දෙවෙනි සාමුවෙල් 4:1-12

  • ඉෂ්බෝෂෙත්ව මරලා දායි (1-8)

  • දාවිත් මිනීමරුවන්ව මරලා දායි (9-12)

4  හෙබ්‍රොන්වලදී+ අබ්නේර් මැරුණා කියලා සාවුල්ගේ පුතා ඉෂ්බෝෂෙත්+ දැනගත්තාම එයා හොඳටම බය වුණා. මුළු ඊශ්‍රායෙල් සෙනඟත් ඒ ආරංචිය අහලා කලබල වුණා.  බානාහ් සහ රේකාබ් කියන්නේ සාවුල්ගේ පුතාට අයිති කොල්ලකරුවන්ගේ කණ්ඩායම් භාරව හිටපු දෙන්නෙක්. එයාලා බෙන්ජමින් ගෝත්‍රයට අයිති, බෙයේරොත්වල පදිංචි වෙලා හිටපු රිම්මොන්ගේ පුතාලා. (ඒ කාලේ බෙයේරොත්+ නගරය තිබුණේ බෙන්ජමින් ගෝත්‍රයට අයිති ප්‍රදේශයක.  බෙයේරොත්වල ජීවත් වුණ අය ගිත්තායිම්+ කියන තැනට පලා ගියා. එයාලා අද වෙන කල්ම විදේශිකයන් විදිහට එහේ ජීවත් වෙනවා.)  සාවුල්ගේ පුතා වුණ යොනාතාන්ට+ මෙෆිබොෂෙත්+ කියලා පුතෙක් හිටියා. එයාගේ කකුල් දෙකම කොර වෙලයි තිබුණේ.+ සාවුල් සහ යොනාතාන් මිය ගිහින් කියලා යෙෂ්‍රෙයෙල්+ ඉඳන් පණිවිඩය ලැබෙද්දී එයා අවුරුදු පහක දරුවෙක්. ඒ වෙලාවේ මෙෆිබොෂෙත්ව බලාගත්ත සේවිකාව කලබල වෙලා එයාව උස්සගෙන දුවද්දී මෙෆිබොෂෙත් වැටිලා එයාගේ කකුල් දෙක කොර වුණා.  දවසක් බෙයේරොත්වල රිම්මොන්ගේ පුතාලා වුණ රේකාබ් සහ බානාහ් ඉෂ්බෝෂෙත්ගේ ගෙදරට ගියා. එයාලා එහෙට ගියේ දවල් කාලේ හුඟක් රස්නේ වෙලාවක. ඒ වෙලාවේ ඉෂ්බෝෂෙත් පොඩි විවේකයක් ගන්න ගිහින් තිබුණා.  රේකාබ් සහ බානාහ්+ තිරිඟු ගන්න ආපු මිනිස්සු වගේ රඟපාලා ගේ ඇතුළටම ගියා. ඊටපස්සේ එයාලා කඩුවෙන් ඉෂ්බෝෂෙත්ගේ බඩට ඇනලා එයාව මරලා එතනින් පැනලා ගියා.  ඒ දෙන්නා ගේ ඇතුළට යද්දී ඉෂ්බෝෂෙත් එයාගේ කාමරයේ ඇඳ උඩ නිදාගෙනයි හිටියේ. ඒ දෙන්නා එයාව මරලා එයාගේ බෙල්ල කපලා දැම්මා. ඊටපස්සේ එයාගේ ඔළුව අරගෙන අරබා නිම්නයට යන පාරේ මුළු රෑම ඇවිදගෙන ගියා.  එයාලා ඉෂ්බෝෂෙත්ගේ+ ඔළුවත් අරන් හෙබ්‍රොන්වල හිටිය දාවිත් ළඟට ගිහින් මෙහෙම කිව්වා. “අපේ ස්වාමීනි, මේ බලන්න! ඔබව මරන්න හොයපු+ ඔබේ සතුරාගේ+ පුතාගේ ඔළුව අපි ගෙනාවා. අද යෙහෝවා දෙවියන් සාවුල්ගෙනුයි, එයාගේ පෙළපතේ අයගෙනුයි පළිගත්තා.”  දාවිත් බෙයේරොත්වල රිම්මොන්ගේ පුතාලා වුණ රේකාබ්ට සහ බානාහ්ට මෙහෙම කිව්වා. “මගේ හැම දුකකින්ම මාව බේරගත්ත ජීවමාන දෙවි යෙහෝවා+ ඉස්සරහා මේ දේ මං දිවුරලා කියනවා. 10  ‘සාවුල් මැරුණා’+ කියලා මං ළඟට ඇවිල්ලා කියපු කෙනාත් හිතුවේ එයා මට හොඳ ආරංචියක් ගෙනාවා කියලයි. ඒත් ෂික්ලග්වලදී මං ඒ කෙනාව මරලා දැම්මා.+ එයා ගෙනාපු පණිවිඩයට මගෙන් ලැබුණ තෑග්ග ඒකයි. 11  එහෙමනම් තමන්ගෙම ගෙදර නිදාගෙන හිටිය ධර්මිෂ්ඨ කෙනෙක්ව මරලා දාපු දුෂ්ටයන්ට මං දඬුවම් නොකර ඉඳියිද? ඉෂ්බෝෂෙත්ගේ ලේ හලපු නිසා මං උඹලව මරලා+ එයා වෙනුවෙන් යුක්තිය ඉටු කරනවා.” 12  ඊටපස්සේ දාවිත් ඒ දෙන්නාව මරලා දාන්න කියලා සේවකයන්ට අණ කළා.+ එයාලා ඒ දෙන්නාව මරලා එයාලාගේ අත පය කපලා, මළ සිරුරු හෙබ්‍රොන්වල තිබුණ පොකුණ ළඟ එල්ලුවා.+ ඊටපස්සේ එයාලා ඉෂ්බෝෂෙත්ගේ ඔළුව හෙබ්‍රොන්වල තිබුණ අබ්නේර්ගේ සොහොන් ගෙට අරන් ගිහින් එතන තැන්පත් කළා.

පාදසටහන්