Skip to content

පටුනට යන්න

10වෙනි ප්‍රශ්නය

අනාගතය ගැන බයිබලයේ දීලා තියෙන පොරොන්දු මොනවාද?

“ධර්මිෂ්ඨයෝ පොළොව උරුම කරගන්නවා. ඔවුන් ඒකේ සදාකාලයටම ජීවත් වෙනවා.”

ගීතාවලිය 37:29

“පොළොව සදහටම තියෙනවා.”

දේශනාකාරයා 1:4

“ඔහු මරණය සදහටම ගිල දමනවා. ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා හැමෝගෙම කඳුළු පිහලා දානවා.”

යෙසායා 25:8

“ඒ කාලේදී අන්ධ අයගේ ඇස් පෑදෙයි. බිහිරි අයගේ කන් ඇරෙයි. ඒ කාලේදී කොර අය මුවෙක් වගේ දුව පැන යයි. ගොළු අය සතුටින් කෑගහයි. පාළුකරයේ දිය උල්පත් බිඳිලා යයි. කාන්තාරයේ දිය පහරවල් ගලා බසියි.”

යෙසායා 35:5, 6

“දෙවියන් එයාලාගේ ඇස්වලින් හැම කඳුළක්ම පිහලා දානවා. මරණය නැත්තටම නැති වෙනවා. ආයේ කවදාවත් අඬන්නවත් වැලපෙන්නවත් වේදනා විඳින්නවත් වෙන්නේ නැහැ. කලින් විඳින්න වුණ හැම දුකක්ම නැති වෙලා ගිහින්.”

එළිදරව් 21:4

“ඔවුන් ගෙවල් ගොඩනඟලා ඒවාවල ජීවත් වෙයි. මිදිවතු වවලා ඒවාවල පලදාව රස විඳියි. ඔවුන් ගොඩනඟන ගෙවල්වල වෙනත් අය ජීවත් වෙන්නේ නැහැ. ඔවුන් වගා කරන මිදිවතුවල පලදාව වෙනත් අය කෑමට ගන්නේ නැහැ. මොකද මගේ සෙනඟගේ ආයු කාලය ගසක ආයු කාලය වගේ වෙයි. මම තෝරගත්ත අය ඔවුන් කරන වැඩවලින් නියම සතුටක් ලබයි.”

යෙසායා 65:21, 22