Skip to content

පටුනට යන්න

8වෙනි ප්‍රශ්නය

මිනිස්සු දුක් විඳින එකට වග කියන්න ඕනෙ දෙවියන්ද?

“සැබෑ දෙවියන් කවදාවත් දුෂ්ට විදිහට වැඩ කරයිද? සියලු බලැති දෙවියන් වැරදි දෙයක් කරයි කියලා හිතන්න පුළුවන්ද? ඒ වගේ සිතුවිල්ලක්වත් ඔහුගේ හිතට එන්නේ නැහැ.”

යෝබ් 34:10

“ප්‍රශ්නවලට මුහුණ දෙන කෙනෙක්, ‘දෙවියන් මාව පරීක්ෂා කරනවා’ කියලා කියන්න හොඳ නැහැ. නපුරු දේවල් කරන්න දෙවියන්ව පොලඹවන්න කාටවත් බැහැ. දෙවියනුත් නපුරු දේවල් කරලා කාවවත් පරීක්ෂා කරන්නේ නැහැ.”

යාකොබ් 1:13

“ඔයාලාගේ හිතේ තියෙන හැම කරදරයක්ම ඉක්මනින්ම ඔහුට භාර දෙන්න. මොකද ඔහු ඔයාලා ගැන ගොඩක් හිතනවා.”

1 පේතෘස් 5:7

“සමහර අය හිතන්නේ යෙහෝවා තමන් දීපු පොරොන්දු ඉටු කරන්න පරක්කු වෙනවා කියලයි. ඒත් ඔහු පරක්කු වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔහු ඔයා ගැන ඉවසනවා. මොකද ඔහු කැමති නැහැ කිසිම කෙනෙක් විනාශ වෙනවා දකින්න. ඔහුට ඕනෙ හැමෝටම පසුතැවිලි වෙන්න අවස්ථාව දෙන්නයි.”

2 පේතෘස් 3:9