Skip to content

පටුනට යන්න

11වෙනි ප්‍රශ්නය

කෙනෙක් මැරුණාම මොකද වෙන්නේ?

“ඔවුන් අවසන් හුස්ම හෙළුවාට පස්සේ ආයෙත් දූවිල්ලටම හැරිලා යයි. ඒ මොහොතේම ඔවුන්ගේ කල්පනාව නැති වෙයි.”

ගීතාවලිය 146:4

“ජීවත් වෙලා ඉන්න අය දන්නවා එයාලා කවදා හරි මැරෙනවා කියලා. ඒත් මැරුණ අය කිසිම දෙයක් දන්නේ නැහැ. . . . ඔයාට කරන්න පුළුවන් හැම දෙයක්ම ඔයාගේ මුළු උත්සාහයෙන්ම කරන්න. මොකද ඔයා යන මිනී වළේදී කිසිම වැඩක් කරන්නවත් කිසිම දෙයක් ගැන කල්පනා කරන්නවත් ඔයාට බැහැ. දැනුම සහ ප්‍රඥාව ලබාගන්නත් බැහැ.”

දේශනාකාරයා 9:5, 10

“[යේසුස්] මෙහෙමත් කිව්වා. ‘අපේ යාළුවා, ලාසරුස් නිදාගෙනයි ඉන්නේ. එයාව ඇහැරවන්න මං දැන් එහෙට යනවා.’ යේසුස් අදහස් කළේ ලාසරුස් මැරිලා කියලයි. ඒත් එයාලා හිතුවේ යේසුස් මේ කියන්නේ ලාසරුස් නිදාගෙන විවේක ගන්න එක ගැන කියලයි. ඉතින් යේසුස් එයාලට කෙළින්ම මෙහෙම කිව්වා. ‘ලාසරුස් මැරිලා.’”

යොහන් 11:11, 13, 14