Skip to content

පටුනට යන්න

15වෙනි ප්‍රශ්නය

සතුටින් ඉන්න පුළුවන් කොහොමද?

“හිතේ වෛරය තියාගෙන හරක් මස් කනවාට වඩා ආදරෙන් එළවළු ටිකක් කන එක හොඳයි.”

හිතෝපදේශ 15:17

“යෙහෝවා වන මමයි ඔබේ දෙවියන්. ඔබේම යහපත වෙනුවෙන් ඔබට උගන්වන්නේ මමයි. ඔබ යන්න ඕනෙ පාර ඔබට පෙන්නලා දෙන්නෙත් මමයි.”

යෙසායා 48:17

“දෙවියන්ගේ මඟ පෙන්වීම් තමන්ට නිතරම ඕනෙ කියලා තේරුම් අරන් ඉන්න අය සන්තෝෂවත්. මොකද ස්වර්ග රාජ්‍යය අයිති ඒ අයටයි.”

මතෙව් 5:3

“ඔයාලා ඔයාලටම ආදරේ කරනවා වගේ ඔයාලාගේ අසල්වැසියාටත් ආදරේ කරන්න.”

මතෙව් 22:39

“අනිත් අය ඔයා වෙනුවෙන් යම් දෙයක් කරනවාට ඔයා කැමති නම් ඔයාත් ඒ දේම ඒ අය වෙනුවෙන් කරන්න.”

ලූක් 6:31

“ඇත්තටම සතුටින් ඉන්නේ දෙවියන් කියන දේ අහලා ඒක පිළිපදින අයයි.”

ලූක් 11:28

“කෙනෙක්ට කොච්චර දේවල් තිබුණත් එයා ජීවත් වෙන්නේ ඒ දේවල් නිසා නෙමෙයි.”

ලූක් 12:15

“ඒ නිසා අපිට කෑම බීම, ඇඳුම් පැලඳුම් තියෙනවා නම් අපි ඒ දේවල්වලින් සෑහීමට පත් වෙමු.”

1 තිමෝති 6:8

“ලැබීමට වඩා දීමෙන් වැඩි සතුටක් ලැබෙනවා.”

ක්‍රියා 20:35