Skip to content

පටුනට යන්න

12වෙනි ප්‍රශ්නය

මැරුණ අයව අපිට ආයෙත් දකින්න පුළුවන් වෙයිද?

“මේ ගැන පුදුම වෙන්න එපා. සොහොන් ගෙවල්වල ඉන්න හැමෝටම ඔහුගේ හඬ ඇහෙන කාලය එනවා. ඒ හඬ ඇහුණාම ඒ හැමෝම එළියට එනවා.”

යොහන් 5:28, 29

“දෙවියන් ධර්මිෂ්ඨ අයව වගේම අධර්මිෂ්ඨ අයවත් මරණයෙන් නැවත නැඟිට්ටවනවා.”

ක්‍රියා 24:15

“මිය ගිය හැම තරාතිරමකම අය සිංහාසනය ඉස්සරහා හිටගෙන ඉන්නවා මං දැක්කා. ඒ වෙලාවේ අකුළලා තිබුණ ලියවිලි දිගහැරියා. ඊටපස්සේ තවත් ලියවිල්ලක් දිගහැරියා. ඒ තමයි ජීවන ලියවිල්ල. මිය ගිය අයව ඒ ලියවිලිවල සටහන් කරලා තිබුණ දේවල්වලට අනුවත් එයාලාගේ ක්‍රියාවලට අනුවත් විනිශ්චය කළා. මුහුද ඒකේ හිටපු මිය ගිය අයව භාර දුන්නා. මරණය සහ මිනී වළත් මිය ගිය අයව භාර දුන්නා. ඒ එක් එක් කෙනාව එයාලා කරපු දේවල්වලට අනුව විනිශ්චය කළා.”

එළිදරව් 20:12, 13