Skip to content

පටුනට යන්න

17වෙනි ප්‍රශ්නය

පවුලක් විදිහට සතුටින් ඉන්න බයිබලය උදව් කරන්නේ කොහොමද?

සැමියාට/තාත්තාට

“ඒ විදිහට, ස්වාමිපුරුෂයනුත් තමන්ගේ ශරීරයට ආදරෙන් සලකනවා වගේ තමන්ගේ භාර්යාවන්ටත් ආදරෙන් සලකන්න ඕනේ. තමන්ගේ භාර්යාවට ආදරේ කරනවා කියන්නේ තමන්ටම ආදරේ කරනවා කියන එකයි. මොකද කිසිම කෙනෙක් කවදාවත් තමන්ගෙම ශරීරයට වෛර කරන්නේ නැහැ. ඒ වෙනුවට එයා එයාගේ ශරීරයට ඕනෙ කරන පෝෂණය දීලා හරිම ආදරෙන් ඒක බලාගන්නවා. . . . ඔයාලා එක් එක් කෙනා තමන්ටම ආදරේ කරනවා වගේ ඔයාලාගේ භාර්යාවන්ටත් ආදරේ කරන්න ඕනේ.”

එෆීස 5:28, 29, 33

“පියවරුනි, ඔයාලාගේ දරුවන්ගේ හිතේ කේන්තියක් ඇති වෙන විදිහට වැඩ කරන්න එපා. ඒ වෙනුවට යෙහෝවා දෙන හික්මවීම් සහ අවවාදවලට එකඟව දිගටම එයාලව ඇතිදැඩි කරන්න.”

එෆීස 6:4

බිරිඳට

“භාර්යාවනුත් එයාලාගේ ස්වාමිපුරුෂයන්ට මුළු හදවතින්ම ගෞරව කරන්න ඕනේ.”

එෆීස 5:33

“භාර්යාවෙනි, ඔයාලාගේ ස්වාමිපුරුෂයන්ට යටත් වෙලා ඉන්න. මොකද ඒ දේ ස්වාමීන්ගේ අනුගාමිකයන්ගෙන් බලාපොරොත්තු වෙනවා.”

කොලොස්සි 3:18

දරුවන්ට

“දරුවෙනි, ස්වාමීන්ගේ කැමැත්තට එකඟව ඔයාලාගේ අම්මා තාත්තාට කීකරු වෙන්න. මොකද දෙවියන් ඒක සලකන්නේ ධර්මිෂ්ඨ දෙයක් විදිහටයි. ‘ඔබේ පියාටත් මවටත් ගෞරව කරන්න.’ ඒක තමයි පොරොන්දුවක් එක්ක දීපු පළවෙනි ආඥාව. ඒ පොරොන්දුව තමයි, ‘ඒකෙන් ඔයාලට යහපතක් වෙයි. ඒ වගේම පොළොවේ ගොඩක් කල් ජීවත් වෙන්න ඔයාලට පුළුවන් වෙයි’ කියන එක.”

එෆීස 6:1-3

“දරුවෙනි, හැම දේකදීම ඔයාලාගේ අම්මා තාත්තාට කීකරු වෙන්න. මොකද ඔයාලා එහෙම කරද්දී ස්වාමීන් ගොඩක් සතුටු වෙනවා.”

කොලොස්සි 3:20