Skip to content

පටුනට යන්න

6වෙනි ප්‍රශ්නය

ගැලවුම්කරු ගැන බයිබලයේ කියලා තියෙන්නේ මොනවාද?

අනාවැකිය

“බෙත්ලෙහෙම් එෆ්‍රාතා, . . . මං වෙනුවෙන් ඊශ්‍රායෙල්වරුන්ව පාලනය කරන්න නියමිත තැනැත්තා එන්නේ ඔබෙන්.”

මීකා 5:2

ඉටු වීම

“යේසුස් ඉපදුණේ හෙරොද් රජ වෙලා හිටපු කාලේ යුදයට අයිති වෙලා තිබුණ බෙත්ලෙහෙම් කියන නගරයේ. දවසක් නැඟෙනහිර පැත්තේ ඉඳන් ජ්‍යෝතිශ්ශාස්ත්‍රඥයන් පිරිසක් යෙරුසලමට ආවා.”

මතෙව් 2:1

අනාවැකිය

“මගේ ඇඳුම් ඔවුන් අතරේ බෙදාගන්නවා. මගේ ඇඳුම් බෙදාගන්න දාදු දානවා.”

ගීතාවලිය 22:18

ඉටු වීම

“සෙබළු යේසුස්ව කණුවේ ඇණ ගැහුවා. ඊටපස්සේ එයාලා ඔහුගේ පිට වස්ත්‍ර අරගෙන ඒක කොටස් හතරකට වෙන් කරලා එක් කෙනාට එක ගාණේ ඒවා බෙදාගත්තා. . . . ඒත් ඒ ඇඳුමේ මූට්ටුවක් තිබුණේ නැහැ. ඒක උඩ ඉඳන් යටට යන කල් එක රෙද්දක් විදිහට වියලා තිබුණා. ඉතින් එයාලා මෙහෙම කතා වුණා. ‘අපි මේක ඉරන්නේ නැතුව ඒක අයිති වෙන්නේ කාටද කියලා බලන්න දාදු දාමු.’”

යොහන් 19:23, 24

අනාවැකිය

“දෙවියන් ඔහුගේ ඇටකටු සියල්ල ආරක්ෂා කරනවා. ඔහු ඒ එකක්වත් බිඳෙන්න දෙන්නේ නැහැ.”

ගීතාවලිය 34:20

ඉටු වීම

“ඒත් යේසුස් ළඟට ආවාම එයාලා දැක්කා ඒ වෙද්දීත් යේසුස් මැරිලා කියලා. ඒ නිසා එයාලා ඔහුගේ කකුල් කැඩුවේ නැහැ.”

යොහන් 19:33

අනාවැකිය

“අපේ වැරදි නිසා ඔහුට හෙල්ලයෙන් ඇන්නා.”

යෙසායා 53:5

ඉටු වීම

“එක සෙබළෙක් හෙල්ලයකින් ඔහුගේ ඉල ඇට තියෙන හරියට ඇන්නා. එතකොට එතනින් ලේත් වතුරත් එළියට ආවා.”

යොහන් 19:34

අනාවැකිය

“එයාලා මගේ කුලිය විදිහට රිදී ෂෙකෙල් 30ක් දුන්නා.”

සෙකරියා 11:12, 13

ඉටු වීම

“ඊටපස්සේ දොළොස්දෙනාගෙන් කෙනෙක් වුණ යූදස් ඉස්කාරියොත් නායක පූජකයන්ව හම්බ වෙන්න ගිහින්, ‘මං යේසුස්ව ඔයාලට අල්ලලා දුන්නොත් ඔයාලා මට මොනවාද දෙන්නේ’ කියලා ඇහුවා. එයාලා යූදස්ට රිදී කාසි 30ක් දෙන්න එකඟ වුණා.”

මතෙව් 26:14, 15; 27:5