Skip to content

පටුනට යන්න

16වෙනි ප්‍රශ්නය

හිතට බරක් වෙන දේවල් දරාගන්නේ කොහොමද?

“ඔබේ හිතේ තියෙන හැම බරක්ම යෙහෝවාට භාර දෙන්න. ඔහු ඔබව ශක්තිමත් කරනවා. ඔහු කවදාවත් ධර්මිෂ්ඨයාට වැටෙන්න ඉඩ දෙන්නේ නැහැ.”

ගීතාවලිය 55:22

“කඩිසර කෙනාගේ සැලසුම් සාර්ථක වෙයි. ඒත් හිතන්නේ බලන්නේ නැතුව හදිස්සියෙන් වැඩ කරන කෙනා දුප්පතෙක් වෙයි.”

හිතෝපදේශ 21:5

“බය වෙන්න එපා. මම ඔබ එක්කම ඉන්නවා. කලබල වෙන්න එපා. මොකද ඔබේ දෙවියන් මමයි. මම ඔබව ශක්තිමත් කරනවා. ඔබට උදව් කරනවා. යුක්තිය ඉටු කරන මගේ දකුණතින් මම ඔබව අල්ලගන්නවා. ඔබව කොහොමටවත් අත්හරින්නේ නැහැ.”

යෙසායා 41:10

“කනස්සලු වුණා කියලා ඔයාලාගේ ආයු කාලය එක මොහොතකින් හරි දික් කරගන්න ඔයාලාගෙන් කාට හරි පුළුවන්ද?”

මතෙව් 6:27

“ඉතින් කවදාවත් හෙට දවස ගැන කනස්සලු වෙන්න එපා. මොකද අද වගේම හෙට දවසෙත් කරදර තියෙයි. හැම දවසකම කරදර තියෙනවා කියලා මතක තියාගන්න.”

මතෙව් 6:34

‘වඩා වැදගත් දේවල් මොනවාද කියලා තේරුම්ගන්න.’

ෆිලිප්පි 1:10

“කිසිම දෙයක් ගැන හිතහිත වධ වෙන්න එපා. ඒ වෙනුවට නිතරම දෙවියන්ට යාච්ඤා කරන්න. හැම වෙලාවෙම ඔහුගෙන් මඟ පෙන්වීම් ඉල්ලලා ඔහුට කන්නලව් කරන්න. අමතක කරන්නේ නැතුව හැම වෙලේම ඔහුට ස්තුති කරන්න. එහෙම කරනවා නම් දෙවියන් ඔයාලට සමාදානය දෙයි. ඒ සමාදානය ඔයාලාගේ හදවතයි, සිතුවිලියි ආරක්ෂා කරයි. ක්‍රිස්තුස් යේසුස්ව ආදර්ශයට ගන්න අය විදිහට ඔයාලට ඒ සමාදානය අද්දකින්න පුළුවන් වෙයි. දෙවියන් ලබා දෙන සමාදානය කිසිම මනුස්සයෙක්ට තේරුම්ගන්න බැහැ.”

ෆිලිප්පි 4:6, 7