Skip to content

පටුනට යන්න

7වෙනි ප්‍රශ්නය

අපේ කාලේ ගැන බයිබලයේ කියලා තියෙන්නේ මොනවාද?

“ජාතියක් ජාතියකට විරුද්ධවත් රාජ්‍යයක් රාජ්‍යයකට විරුද්ධවත් සටන් කරයි. . . . ඒ හැම දේකින්ම තේරෙයි හරිම අමාරු කාලයක් පටන් අරන් කියලා.”

මතෙව් 24:7, 8

“බොරු අනාගතවක්තෘවරු හුඟදෙනෙක් ඇවිත් ගොඩක් අයව නොමඟ යවයි. මිනිස්සුන්ගේ දුෂ්ටකම් එන්න එන්නම වැඩි වෙන නිසා වැඩිදෙනෙක්ගේ හිත්වල තියෙන ආදරය ටිකෙන් ටික අඩු වෙලා යයි.”

මතෙව් 24:11, 12

“ළඟපාත වෙන යුද්ධ ගැනත් දුර ඈත වෙන යුද්ධ ගැනත් ඔයාලට ආරංචි වෙයි. ඒත් කලබල වෙන්න එපා. ඒ දේවල් සිද්ධ වෙන්න ඕනේ. ඒත් අවසානය තාම ඇවිත් නැහැ.”

මාක් 13:7

“දරුණු භූමිකම්පාත් ඇති වෙයි. ඒ වගේම හැම තැනකම වගේ වසංගත සහ කෑම හිඟකම් ඇති වෙයි. මිනිස්සු හුඟක් බය හිතෙන දේවල් දකියි. අහසේ පුදුම හිතෙන ලකුණුත් දකින්න ලැබෙයි.”

ලූක් 21:11

“අන්තිම දවස්වලදී හරිම අනතුරුදායක, ජීවත් වෙන්න අමාරු කාලයක් එනවා. මොකද ඒ කාලේ ජීවත් වෙන්නේ තමන් ගැන විතරක් හිතන, සල්ලිවලට කෑදර, මහ ඉහළින් කතා කරන, උඩඟු අය. එයාලා දෙවියන්ටත් මිනිස්සුන්ටත් අපහාස කරනවා. දෙමාපියන්ට අකීකරු වෙනවා. එයාලට කවුරු ගැනවත් කිසිම අගයක් නැහැ. එයාලා අනිත් අයට ද්‍රෝහි වෙනවා. තමන්ගෙම පවුලේ අය ගැනවත් එයාලට කිසිම සෙනෙහසක් නැහැ. එයාලා කිසිම දෙයක් ගැන එකඟ වෙන්නේ නැති, බොරු කියලා අනිත් අයට නින්දා කරන, තමන්වම පාලනය කරගන්න බැරි, දරුණු අය. එයාලා යහපත් දේ පිළිකුල් කරනවා. අනිත් අයව පාවලා දෙනවා. එයාලා හිතුවක්කාර, අහංකාර අය. එයාලා ආදරේ කරන්නේ දෙවියන්ට නෙමෙයි විනෝදයට. එයාලා අනිත් අයට පේන්න දෙවියන්ට ලොකු භක්තියකින් සේවය කළත් එයාලා ජීවත් වෙන විදිහෙන් එයාලා කරන්නේ බොරුවක් කියලා ඔප්පු වෙනවා.”

2 තිමෝති 3:1-5