Skip to content

පටුනට යන්න

විද්‍යාඥයන් දන්නේ නැති දේ

විද්‍යාඥයන් දන්නේ නැති දේ

විද්‍යාඥයන් මේ වෙද්දී විශ්වය ගැන ගොඩක් තොරතුරු අධ්‍යයනය කරලා තියෙනවා. හැබැයි වැදගත් ප්‍රශ්නවලට උත්තර එයාලා දන්නේ නැහැ.

විශ්වය සහ ජීවය ආරම්භ වුණේ කොහොමද කියලා විද්‍යාඥයන් හොයාගෙන තියෙනවාද? නැහැ. සමහරු හිතනවා විශ්වය ගැන අධ්‍යයනය කරන විද්‍යාඥයන්ට විශ්වය ආරම්භ වුණ විදිහ ගැන පැහැදිලි කරන්න පුළුවන් කියලා. හැබැයි දෙවි කෙනෙක් ඉන්නවාද කියන එක ගැන සැක කරන තාරකා විද්‍යා මහාචාර්යවරයෙක් වන මාසිලෝ ග්ලීසර් මෙහෙම කියනවා. “විශ්වය ආරම්භ වුණේ කොහොමද කියන එක ගැන අපි මේ වෙන කල් කිසිම පැහැදිලි කිරීමක් කරලා නැහැ.”

ඒ වගේම අදහසක් විද්‍යා සඟරාවක මෙහෙම තිබුණා. “පෘථිවියේ ජීවය ආරම්භ වුණේ කොහොමද කියලා හරියටම තීරණය කරන්න ගොඩක් අමාරු වෙයි. මොකද ඒකට උදව් වෙන පාෂාණ, ෆොසිල වගේ භූගෝලීය සාක්ෂි දැන් හොයාගන්නත් නැහැ.” (Science News) විශ්වයෙත් ජීවයෙත් ආරම්භය ගැන විද්‍යාවෙන් තවම හොයාගෙන නැහැ කියලා ඒකෙන් පැහැදිලියි නේද?

සමහරවිට ඔයාට මෙහෙම හිතෙයි. ‘පොළොවේ ඉන්න ජීවීන්ව කවුරු හරි කෙනෙක් නිර්මාණය කළා නම් ඒ කවුද? අපි ගැන සැලකිලිමත් වෙන බුද්ධිමත් නිර්මාණකරුවෙක් ඉන්නවා නම් මිනිසුන්ට මෙච්චර දුක් විඳින්න ඔහු ඉඩ දීලා තියෙන්නේ ඇයි? මෙච්චර ආගම් ඇති වෙන්න ඔහු ඉඩ දීලා තියෙන්නේ ඇයි? ඔහුව අදහන අයට මෙච්චර දුෂ්ට දේවල් කරන්න ඉඩ දීලා තියෙන්නේ ඇයි?’

ඒ ප්‍රශ්නවලට උත්තර අපිට විද්‍යාවෙන් හොයාගන්න බැහැ. හැබැයි උත්තර හොයාගන්න පුළුවන් විදිහක් තියෙනවා. හුඟක් අය ඒ ප්‍රශ්නවලට පිළිගන්න පුළුවන් උත්තර බයිබලෙන් හොයාගෙන තියෙනවා.

බයිබලේ තියෙන තොරතුරු ගැන අධ්‍යයනය කරපු සමහර විද්‍යාඥයනුත් පිළිගන්නවා හැම දෙයක්ම හදපු කෙනෙක් ඉන්නවා කියලා. ඒ වගේ තොරතුරු ගැන දැනගන්න කැමති නම් jw.org වෙබ් අඩවියේ “නොදුටු පැත්ත හෙළි වෙයි” කියන කොටස බලන්න.