Skip to content

පටුනට යන්න

පිබිදෙව්! 2017 අංක 3 | බයිබලයේ තියෙන්නේ කාගේ අදහස්ද?

බයිබලයේ තියෙන්නේ දෙවියන්ගේ අදහස්ද? නැත්නම් මිනිසුන්ගේ අදහස්ද?

බයිබලයේ තියෙන්නේ දෙවියන්ගේ අදහස් කියලා ඔප්පු කරන්න තියෙන සාක්ෂි තුනක් මේ ‘පිබිදෙව්!’ සඟරාවේ පෙන්වනවා.

 

මුල් පිටුවෙන්

බයිබලය ‘දෙවියන්ගේ මඟ පෙන්වීමෙන්’ ලැබුණු පොතක්ද?

බයිබලයට දෙවියන්ගේ යම් සම්බන්ධයක් තියෙනවා කියලා සමහර අය කියනවා. ඒත් තවත් අය කියන්නේ බයිබලයේ තියෙන්නේ මිනිසුන් ලියපු ප්‍රබන්ධ කතා, ඉතිහාස කතා සහ නීති කියලයි.

මුල් පිටුවෙන්

බයිබලය හැම අතින්ම නිවැරදියි

ජල චක්‍රය, කලලයක වර්ධනය වගේ දේවල් ගැන තොරතුරු විද්‍යාඥයන් හොයාගන්න ගොඩාක් කාලෙකට කලින් බයිබලයේ ඒ ගැන නිවැරදිව කියලා තිබුණා. ඒ විතරක් නෙවෙයි බලවත් අධිරාජ්‍යයන්වල නැඟීම සහ වැටීම වගේම ජීවිතේ වැදගත් ප්‍රශ්නවලට උත්තරත් බයිබලයේ තියෙනවා.

මේ ඔබේ පවුලටයි

ගෙදර දොරේ වැඩවලට දරුවන්වත් හවුල් කරගන්න

ඔයාලා දරුවන්ව ගෙදර වැඩවලට හවුල් කරගන්නේ නැද්ද? දරුවන්වත් වැඩවලට හවුල් කරගන්න එකේ කොච්චර ප්‍රයෝජන තියෙනවාද කියලා දැනගන්න.

ආන්ත්‍රික ස්නායු පද්ධතිය - තවත් මොළයක්ද?

මේ සංකීර්ණ “රසායනික කම්හල” ඔයාගේ ජීර්ණ පද්ධතිය පුරා විහිදිලා තියෙනවා. ඒකෙන් ඔයාගේ ශරීරයට ලැබෙන ප්‍රයෝජන මොනවාද?

පිළිසඳරක්

පරිගණක මෘදුකාංග ඉංජිනේරුවෙක් ඔහුගේ විශ්වාසය ගැන කියයි

ගණිතඥයෙක් විදිහට සේවය කරපු ෆෑන් යූ කලින් දෙවිකෙනෙක්ව විශ්වාස කළේ නැහැ. ඒත් හැම දෙයක්ම දෙවි කෙනෙක් නිර්මාණය කළා කියලා පස්සේ කාලෙක ඔහුට විශ්වාසයක් ඇති වුණා. ඒ කොහොමද කියලා දැනගන්න.

බයිබලයෙන් පිළිතුරක්

දේවදූතයන්

පොත් පත්වල, චිත්‍රපටිවල දේවදූතයන්ගේ පින්තූර අපි දැකලා තියෙනවා. බයිබලයේ දේවදූතයන් ගැන සඳහන් වෙලා තියෙන්නේ මොනවාද?

නිර්මාණයක්ද?

මුහුදු බල්ලාගේ සුපිරි ලොම් කබාය

සීතල වතුරේ ජීවත් වෙන ක්ෂීරපායි සතුන්ට උන්ගේ හමට යටින් තියෙන ගනකම් තෙල් තට්ටුව නිසා ශරීර උෂ්ණත්වය හරි ගාණට තියාගන්න පුළුවන්. ඒත් මුහුදු බල්ලාට ඒකට උදව් වෙන්නේ වෙනස්ම දෙයක්.

තවත් අංග

මීට වඩා නිදහසක් තිබ්බා නම් . . .

ඔයා ආසයි ඔයාට ටිකක් වැඩිපුර නිදහස දෙනවා නම්. ඒත් ඔයාගේ දෙමව්පියන් නම් ඒ අදහසට කැමති නැහැ. ඔයාට දෙමව්පියන්ගේ විශ්වාසය දිනාගන්න පුළුවන් කොහොමද?

බයිබලය කාගෙන් ලැබුණු පොතක්ද?

බයිබලය ලිව්වේ මිනිසුන් නම් ඒකට දෙවිගේ වචනය කියලා කියන්නේ කොහොමද? බයිබලයේ තියෙන්නේ කාගේ අදහස්ද?