දෙවෙනි සාමුවෙල් 5:1-25

  • දාවිත්ව මුළු ඊශ්‍රායෙල් දේශයේම රජ විදිහට පත් කරයි (1-5)

  • යෙරුසලම අල්ලගනියි (6-16)

    • දාවිත්ගේ නුවර වන සියොන් (7)

  • දාවිත් පිලිස්තිවරුන්ව පරාජය කරයි (17-25)

5  ටික කාලෙකට පස්සේ ඊශ්‍රායෙල්වරුන්ගේ හැම ගෝත්‍රයක්ම නියෝජනය කරන කණ්ඩායමක් හෙබ්‍රොන්වල+ හිටිය දාවිත්ව හම්බ වෙන්න ඇවිත් මෙහෙම කිව්වා. “අපි හැමෝම ඔයාගේ සහෝදරයන්.*+  සාවුල් අපේ රජ වෙලා හිටපු කාලේදීත් ඊශ්‍රායෙල් හමුදාව යුද්දෙට යද්දී පෙරමුණ අරන් වැඩ කළේ ඔයායි.+ ඒ වගේම යෙහෝවාත් ඔයාට මෙහෙම කිව්වා. ‘මගේ සෙනඟ වන ඊශ්‍රායෙල් ජාතියව රැකබලා ගන්න මම පත් කරන්නේ ඔයාවයි. මං ඔයාව එයාලාගේ නායකයා විදිහට පත් කරනවා.’”+  ඊශ්‍රායෙල් වැඩිමහල්ලෝ හැමෝමත් දාවිත්ව හම්බ වෙන්න හෙබ්‍රොන්වලට ඇවිත් හිටියා. යෙහෝවා දෙවියන් ඉස්සරහා දාවිත් එයාලා එක්ක ගිවිසුමක් ඇති කරගත්තා.+ ඊටපස්සේ එයාලා මුළු ඊශ්‍රායෙල් දේශයේම රජ විදිහට දාවිත්ව අභිෂේක කළා.+  දාවිත්ව රජ විදිහට පත් කරද්දී එයාගේ වයස අවුරුදු 30යි. එයා අවුරුදු 40ක් රජකම් කළා.+  එයා හෙබ්‍රොන්වල ඉඳන් අවුරුදු 7යි, මාස 6ක් යූදා ගෝත්‍රයේ රජ විදිහට පාලනය කළා. එයා යෙරුසලමේ+ ඉඳන් අවුරුදු 33ක් යූදා ඇතුළු මුළු ඊශ්‍රායෙල් දේශයම පාලනය කළා.  රජ එයාගේ හමුදාවත් එක්ක යෙරුසලමේ හිටිය යෙබූසිවරුන්ට+ විරුද්ධව සටන් කරන්න ගියා. ඒත් යෙබූසිවරු හිතුවේ දාවිත්ට කවදාවත් නුවරට ඇතුල් වෙන්න බැහැ කියලයි. ඒ නිසා එයාලා දාවිත්ට අපහාසෙට මෙහෙම කිව්වා. “ඔයාට නම් කවදාවත් අපේ නුවරට ඇතුල් වෙන්න ලැබෙන්නේ නැහැ.+ මෙහේ ඉන්න අන්ධයන්ටයි, කොරුන්ටයි වුණත් පුළුවන් ඔයාව පන්නලා දාන්න.”  ඒත් දාවිත් සියොන් බලකොටුව අල්ලගත්තා. පස්සේ ඒක දාවිත්ගේ නුවර විදිහට හැඳින්නුවා.+  එදා දාවිත් එයාගේ සෙබළුන්ට මෙහෙම කිව්වා. “යෙබූසිවරුන්ට විරුද්ධව සටන් කරන හැමෝම ජල මාර්ගය දිගේ ගිහින් එයාලා අතරේ ඉන්න අන්ධයන්ටයි, කොරුන්ටයි පහර දෙන්න. එයාලා මට පිළිකුලක්!” පස්සේ කාලෙක “අන්ධයන්ට සහ කොරුන්ට ගෙට එන්න අවසර නැහැ” කියන කියමන ඇති වුණේ ඒ නිසයි.  සියොන් බලකොටුව අල්ලගත්තාට පස්සේ දාවිත් ඒකේ පදිංචි වුණා. ඒක හැඳින්නුවේ* දාවිත්ගේ නුවර විදිහට. දාවිත් මිල්ලෝ ගොඩැල්ල* වටේ+ සහ නුවර ඇතුළේ+ ඉදි කිරීම් වැඩ පටන්ගත්තා. 10  දාවිත්ගේ බලය එන්න එන්නම වැඩි වුණා.+ ස්වර්ගයේ සේනාවල දෙවියන් වන යෙහෝවාත් දාවිත් එක්කම ඉඳලා එයාට උදව් කළා.+ 11  තීර්වල රජ වන හීරාම්+ එයාව නියෝජනය කරන පිරිසක්ව දාවිත් ගාවට යැව්වා. ඒ වගේම බිත්ති බඳින අයවත් වඩු වැඩ කරන අයවත් ඉදි කිරීම් වැඩවලට ඕනෙ කරන දේවදාර ලීත්+ එයා දාවිත්ට යැව්වා. ඊටපස්සේ ඒ අය දාවිත්ට මාලිගාවක් ඉදි කරන්න පටන්ගත්තා.