Skip to content

පටුනට යන්න

1වෙනි ප්‍රශ්නය

දෙවියන් කවුද?

“ඔබේ නම යෙහෝවා කියලත් මුළු පොළොවටම ඉන්න උසස්ම දෙවියන් ඔබ විතරයි කියලත් හැමෝටම දැනගන්න සලස්වන්න.”

ගීතාවලිය 83:18

“යෙහෝවා සැබෑ දෙවියන් කියලා තේරුම්ගන්න. අපිව නිර්මාණය කළේ ඔහුයි. ඒ නිසා අපි අයිති ඔහුටයි.”

ගීතාවලිය 100:3

“මම යෙහෝවා. මගේ නාමය ඒකයි. මට ලැබෙන්න ඕනෙ ගෞරවය මම වෙන කාටවත් දෙන්නේ නැහැ. මට ලැබෙන්න ඕනෙ ප්‍රශංසාව රූපවලට දෙන්නෙත් නැහැ.”

යෙසායා 42:8

“යෙහෝවාගේ නම කියලා යාච්ඤා කරන හැමෝවම ඔහු ගලවගන්නවා.”

රෝම 10:13

“ඇත්තටම හැම නිවසක්ම හදන්න කෙනෙක් ඉන්න ඕනේ. ඒත් හැම දෙයක්ම හදපු තැනැත්තා දෙවියන්.”

හෙබ්‍රෙව් 3:4

“ඉහළ අහස දිහා බලන්න. මේ දේවල් නිර්මාණය කළේ කවුද? සේනාවකට අණ දෙනවා වගේ ඒවා ගණන් කරලා ඒවාට අණ දෙන තැනැත්තායි. ඔහු ඒ හැම එකකටම නම කියලා අඬගහයි. ඔහුට තියෙන අතිමහත් ශක්තියත් ඔහුගේ පුදුමසහගත බලයත් නිසා ඒ හැම එකක්ම ඒවාට නියමිත ස්ථානවල සිටියි.”

යෙසායා 40:26