Skip to content

පටුනට යන්න

5වෙනි ප්‍රශ්නය

බයිබලයේ තියෙන පණිවිඩය මොකක්ද?

“ඔබ සහ ස්ත්‍රිය අතරෙත් ඔබෙන් පැවතෙන අය සහ ඇගෙන් පැවතෙන කෙනා අතරෙත් මම සතුරුකමක් ඇති කරනවා. ඔහු ඔබේ හිස පොඩි කරනවා. ඔබ ඔහුගේ විලුඹ තුවාල කරනවා.”

උත්පත්ති 3:15

“ඔයා මම කියන දේ ඇහුව නිසා ඔයාගෙන් පැවත එන කෙනා මාර්ගයෙන් පොළොවේ ඉන්න හැම ජාතියක්ම ආශීර්වාද ලබාගන්නවා.”

උත්පත්ති 22:18

“ඔබේ රාජ්‍යය පැමිණේවා! ඔබේ කැමැත්ත ස්වර්ගයේ ඉටු වෙනවා වගේ පොළොවෙත් ඉටු වේවා!”

මතෙව් 6:10

“ළඟදීම සමාදානය ලබා දෙන දෙවියන් සාතන්ව ඔයාලාගේ කකුල් යටට දාලා පොඩි කරලා දානවා.”

රෝම 16:20

“ඒත් දෙවියන් හැම දෙයක්ම තමන්ගේ පුතාට යටත් කරලා දුන්නාට පස්සේ පුතාත් තමන්ට හැම දෙයක්ම යටත් කරලා දුන්න තැනැත්තාට යටත් වෙනවා. එතකොට හැම දෙයක්ම පාලනය කරන එකම තැනැත්තා වෙන්නේ දෙවියන්.”

1 කොරින්ති 15:28

“දෙවියන් දුන්න පොරොන්දුව ගැන හිතන්න. ඔහු ඒක දුන්නේ ආබ්‍රහම්ටයි, එයාගෙන් පැවතෙන කෙනාටයි. . . . ඒ කෙනා තමයි ක්‍රිස්තුස්. ඒ වගේම ඔයාලා ක්‍රිස්තුස්ට අයිති අය නම් ඔයාලා ඇත්තටම ආබ්‍රහම්ගෙන් පැවතෙන අයයි.”

ගලාති 3:16, 29

“මේ ලෝකයේ පාලනය දැන් අපේ දෙවියන්ගේ අතටත් ඔහු ක්‍රිස්තුස් විදිහට තෝරපු තැනැත්තාගේ අතටත් පත් වෙලා. ඔහු සදාකාලයෙන් සදාකාලයටම රජකම් කරනවා.”

එළිදරව් 11:15

“ඒ විදිහට ඒ මහත් මකරාව පහතට හෙළුවා. ඒ මකරා තමයි යක්ෂයා කියලත් සාතන් කියලත් හඳුන්වන පොළොවේ ඉන්න හැමෝවම නොමඟ යවන මුල් සර්පයා. ඌව පොළොවට හෙළුවා. උගේ දූතයොත් ඌත් එක්කම පහතට හෙළුවා.”

එළිදරව් 12:9

“ඔහු මකරාව, ඒ කියන්නේ යක්ෂයා කියලත් සාතන් කියලත් හඳුන්වන මුල් සර්පයාව අල්ලලා අවුරුදු 1,000කට බැඳලා දැම්මා.”

එළිදරව් 20:2