන්න බැරි වුණා. දාවිත් බෙනායාව තමන්ගේ ආරක්ෂක නිලධාරීන්ගේ ප්‍රධානියා විදිහට පත් කළා. 24  ප්‍රධානීන් තිස්දෙනා අතරේ හිටපු සමහර අයගේ නම් මේවායි. යෝවාබ්ගේ සහෝදරයා වුණ අසහෙල්,+ බෙත්ලෙහෙමේ+ ජීවත් වුණ දෝදෝගේ පුතා වන එල්හානාන්, 25  හාරොද්වල වැසියන් වුණ ෂම්මාහ් සහ එලිකා, 26  පල්තියේ වැසියෙක් වුණ හෙලෙෂ්,+ තෙකෝවාවල වැසියෙක් වුණ ඉක්කෙෂ්ගේ පුතා වන ඊරා,+ 27  අනාතොත්වල+ වැසියෙක් වුණ අබිඑෂෙර්,+ හූෂාවල වැසියෙක්* වුණ මෙබුන්නයි, 28  අහෝවාගෙන් පැවතෙන ෂල්මොන්, නෙටොෆා කියන ගමේ වැසියෙක් වුණ මහරයි,+ 29  නෙටොෆාවල වැසියෙක් වුණ බානාහ්ගේ පුතා වන හෙලෙබ්, බෙන්ජමින් ගෝත්‍රයට අයිති නගරයක් වන ගිබෙයාවල වැසියෙක් වුණ රීබයිගේ පුතා වන ඉත්තයි, 30  පිරතොන් නගරයේ වැසියෙක් වුණ බෙනායා,+ ගයෂ්වල+ තියෙන නිම්න* අවට ජීවත් වුණ හිද්දයි, 31  බෙත්අරබා නගරයේ වැසියෙක් වුණ අබිඅල්බොන්, බහුරීම්වල වැසියෙක් වුණ අෂ්මාවෙත්, 32  ෂායල්බිම් නගරයේ වැසියෙක් වුණ එලියාබා, යාෂෙන්ගේ පුතාලා, යොනාතාන්, 33  හරාරි ඉඳන් ආපු ෂම්මාහ්, හරාරි ඉඳන් ආපු ෂාරාර්ගේ පුතා වුණ අහියාම්, 34  මයකාත්වල වැසියෙක් වුණ අහස්බයිගේ පුතා වන එලිෆෙලෙත්, ගීලොවල වැසියෙක් වුණ අහිතොෆෙල්ගේ+ පුතා වන එලියාම්, 35  කර්මෙල්වල වැසියෙක් වුණ හෙෂ්රො, අරාබ් නගරයේ වැසියෙක් වුණ පයරයි, 36  ෂොබාවල වැසියෙක් වුණ නාතන්ගේ පුතා වන ඉගාල්, ගාද් ගෝත්‍රයට අයිති බානි, 37  අම්මොන් ජාතිකයෙක් වුණ ෂෙලෙක්, බෙයේරොත්වල වැසියෙක් වුණ නහරයි (එයා ෂෙරුයියාගේ පුතා වුණ යෝවාබ්ගේ ආයුධ අරන් ගිය අයගෙන් කෙනෙක්), 38  ඉත්රිය ඊරා, ඉත්රිය+ ගාරෙබ් සහ 39  හිත්තී ජාතික උරියා.+ එයාලාගේ මුළු ගාණ 37යි.

පාදසටහන්

හෝ, “ඊශ්‍රායෙලයේ ගයන ගීතවල විස්තර කරපු ප්‍රියමනාප තැනැත්තා.”
හෝ, “තැනිතලාවේ.”
හෝ සමහරවිට, “හූෂාගේ පුතා.”