Skip to content

පටුනට යන්න

19වෙනි ප්‍රශ්නය

බයිබලයේ තියෙන පොත්වල තියෙන්නේ මොනවාද?

හෙබ්‍රෙව් ලියවිල්ල (“පරණ ගිවිසුම”)

බයිබලයේ මුල් පොත් පහ:

උත්පත්ති, නික්මයාම, ලෙවී කතාව, ගණන් කතාව, ද්විතීය කතාව

පටන්ගැන්මේ ඉඳන් ඊශ්‍රායෙල් ජාතියේ බිහි වීම වෙන කල්

ඉතිහාසය ගැන තියෙන පොත් (පොත් 12යි):

යොෂුවා, විනිශ්චයකරුවෝ, රූත්

ඊශ්‍රායෙල් ජාතිය පොරොන්දු දේශයට ඇතුල් වෙන එක සහ ඊටපස්සේ වුණ දේවල්

1 සහ 2 සාමුවෙල්, 1 සහ 2 රාජාවලිය, 1 සහ 2 ලේකම්

යෙරුසලමේ විනාශය වෙන කල් ඊශ්‍රායෙල් ජාතියේ ඉතිහාසය

එස්රා, නෙහෙමියා, එස්තර්

බැබිලෝනියේ වහල්භාවයෙන් නිදහස් වෙලා ආවාට පස්සේ යුදෙව්වන්ගේ ඉතිහාසය

කාව්‍යමය විදිහට ලියපු පොත් (පොත් 5යි):

යෝබ්, ගීතාවලිය, හිතෝපදේශ, දේශනාකාරයා, සලමොන්ගේ ගීතිකාව

ප්‍රඥාවන්ත කියමන් සහ ගීතිකා

අනාවැකි තියෙන පොත් (පොත් 17යි):

යෙසායා, යෙරෙමියා, විලාප ගී, එසකියෙල්, දානියෙල්, හොෂෙයා, යෝවෙල්, ආමොස්, ඔබදියා, යෝනා, මීකා, නාහුම්, හබක්කුක්, ශෙපනියා, හග්ගයි, සෙකරියා, මලාකි

දෙවියන්ගේ සෙනඟ ගැන කියපු අනාවැකි

ක්‍රිස්තියානි ග්‍රීක ලියවිල්ල (“අලුත් ගිවිසුම”)

සුවිශේෂ හතර (පොත් 4යි):

මතෙව්, මාක්, ලූක්, යොහන්

යේසුස්ගේ ජීවිතය සහ දේවසේවය ගැන විස්තර

නියෝජිතයන්ගේ ක්‍රියා (පොත් 1යි):

ක්‍රිස්තියානි සභාවේ ආරම්භය සහ දේවසේවය ගැන විස්තර

ලියුම් (පොත් 21යි):

රෝම, 1 සහ 2 කොරින්ති, ගලාති, එෆීස, ෆිලිප්පි, කොලොස්සි, 1 සහ 2 තෙසලෝනික

ක්‍රිස්තියානි සභාවලට ලියපු ලියුම්

1 සහ 2 තිමෝති, තීතස්, ෆිලෙමොන්

එක් එක් පුද්ගලයන්ට ලියපු ලියුම්

හෙබ්‍රෙව්, යාකොබ්, 1 සහ 2 පේතෘස්, 1, 2 සහ 3 යොහන්, යූද්

ක්‍රිස්තියානීන්ට ලියපු ලියුම්

එළිදරව් (පොත් 1යි):

නියෝජිත යොහන්ට දකින්න සලස්වපු අනාවැකි ඇතුළත් දර්ශන