Skip to content

පටුනට යන්න

2වෙනි ප්‍රශ්නය

ඔයාට දෙවියන් ගැන ඉගෙනගන්න පුළුවන් කොහොමද?

“මේ නීතියේ තියෙන හැම දෙයක්ම පිළිපදින අරමුණින් රෑ දවල් දෙකේම ඒක කියවලා ඒ ගැන හොඳට කල්පනා කරන්න. ඒ ගැන නිතරම අනිත් අය එක්ක කතා කරන්න. එතකොට ඥානවන්ත තීරණ අරන් ජීවිතය සාර්ථක කරගන්න ඔයාට පුළුවන්.”

යොෂුවා 1:8

“ඒ අය දිගටම හැමෝටම ඇහෙන්න සැබෑ දෙවියන්ගේ නීතිය සඳහන් ලියවිල්ල කියවලා ඒකේ තියෙන දේවල් පැහැදිලි කරලා දුන්නා. ඒ දේවල්වල නියම අර්ථය තේරුම්ගන්න එයාලා සෙනඟට උදව් කළා.”

නෙහෙමියා 8:8

“දුෂ්ට අයගේ උපදෙස් පිළිගන්නේ නැති . . . කෙනා ඉන්නේ සතුටින්. යෙහෝවා දෙවියන්ගේ නීතිය කියවලා ඔහු ලොකු සතුටක් ලබයි. ඔහු දිවා රෑ ඒ නීතිය කියවලා ඒ ගැන ගැඹුරින් කල්පනා කරයි. . . . ඔහු කරන හැම දෙයක්ම සාර්ථක වෙයි.”

ගීතාවලිය 1:1-3

“ෆිලිප් එතනට දුවගෙන ගියාම එයාට ඇහුණා ඒ නිලධාරියා අනාගතවක්තෘ යෙසායාගේ ලියවිල්ල ශබ්ද නඟලා කියවනවා. ෆිලිප් එයාගෙන් මෙහෙම ඇහුවා. ‘ඔයා කියවන්නේ මොනවාද කියලා ඔයා දන්නවාද?’ එතකොට එයා කිව්වා ‘කාගෙවත් උදව්වක් නැතුව මං කොහොමද මේක තේරුම්ගන්නේ’ කියලා.”

ක්‍රියා 8:30, 31

“දෙවියන්ව පේන්නේ නැති වුණත් ඔහු හදපු දේවල් දිහා හොඳට බලලා ඔහු මොන වගේ කෙනෙක්ද කියලා අපිට තේරුම්ගන්න පුළුවන්. ලෝකය හදපු දවසේ ඉඳලා ඔහුගේ ගුණාංග පැහැදිලිව දකින්න තියෙනවා. ඔහු හදලා තියෙන දේවල්වලින් සදහටම තියෙන ඔහුගේ බලය ගැනත් ඔහු දෙවියන් කියන දේත් පැහැදිලි වෙනවා. ඒ සාක්ෂි පිළිගන්නේ නැතුව ඉන්න කිසිම සාධාරණ හේතුවක් නැහැ.”

රෝම 1:20

“ඒ දේවල් ගැන ගැඹුරින් කල්පනා කරන්න. ඔයාගේ මුළු ශක්තියම වැය කරලා ඒ දේවල් කරන්න. එතකොට ඔයා දියුණු වෙන විදිහ හැමෝටම දකින්න පුළුවන් වෙයි.”

1 තිමෝති 4:15

“එකිනෙකා ගැන අපි සැලකිලිමත් වෙමු. එතකොට ආදරේ පෙන්නන්නත් යහපත් දේවල් කරන්නත් එකිනෙකාව පොලඹවන්න අපිට පුළුවන් වෙයි. . . . එකට රැස් වෙන්න තියෙන අවස්ථා අතපසු . . . නොකර ඉමු.”

හෙබ්‍රෙව් 10:24, 25

“තමන්ට ප්‍රඥාව අඩුයි කියලා කෙනෙක්ට හිතෙනවා නම් එයාට පුළුවන් දිගටම දෙවියන්ගෙන් ප්‍රඥාව ඉල්ලන්න. එයාට අනිවාර්යයෙන්ම ඒක ලැබෙනවා. දොස් කියන්නේ නැතුව, දෙවියන් හරිම කැමැත්තෙන් හැමෝටම ප්‍රඥාව ලබා දෙනවා.”

යාකොබ් 1:5