Skip to content

පටුනට යන්න

18වෙනි ප්‍රශ්නය

දෙවියන්ට ළං වෙන්න ඔයාට පුළුවන් කොහොමද?

“යාච්ඤා අසන තැනැත්තාණෙනි, හැම පසුබිමකටම අයිති මිනිසුන් ඔබ ඉස්සරහට එයි.”

ගීතාවලිය 65:2

“ඔයාගෙම නුවණ මත රඳා ඉන්න එපා. මුළු හදවතින්ම යෙහෝවාව විශ්වාස කරන්න. ඔයා තියන හැම පියවරකදීම දෙවියන්ව සිහි කරන්න. එතකොට ඔයා යන්න ඕනෙ හරි පාර ඔහු පෙන්වලා දෙයි.”

හිතෝපදේශ 3:5, 6

“සදාකාල ජීවිතය ලබාගන්න නම් එයාලා එකම සැබෑ දෙවි වන ඔයාවත් ඔයා එවපු කෙනා වන යේසුස් ක්‍රිස්තුස්වත් දැන අඳුරගන්න ඕනේ.”

යොහන් 17:3

“ඔහු [දෙවියන්] අපෙන් දුරස් වෙලා ඉන්න කෙනෙක් නෙවෙයි.”

ක්‍රියා 17:27

“නිවැරදි දැනුමයි, හොඳින් වටහාගැනීමේ හැකියාවයි වැඩි වෙද්දී ඔයාලාගේ හිතේ තියෙන ආදරේ තව තවත් වැඩි වෙන්න කියලා මං දිගටම යාච්ඤා කරනවා.”

ෆිලිප්පි 1:9

“තමන්ට ප්‍රඥාව අඩුයි කියලා කෙනෙක්ට හිතෙනවා නම් එයාට පුළුවන් දිගටම දෙවියන්ගෙන් ප්‍රඥාව ඉල්ලන්න. එයාට අනිවාර්යයෙන්ම ඒක ලැබෙනවා. දොස් කියන්නේ නැතුව, දෙවියන් හරිම කැමැත්තෙන් හැමෝටම ප්‍රඥාව ලබා දෙනවා.”

යාකොබ් 1:5

“දෙවියන්ට ළං වෙන්න. එතකොට ඔහුත් ඔයාට ළං වෙයි. පව්කාරයෙනි, ඔයාලාගේ අත් පිරිසිදු කරගන්න. දෙගිඩියාවෙන් ඉන්න මනුෂ්‍යයෙනි, ඔයාලාගේ සිත් පවිත්‍ර කරගන්න.”

යාකොබ් 4:8

“අපි දෙවියන්ට ආදරෙයි නම් අපි ඔහුගේ ආඥා පිළිපදිනවා. ඔහුගේ ආඥා පිළිපදින එක බරක් නෙමෙයි.”

1 යොහන් 5:3