+ 12  ඊශ්‍රායෙල් දේශය පුරාම එයාගේ බලය තහවුරු කරගන්න යෙහෝවා දෙවියන් එයාට උදව් කළා කියලා දාවිත් තේරුම්ගත්තා.+ ඒ වගේම දෙවියන් දාවිත්ගේ රාජ්‍යය උසස් කළේ+ ඔහුගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරු+ වෙනුවෙන් කියලත් දාවිත්ට තේරුණා. 13  හෙබ්‍රොන්වල ඉඳන් යෙරුසලමට ආවාට පස්සේ දාවිත් තවත් භාර්යාවන්ව විවාහ කරගත්තා. උපභාර්යාවන්වත් වැඩි කරගත්තා.+ එහෙදී දාවිත්ට තවත් දුවලා පුතාලා ඉපදුණා.+ 14  යෙරුසලමේදී දාවිත්ට ඉපදුණ දරුවන්ගේ නම් මේවායි. ෂම්මුවා, ෂෝබාබ්, නාතන්,+ සලමොන්,+ 15  ඉබ්හාර්, එලිෂුවා, නෙෆෙග්, යාෆියා, 16  එලිෂාමා, එලියාදා සහ එලිෆෙලෙත්. 17  දාවිත්ව ඊශ්‍රායෙල්වල රජ විදිහට අභිෂේක කරලා කියලා ආරංචි වුණාම+ පිලිස්තිවරු එයාලාගේ මුළු හමුදාවම එකතු කරගෙන දාවිත් එක්ක සටන් කරන්න ආවා.+ ඒක දැනගත්තාම දාවිත් ආරක්ෂිත තැනකට ගියා.+ 18  පිලිස්තිවරු රෙෆායිම්+ නිම්නයට ඇවිත් නිම්නය පුරා එක එක තැන්වලට ගිහින් හිටියා. 19  ඒ වෙලාවේ දාවිත් යෙහෝවා දෙවියන්ගෙන් මෙහෙම ඇහුවා.+ “මම පිලිස්තිවරු එක්ක සටන් කරන්නද? එයාලව යටත් කරගන්න ඔයා මට උදව් කරනවාද?” යෙහෝවා දාවිත්ට කිව්වා “ගිහින් එයාලත් එක්ක සටන් කරන්න. එයාලව යටත් කරගන්න මම අනිවාර්යයෙන්ම ඔයාට උදව් කරනවා”+ කියලා. 20  ඉතින් දාවිත් රජ බාල්පෙරාෂිම් කියන තැනට ගිහින් පිලිස්තිවරු එක්ක සටන් කරලා එයාලව පරාජය කළා. ඒ වෙලාවේ දාවිත් මෙහෙම කිව්වා. “වේගයෙන් ගලාගෙන යන ජල පහරක් වගේ යෙහෝවා මට ඉස්සරහින් ගිහින් මගේ සතුරන්ව විනාශ කළා.”+ දාවිත් ඒ තැනට බාල්පෙරාෂිම්*+ කියන නම දුන්නේ ඒ නිසයි. 21  පිලිස්තිවරු එයාලාගේ දෙවිවරුන්ගේ රූප එතනම දාලා පලා ගිහින් තිබුණා. දාවිත් සහ එයාගේ සෙබළු ඒ රූප ටික අරන් ගිහින් ඒවා විනාශ කළා. 22  පිලිස්තිවරු ආයෙත් ඇවිත් රෙෆායිම්+ නිම්නයේ තැනින් තැනට ගිහින් සටන් කරන්න ලෑස්ති වුණා. 23  ඒ වෙලාවෙත් දාවිත් යෙහෝවාගෙන් ඇහුවා එයාලා එක්ක සටන් කරන්න යන්නද කියලා. එතකොට ඔහු දාවිත්ට මෙහෙම කිව්වා. “මේ පාර නම් එයාලා ඉස්සරහට ගිහින් සටන් කරන්න එපා. වටෙන් ගිහින් බේකා පඳුරු පිටිපස්සේ හැංගිලා ඉන්න. එයාලට පහර දෙන්න වෙලාව ආවාම පඳුරු ඉස්සරහට යන්න. 24  බේකා පඳුරු අතරින් පිරිසක් ඇවිදිනවා වගේ සද්දයක් ඔයාට ඇහෙයි. ඒක ඇහුණ ගමන්ම ගිහින් පිලිස්තිවරුන්ට පහර දෙන්න. යෙහෝවා වන මං ඔයාලට ඉස්සරහින් ගිහින් සටන් කරනවා කියලා කියන්න ඒක ලකුණක්.” 25  දාවිත් යෙහෝවා දෙවියන් කියපු විදිහටම කළා. එයා ගෙබා+ නගරයේ ඉඳන් ගෙෂෙර්+ නගරය වෙන කල් ගිහින් පිලිස්තිවරුන්ට+ පහර දුන්නා.

පාදසටහන්

මූ.අ., “අපි ඔයාගෙම ඇට සහ මස්.”
හෝ සමහරවිට, “එයා ඒක හැඳින්නුවේ.”
සමහරවිට මේක හදන්න ඇත්තේ නගරයට ආරක්ෂාවක් විදිහට.
තේරුම, “කඩාගෙන බිඳගෙන යන.”