Skip to content

පටුනට යන්න

දේවවචනයට හැඳින්වීමක්

බයිබලයේ තියෙන්නේ දෙවියන් අපිට දුන්න පණිවිඩය. ජීවිතේ සාර්ථක කරගන්නේ කොහොමද කියලත් දෙවියන් සතුටු වෙන විදිහට ජීවත් වෙන්නේ කොහොමද කියලත් බයිබලයෙන් අපිට දැනගන්න පුළුවන්. මේ ප්‍රශ්නවලට උත්තරත් බයිබලයේ තියෙනවා.

  1. 1 දෙවියන් කවුද?

  2. 2 ඔයාට දෙවියන් ගැන ඉගෙනගන්න පුළුවන් කොහොමද?

  3. 3 බයිබලය ලිව්වේ කවුද?

  4. 4 බයිබලයේ තියෙන දේවල් විද්‍යාවට එකඟද?

  5. 5 බයිබලයේ තියෙන පණිවිඩය මොකක්ද?

  6. 6 ගැලවුම්කරු ගැන බයිබලයේ කියලා තියෙන්නේ මොනවාද?

  7. 7 අපේ කාලේ ගැන බයිබලයේ කියලා තියෙන්නේ මොනවාද?

  8. 8 මිනිස්සු දුක් විඳින එකට වග කියන්න ඕනෙ දෙවියන්ද?

  9. 9 මිනිස්සු දුක් විඳින්නේ ඇයි?

  10. 10 අනාගතය ගැන බයිබලයේ දීලා තියෙන පොරොන්දු මොනවාද?

  11. 11 කෙනෙක් මැරුණාම මොකද වෙන්නේ?

  12. 12 මැරුණ අයව අපිට ආයෙත් දකින්න පුළුවන් වෙයිද?

  13. 13 වැඩ කරන එක ගැන බයිබලයේ කියන්නේ මොනවාද?

  14. 14 දේපළ, සල්ලි ගැන බයිබලයේ කියන්නේ මොනවාද?

  15. 15 සතුටින් ඉන්න පුළුවන් කොහොමද?

  16. 16 හිතට බරක් වෙන දේවල් දරාගන්නේ කොහොමද?

  17. 17 පවුලක් විදිහට සතුටින් ඉන්න බයිබලය උදව් කරන්නේ කොහොමද?

  18. 18 දෙවියන්ට ළං වෙන්න ඔයාට පුළුවන් කොහොමද?

  19. 19 බයිබලයේ තියෙන පොත්වල තියෙන්නේ මොනවාද?

  20. 20 ප්‍රයෝජනවත් වෙන විදිහට බයිබලය කියවන්න ඔයාට පුළුවන් කොහොමද?

බයිබල් පද හොයාගන්නේ කොහොමද?

බයිබලයේ හැදිලා තියෙන්නේ පොඩි පොත් 66කින්. ඒක කොටස් දෙකකට ඒ කියන්නේ හෙබ්‍රෙව්-ඇරමයික ලියවිල්ල (“පරණ ගිවිසුම”) සහ ග්‍රීක ලියවිල්ල (“අලුත් ගිවිසුම”) විදිහට වෙන් කරලා තියෙනවා. බයිබලයේ තියෙන හැම පොතක්ම පරිච්ඡේද සහ ඡේදවලට වෙන් කරලා තියෙනවා. බයිබල් පදයක් සඳහන් වෙද්දී පොතේ නමට පස්සේ මුලින්ම තියෙන ඉලක්කමෙන් පෙන්නන්නේ පරිච්ඡේදය. ඊළඟට තියෙන ඉලක්කමෙන් හරි ඉලක්කම්වලින් හරි පෙන්නන්නේ ඡේදය නැත්නම් ඡේද. උදාහරණයකට උත්පත්ති 1:1 කියද්දී ඒකෙන් අදහස් කරන්නේ උත්පත්ති පොතේ 1වෙනි පරිච්ඡේදයේ 1වෙනි ඡේදය.