Skip to content

පටුනට යන්න

14වෙනි ප්‍රශ්නය

දේපළ, සල්ලි ගැන බයිබලයේ කියන්නේ මොනවාද?

“විනෝදයෙන්ම කල් ගෙවන කෙනා දුප්පතෙක් වෙයි. වයින්වලටත් තෙල්වලටත් අධික ආශාවක් තියෙන කෙනා පොහොසතෙක් වෙන්නේ නැහැ.”

හිතෝපදේශ 21:17

“ණයට ගත්ත කෙනා ණයට දුන්න කෙනාගේ සේවකයෙක්.”

හිතෝපදේශ 22:7

“හිතන්න ඔයාලාගෙන් කෙනෙක්ට ගොඩනැඟිල්ලක් හදන්න ඕනෙ වෙනවා කියලා. ඒක හදලා ඉවර කරන්න ඕනෙ කරන සල්ලි එයා ළඟ තියෙනවාද කියලා එයා මුලින්ම ගණන් බලන්නේ නැද්ද? එහෙම කළේ නැත්නම් එයාට දාන්න වෙන්නේ ඒකේ අත්තිවාරම විතරයි. ඒක හදලා ඉවර කරන්න එයාට බැරි වෙයි. එතකොට බලන් ඉන්න අය එයාට හිනා වෙලා මෙහෙම කියයි. ‘මේ මනුස්සයාට පටන්ගත්ත වැඩේ ඉවර කරගන්නවත් බැරි වුණානේ.’”

ලූක් 14:28-30

“සෙනඟ ඇති වෙන්න කෑම කෑවාට පස්සේ ඔහු ගෝලයන්ට මෙහෙම කිව්වා. ‘ඉතුරු කෑම එකතු කරන්න. කිසිම දෙයක් අපතේ යවන්න එපා.’”

යොහන් 6:12